leader s

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබා දීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අය කර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් විසින් ඊයේ (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.


මෙම දැනුම්දීම සිදුකෙරුණේ පොලිතින් භාවිතය තුළින් සිදුවන පාරිසරික විනාශය අවම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා ඒවා භාවිත කිරීම අවම කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා 'පරිසර යුක්ති කේන්ද්‍රය' විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ය.

මෙම නඩුකරයට අදාළව 'පරිසර යුක්ති කේන්ද්‍රය' විසින් ඉදිරිපත් කළ මෝසමක් ඊයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත් අබේකෝන් යන විනිසුරු වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

shoping bags

එහි දී සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළෙඳ ආයතනවලින් පාරිභෝගිකයින්ට නිකුත් කරනු ලබන ෂොපිං මලු භාවිතය අවම කිරීම සඳහා ඒ මත කිසියම් බද්දක් පැනවීමට කටයුතු කරන බවට 2024 වසරේ මාර්තු මස 28 වනදා පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට එකඟතාවයක් පළ කර තිබු බව එම මෝසමේ සඳහන් කර තිබුණි.

එම එකඟතාවය අනුව වගඋත්තරකරුවන් ක්‍රියා කර නොමැති බව ද ඒ හේතුවෙන් මෙම මෝසම ඉදිරිපත් කිරීමට සිදුවූ බව ද 'පරිසර යුක්ති කේන්ද්‍රය' වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ පවසා තිබේ.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා සඳහන් කළේ නොවැම්බර් මස පළමුවනදා සිට ෂොපිං මලු සඳහා කිසියම් ගාස්තුවක් අයකිරීමට හැකිවන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ය.

ඒ අනුව එම දැනුම් දීමට පරිසරය යුක්ති කේන්ද්‍රය විසින් එකඟතාව පළ කළ අතර ඒ අනුව නඩු විභාගය ඉන් අවසන් කිරීමට ද නියම විය.

පොලිතීන් පාරිභෝගික කටයුතුවලදී පහසුව සහ අඩු මිල ගෙන ආවද පොලිතීන් භාවිතය රටට බරපතල අභියෝගයක් වී ඇත. නිසි ලෙස බැහැර නොකිරීම නිසා ගොඩබිම, ඇළ දොළ සහ මුහුදට පොලිතීන් එකතු වීම මත ශ්‍රී ලංකාව සාමුද්‍රික දූෂණයට වැඩිපුරම දායක වන රටවල් අතර සිටී.

 

garbage
ජනාවාස ආශ්‍රිත කසළ සංචිතය වශයෙන් දිනකට ලන්ච් ෂීට් මිලියන 15 ක් වැනි විශාල පොලිතීන් ප්‍රමාණයක් එකතු වීම කසළ අංගන පිරී යාමට සහ අපද්‍රව්‍ය කළමනාකරණය අපහසු වීමට හේතු වී ඇත.

ගෘහාශ්‍රිත සේම වන සතුන් ආහාර සමඟ පොලිතීන් අනුභව කිරීම නිසා ආහාර ජීර්ණ පද්ධතියේ අවහිරතා ඇති වී මිය යාම ද දිනෙන් දින ඉහළ යනු දක්නට ලැබේ. පාරිභෝගික පොලිතීන් අපද්‍රව්‍ය බොහෝ විට දූෂිත වන බැවින් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම අපහසු හෝ ඉතා වියදම් සහිත වේ.

Elephant in Garbage dump 2c
අප ද්‍රව්‍ය බැහැර කිරීම කළමනාකරණය කිරීමේ දී ශ්‍රී ලංකාව පොලිතීන් රහිත රාජ්‍යයක් බවට පත් කිරීම තිරසාර විසඳුමක් සොයා ගැනීම ඉතා අවශ්‍ය සේම දිනෙන් දිනම කල් ගත වූ ගැටළුවක් ව තිබූ බව අප කාටත් මතක ය. නමුත් පොලිතීන් භාවිතය වෙනුවට සුදුසු විකල්පයක් හඳුන්වා නොදීම හේතුවෙන් එම ඉදිරි ගමන මේ දක්වා කල් ගත වී තිබේ.

animal polytheneඅතීතයේ අප රටේ ග්‍රාමීය වෙළඳ සල් වල ආහාර ඔතා දීම සඳහා කෙසෙල්, කැන්ද, හල්මිල්ල ආදී ශාක පත්‍ර යොදා ගත් අතර මේ වන විට ඒවා භාවිතය මුළුමනින් අතුරුදන් ව බහුල වශයෙන් ම භාවිතා කරන ඇසුරුම් වර්ගය ලෙස පොලිතීන් බවට පත්ව තිබේ.

ලොව පුරා දක්නට ඇති මෙම ප්‍රවණතාව නිසා සිදු වන පාරිසරික විනාශය ලෝකයේ ජෛවමය යහ පැවැත්මට පවා තීරණාත්මක තර්ජන එල්ල කරන බව මේ වන විට තහවුරු වී තිබේ. කොටින්ම පොලිතීන් හේතුවෙන් විනාශ වී යන මිහිකත සහ සත්ත්ව සම්පත රැක ගැනීම සඳහා පරිසර හිතකාමී විකල්පයන් භාවිතා කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී දැන් සෑහෙන කලක් ඉක්ම ගොසිනි.

අප ගේ එදිනෙදා දෛනික ජීවිතයේ පොලිතීන් කවර භාවිත වන ප්‍රධාන ආකාර සහ ඒ ආශ්‍රිත තත්ත්වයන් මේ වන විට මෙලෙස වර්ගීකරණය කළ හැක.

Plastic Shopping Bag

අප අතර බහුලවම භාවිත වන පාරිභෝගික පොලිතීන් නිෂ්පාදන වනුයේ පොලිතීන් යනු බෑග්, තහඩු, බෝතල්, කෝප්ප, භාජන ආදී බොහෝ නිෂ්පාදන සඳහා භාවිතා වන පොලිඑතිලීන් (Polyethylene-PE) ප්ලාස්ටික් වර්ගයයි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර බහුලවම භාවිත වන පොලිතීන් නිෂ්පාදන වනුයේ සිල්ලර කඩ සහ සුපිරි වෙළඳසැල් බෑග්: භාණ්ඩ රැගෙන යාම සඳහා High Density Polyethylene (HDPE) සහ Low Density Polyethylene (LDPE) වලින් නිපදවන ෂොන් බෑග් ය.. මේවායින් බොහොමයක් ‘තනි භාවිත’ (Single Use) ගණයට වැටේ.


a woman eating yogurt for diabetes
ආහාර ඇසුරුම් (ලන්ච් ෂීට්): ආහාර ඔතා ගැනීමට භාවිතා කරන ලන්ච් ෂීට් (2007 සහ 2017 වසරවල දී ශ්‍රී ලංකාව විසින් මයික්‍රෝන 20ට අඩු පොලිතීන් තහඩු තහනම් කරන ලදී. නමුත් මේවා තවමත් භාවිතා වේ. ඒ අතරේ ෂැම්පු, සෝස්, ජෑම් වැනි නිෂ්පාදන අඩංගු කුඩා පොලිතීන් පැකට් (එකවරක් පමණක් භාවිත කර ඉවතලන ) සේම බිස්කට්, ටොෆි, රසකැවිලි සහ වෙනත් ආහාර ද්‍රව්‍ය ඔතා ඇති ආවරණ සේම යෝගට් කෝප්ප, කිරි පැකට්, බීම බෝතල් සහ ගෘහස්ථ රසායන ද්‍රව්‍ය අඩංගු භාජන ද මේ ගණයට අයත් වේ.

මෙම ගැටලුව හමුවේ, ශ්‍රී ලංකාව රජයේ පරිසර අමාත්‍යංශය ක්‍රියාත්මක කරන මෙම පියවර අතිශය සාධනීය එකක් වන බව අප ගේ විශ්වාසය. එමෙන්ම මෙය පොලිතින් භාවිතය තුළින් සිදුවන පාරිසරික විනාශය අවම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා ඒවා භාවිත කිරීම අවම කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ධිඨාකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ 'පරිසර යුක්ති කේන්ද්‍රය' ලත් සුවිශේෂ ජයක් බව ද නොකියාම බැරි ය.

 




renuka damayanthi psd
(සටහන | ඒ.ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - vinivida.lk)
 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්