leader s

ශ්‍රී ලංකාවේ කාලයෙන් කාලයට ඇතිවන රැලි අතරට අලුතින්ම එක් වී ඇත්තේ නෙළු මල් නැරඹීමේ රැල්ලය.

මේ දිනවල හෝර්ටන් තැන්නේ අඳුරු පතන් බිම් වසා පැතිරීගෙන දම් සහ නිල් පැහැයෙන් පිපී ඇති නෙළු මල් නැරඹීම පිණිස අධික ජනගහනයක් මේ ප්‍රදේශයට ඇදී එමින් සිටින අතර අධික සංචාරක ආගමනය හේතුවෙන් මේ සංවේදී පරිසර කලාපයේ ඇතැම් ස්ථානවලට හානි සිදුවී ඇති බවට ද වාර්තා වී තිබේ.

සංචාරකයන් නෙළු මල් නැරඹීම සඳහා මෙතරම් උනන්දු වී ඇත්තේ මේ නෙළු මල් පිපෙන්නේ වසර 12කට වරක් පමණක් නිසාය. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ වන විටත් මෙම දුර්ලභ දසුන දැක බලා ගැනීම සඳහා කඳුකරයට ඇදී යමින් සිටින්නේ, මෙය ජීවිත කාලය තුළ අත්විඳිය හැකි සුවිශේෂී මොහොතක් වන බැවිනි.

n3

නෙළු මල් පිපීම යනු හුදෙක් ශාකයක මල් හට ගැනීමක් නොවේ. එය හෝර්ටන් තැන්න වැනි සුවිශේෂී පරිසර පද්ධතිවලට ආවේණික වූ සංසිද්ධියකි. මෙම ශාක අවුරුදු 8 ත් 12 ත් අතර කාලයක් පුරා වර්ධනය වී, සියලු ශක්තිය එක්රැස් කරගෙන, එකම කාල පරිච්ඡේදයක් තුළ මුළු යාය පුරාම මල් පිපීම ආරම්භ කරයි.

අවසන් වරට විශාල වශයෙන් නෙළු වසන්තය උදාවූයේ 2013 වසරේදීය. එමෙන්ම, ඉන් වසර 12කට පසු, නැවතත් මේ දිනවල නෙළු මල් පිපී ඇත්තේ සොබාදහමේ දින දර්ශනය නිවැරදි බව නැවත වරක් සනාථ කරමිනි.

නෙළු මල්වල ඇති ප්‍රධානම විශේෂත්වය වන්නේ මේවා ‘ඒකවාරඵලීන‘ (monocarpic) ස්වභාවය නිසාය. එනම්, මෙම ශාකය ජීවිත කාලය තුළ එකම වරක් පමණක් මල් පිපී, බීජ හට ගත් පසු මුළු ශාකයම මිය යාමය7. ඇතැමුන් ආදරයෙන් මෙය හඳුන්වන්නේ “මව් මරා උපදින නෙළු” ලෙසටයි.

 

n1

විද්‍යාඥයන් පවසන්නේ, මෙම දීර්ඝ කාලීන චක්‍රය සහ සමූහ වශයෙන් මල් පිපීම ශාකයට පරිණාමීය වාසියක් ගෙන දෙන බවයි. කෙටි කාලයක් තුළ විශාල වශයෙන් මල් පිපීම නිසා, පරාගනය කරන්නන් (විශේෂයෙන් මී මැස්සන්) එකවර විශාල ප්‍රමාණයක් ආකර්ෂණය වේ. එසේම, සියලුම ශාක එකවර මිය ගොස් බීජ නිකුත් කරන විට, සතුන්ට එම බීජ සියල්ල එකවර ආහාරයට ගැනීමට නොහැකි වී සාර්ථක බීජ ව්‍යාප්තියක් සිදුවේ.

vb46u56

 

නෙළු මල් (Strobilanthes) වසර 12කට වරක් මහා පරිමාණයෙන් පිපෙන මෙම සුවිශේෂී චක්‍රය පිළිබඳව මුලින්ම නිරීක්ෂණය කරමින්, අනාවැකි පළ කළ පුද්ගලයා වන්නේ ඉංග්‍රීසි වතු හිමියෙකු වූ තෝමස් ෆාර් ය. ඔහු හෝර්ටන් තැන්නේ ‘ෆාර් බංගලාව’ (Farr Inn) ඉදිකරමින් එහි වාසය කළ සමයේ, එනම් 1881 වසරේදී නෙළු මල් විශාල වශයෙන් පිපී තිබෙනු පළමුවරට වාර්තා කළේය. ඉන්පසුව 1893 සහ 1905 යන වසරවලදී ද මෙම මල් පිපෙනු නිරීක්ෂණය කළ ෆාර්, මෙම අසිරිමත් සිදුවීම වසර 12ක රිද්මයකට අනුව සිදුවන බවට නිගමනයක් ඉදිරිපත් කළ අතර, ඔහු ලංකාවෙන් පිටත්ව යාමට පෙර ඊළඟ මල් වාරය 1917දී උදාවනු ඇතැයි අනාවැකි පළ කළේය. ෆාර් ගේ මෙම ඓතිහාසික නිරීක්ෂණ අදටත් නෙළු මල් වසන්තයේ කාල චක්‍රය අධ්‍යයනය කිරීම සඳහා පදනම වී තිබේ.

n2
බොහෝ දෙනා නෙළු මල් හෝර්ටන් තැන්නට පමණක් සීමා වූ බව සිතුවද, මෙය විශාල ශාක ගණයකි. ශ්‍රී ලංකාවේ නෙළු විශේෂ 30කට අධික සංඛ්‍යාවක් ඇති අතර, ඒවායින් බොහොමයක් මෙරටට ආවේණික වේ. මෙම විශේෂ අතරින් ඇතැම් ඒවා පහත් බිම් තෙත් කලාපයේ වනාන්තරවලද වර්ධනය වේ.

එබැවින්, සියලුම නෙළු විශේෂ වසර 12 කට වරක් පිපෙන්නේ නැති අතර, විවිධ උස ප්‍රමාණවලට අනුවර්තනය වූ විවිධ චක්‍රවලට අනුව ඒවායේ මල් පිපීම සිදු වේ. කෙසේ වෙතත්, මධ්‍යම කඳුකරයේ මෙම මහා පරිමාණයේ සමූහ මල් පිපීම පමණක් මෙතරම් ආකර්ෂණයකට පත්ව තිබේ.

හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය නැරඹීමට පැමිණීම යනු ජීවිත කාලය පුරා දැකගත හැකි දුර්ලභ පාරිසරික සංසිද්ධියකි. එමෙන්ම මෙය සංවේදී කඳුකර පරිසර පද්ධතිය සහ එහි ජෛව විවිධත්වය (Biodiversity) පිළිබඳ දැනුම වැඩිදියුණු කර ගැනීමට ලැබෙන අවස්ථාවක් වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

558297596 1377153710731617 8293571160085598433 n
එහෙත්, මෙම වටිනාකම රැක ගැනීමට සංචාරකයන් වශයෙන් අපට විශාල වගකීමක් පැවරේ. මක්නිසාද යත්, විශාල ජනකායකගේ පැමිණීම නිසා ශාකවලට හානි වීම, මල් කඩාගෙන යෑම හෝ කසළ බැහැර කිරීම වැනි ක්‍රියා සිදුවිය හැකි බැවිනි. මෙම මල් පිපෙන්නේ වසර දොළහකට වරක් බැවින්, එම මල් කැඩීම යනු මුළු ශාක පරම්පරාවක්ම විනාශ කිරීම හා සමාන වේ.

එබැවින්, සොබාදහමේ මෙම අසිරිමත් දායාදය නැරඹීමට යන ඔබ, මෙහි ඇති වටිනාකම තේරුම් ගෙන, පරිසරයට කිසිදු හානියක් නොවන පරිදි මෙම අපූර්වත්වය අත්විඳීමට වග බලා ගන්න. එසේම, මෙම සුවිශේෂී නෙළු වසන්තයක් උදාවන්නේ 2037 දී පමණ බව ද සඳහන් කළ යුතුය.

(සටහන | නිරංජන් චාමින්ද කරුණාතිලක)
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උපුටා ගැනීම -vinivida.lk

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්