leader s

දිට්වා සුලි කුණාටුවෙන් පසු නායයෑමට ලක් වූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් මාර්ග සංවර්ධන කාර්යාලය යටතේ පවතින මාර්ග දෙපස ප්‍රතිසංස්කරණය කිරිමෙන් පස් කියුබ් ලක්ෂ 3-4ක් ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ජාත්ක ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණය කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි පැවසීය.


මංජුල සුරවීරආරච්චි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (29) දින නුවරඑලියේදි ඒ බැව් කියා සිටියහ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මංජුල සුරවීරආරච්චි,

 

image 5f7521fb93
“දිට්වා සුලි කුණෘටුවත් එක්ක විශේෂයෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයට බලපෑ දැඩි වර්ෂෘව සහ මේ ආපදා තත්වය නිසාම අපිට දැවැන්ත පාරිසරික ගැටළුවක් නිර්මාණය වෙලා තියනවා. අපි දැන් මේ වෙනකොට දන්නවා නුවරඑලිය දිස්ත්‍රික්කයේ නාය ගියපු පසු, කදු කඩා වැටුණු RDA සහ PRDA පාරවල් ටිකේ මේ වෙන කොට පස් කියුබ් ලක්ෂ 3-4ත් ප්‍රමාණයක් ආසන්න වශයෙන් ඇස්තමේන්තු කරලා තියනවා වැටිලා තියනවා කියලා.

මේ වෙන කොට ඒකෙන් කොටසක් ඒ ස්ථානවලම තියලා තියනවා. ඒක හරියටම ගත්තොත් කියුබ් ලක්ෂ එක හමාරක පමණ ප්‍රමාණයක් අපි RDAඑක PRDAඑක සහ ස්වේච්ඡා සංවිධාන වලිනුත් ඉවත් කරමින් තියනවා පාර අයිනේ තැන් තැන්වල දමමින් තිබෙනවා. සමහර ඒවා ප්‍රමිතියකින් තොරව යම් යම් තැන්වලටත් දමමින් තියනවා.

 image ef1eb00c07

දැන් මේ පස් කන්ද කියන එක නාය ගියපු එක දැන් දැවැන්ත සමාජ ප්‍රශ්ණයක් බවට පත් වෙලා තියනවා. පරිසර ප්‍රශ්ණයක් බවට පත් වෙලා තියනවා. හේතුව මේ පසු දාන්න තැනක් නෑ. සමහර ඒවා තේ වතු වලට දානවා. ඒවගේමයි ඒ පස් පහත් බිම්වලට දානකොට නැවත වර්ෂාවත් සමග ඇළ දොල ගංගා ජලාශවලට පිරෙමින් පවතිනවා.

 

ඒ නිසා විශේෂයෙන්ම ගත්තොත් දැන් ජලාශවලත් රොන් මඩ විශාල වශයෙන් තැම්පත් වෙලා තියනවා. දීර්ඝ කාලයක් තිස්සේ රොන් මඩ ඉවත් නොකරපු නිසා සුලු වර්ෂාවකදී පවා මිලි මීටර් 100-150ත් අතර වහින වැස්සකදී පවා වැවේ ධාරිතා මට්ටමට වඩා ඉහළට වතුර තැම්පත් වුණාම පිටාර ගැලිම සිදු වෙනවා. මේක නැවත කේදවාචකයක් බවට පත් වෙන්න තියන හැකියාව වැඩියි. ඒ නිසා අපි දැන් හිතනවා ජලාශ ටික රොන් මඩ සහ වැලි වලින් පිරිලා තියනවා. අනිත් එක පාරවල් දෙපැත්තෙන් පස් කියුබ් ලක්ෂ ගාණක් ගොඩ ගැහිලා තියනවා.

 image e71caaa382

ඉතින් අපි දැන් මේ වෙලාවේ අපිට තියන විශේෂ ගැටළුවක්, පරිසර ගැටළුවක්. මේක විද්‍යාත්මකව විසදගන්න ඕන ගැටළුවක්. ඒ නිසා ආණ්ඩුවක් විදිහට අපි විශේෂ අවධානයක් යොමු කරමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් ප්‍රමාණික දැනුමපරිසර ඇමතිතුමාලා, භූ විද්‍යාඥයන් සමග සාකච්ඡා කරමින් ඉන්නවා මේ පස් නැවත ඵලදායි ආර්ථික කටයුත්තකට, විධිමත් විදිහට ගන්න පුළුවන් විදිහක් පිලිබද අවශ්‍යතාවයක් තිබෙන නිසා ඒ පිලිබද අවධානය යොමු කරමින් ඉන්නවා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ රම්බොඩ, එතකොට නාය ගියපු ගැරඩිඇල්ල වගේ ප්‍රදේශවල වැලි සාන්ද්‍රණය වැඩි පස් තමයි තියෙන්නේ. මීට පෙර පාරවල් ප්‍රජෙක්ට් හදද්දීත් පවා චීන සමාගම් ඒක පිරිසිදු කරගෙන වැලි බවට පත් කරගෙන තියනවා. දැන් අපි මේ පස් ටික ඉවත් කරනවා විතරක් නෙවෙයි, අපි මාර්ග නැවත කපලා ප්‍රතිසංස්කරණය කරලා විධිමත් ආකාරයට හදද්දී තවත පස් කදු ලක්ෂ ගාණක් එකතු වීමේ සම්භාවිතාවයක් තියනවා. අනිවරයෙන් ඒක තමයි වෙන්නේ.

image 81d18b3fba
එතකොට මේවා නැවත රටේ ආර්ථිකයට, නුවරඑලිය දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවලට යොදා ගත හැකි පරිදි විධිමත් ආකාරයේ විද්‍යාත්මක සැලැස්මක අවශ්‍යතාවය, ගැඹුරු සාකච්ඡාවක අවශ්‍යතාවය අපිට තියනවා. අපි අනිවාර්යයෙන්ම ආණ්ඩුව විදිහට අදාළ ආයතන සමග අමාත්‍යාංශ සමග සාකච්ඡා කරලා, මේ ඉවත්වන මහා දැවැන්ත පස් කදු ටික කොහොමද නිසි ලෙස කළමෘණකරනය කරමින් කොහොමද යොදා ගන්නේ කියන එක පිලිබද ගැඹුරු සාකච්ඡාවක නිරත වෙන්න තමයි අපි සුදානම් වෙන්නේ” යනුවෙන් පැවසීය.

(ada.lk | හැටන් රංජිත් රාජපක්ෂ)

 image f4001fa86b

image ff70e0a15e

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්