leader s

මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 30ක් පමණ නාය යෑමේ අවධානමට ලක්ව ඇති බවත් එම ප්‍රදේශ තුළ මෙරට ජනගහණයෙන් සියයට 34 ක් පමණ එම ප්‍රදේශවල ජීවත් බවත් බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවැසීය.


ඔහු එබව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

නාය යෑමේ අවධානමට ලක්ව ඇති ප්‍රධාන දිස්ත්‍රික්ක 6ක් හා ඊට යාබද පිහිටි දිස්ත්‍රික්ක 8ක් නාය යෑමේ අවධානමට ලක්ව තිබෙන බවත් ඔහු පැවැසීය.

නාය යෑමේ අවධානමට ලක්ව ඇති භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,000ක් පමණ වන බව ද ඔහු පැවැසීය.

දිත්වා සුළි කුණාටුව සමඟ ඇති වූ අධික වර්ෂාව සමඟ නායයෑමට ලක්විය හැකි ස්ථාන පරීක්ෂා කරදීමට ඉල්ලීම් 2,710ක් ලැබුණ බවත් ඔහු පැවැසීය.

අපදාවට ලක්වූ ස්ථානයන් සම්බන්ධයෙන් ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව මීටර් 10ට වඩා  වැඩියෙන් නාය ගිය ස්ථාන 1,241ක් හඳුනාගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

"ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ස්වයංක්‍රීය වර්ෂාමාන පද්ධතියක් නඩත්තු කර ගෙන යනවා. එම වර්ෂාමාන පද්ධතිවලින් තමයි තත්කාලීනව ලැබෙන වර්ෂාපතනය අරගෙන නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කරනවා. ජනතාව වඩාත් ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි. තමන් සිටින අවධානම් තත්ත්වය අපි දැනුම් දීලා තියෙනවා."

(ada)

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්