leader s

සොබාදම පිලිබඳ ලොව අතිශය ජව සම්පන්න සහ විශ්වසනීය හඬ පෞරුෂය හිමි බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ඇටෙන්බරෝ මෙම සිකුරාදා (8),  100 වන ජන්ම දිනය සමරන්නේය.


 සොබාදම, එහි ජීවීන් ඇතුළු ශාක සහ සත්ත්ව විශේෂ පිලිබඳ ඔහු ගේ ආකර්ශනීය වාර්තා සහ විචිත්‍රාංග වැඩසටහන් ලොව පුරා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ  ඉමහත් ප්‍රසාදයට පාත්‍ර විය.

වසර 70කට අධික කාලයක් ඔහු ගෝලීය ස්වභාව ධර්මය පිලිබඳ වාර්තා චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් රැසක් ඉදිරිපත්  කළේය. ඒ සියල්ලේම අන්තර්ගතය සොබා දමේ කතන්දරය ය. පරිසර ආරක්ෂණය පිලිබඳ ඔහු ඉදිරිපත් කළ රූපවාහිනී වැඩසටහන් අතිශය ප්‍රබල විය. තවමත් ඔහු එම මානුෂීය ප්‍රයත්නයන්හි පෙර ගමන්කරුවෙකි.

xfgefedd
සිය විෂය පථය සහ බාහිර ලොව පිලිබඳ ඔහු සතු අද්විතීය දැනුම් සම්භාරය, හාස්‍ය සහ දයාවෙන් යුත් කතා විලාශය සහ ඒ ඔස්සේ  විශ්වසනීය ලෙස කතන්දර කීමට ඇටෙන්බරෝ  සතු හැකියාව ඔහු, විද්‍යුත් විකාශන ලොව සුපිරි තරුවක් බවට පත් කළේය.

ඔහු ඉදිරිපත්  කළ චිත්‍රපට,  ස්වභාව ධර්මයේ ආශ්චර්යයන් සේම ඛේදවාචක ද ලොව පුරා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් හමුවේ සන්නිවේදනය විය.  

xzczx
1979 වසරේ ඔහු ඉදිරිපත් කළ "පෘථිවිය මත ජීවය" (Life on Earth) වැඩසටහන් මාලාව අතර, ඔහුට හමුවූ ක්‍රීඩාශීලී තරුණ කඳුකර ගොරිල්ලන් දෙදෙනකු පිලිබඳ විචිත්‍රාංගය ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත් විය. ඔර්කා තල්මසුන් කණ්ඩායමක් අයිස් බිඳිමින්, සීල් මත්ස්‍යයකු දඩයම් කිරීම පිලිබඳ ඔහුගේ රූපවාහිනී වාර්තා වැඩසටහන ද එවැන්නකි. පින්ටා දිවයිනේ විසූ අවසන් කැස්බෑවා පිලිබඳ 2012 වසරේ ඔහු ඉදිරිපත් කළ 'තනිවූ ජෝර්ජ්' (Lonesome George) නම් කතා පුවත ප්‍රේක්ෂක නෙත් කඳුලින් නැහැවීමට සමත් විය.

"ඔහුට දැන් වයස අවුරුදු 80ක්.  ඇත්තෙන්ම ඔහුත්, මම වගේම හන්දිපත් රුදාවෙන් පෙළෙනව," එවක 86 හැවිරිදි වියේ පසු වූ ඇටෙන්බරෝ, එම වැඩසටහනේ දී ජෝර්ජ් නම් කැස්බෑවා හඳුන්වා දුන්නේ එලෙසිනි. එම රූගත කිරීමෙන් දෙසතියකට පසු ජෝර්ජ් මිය ගියේ එම කැස්බෑ සනුහරේ අවසන් සාමාජිකයා පිලිබඳ මතකය අනාගත ලොවට  ඉතිරි  කරමිනි.

මිනිසා ජීවත් වන පරිසරයේ වහා බිඳෙනසුළු  බව සිය සෑම වැඩසටහනකම මුඛ්‍ය තේමාව බව ඇටෙන්බරෝ වරක් පැවසීය.

ඔහු බ්‍රිතාන්‍යයේ ජනප්‍රිය ජනමත විමසුම් රැසක තවමත් ඉහළින්  වැජඹේ. වරක්, ඔහු එරට ජනප්‍රියතම පුද්ගලයා ලෙස නම් කෙරිණි. එමෙන්ම, ඔහු බ්‍රිතාන්‍යයේ    අග්‍රගන්‍ය, ජීවමාන සංස්කෘතික සංකේතය යන විරුදාවලියෙන් ද රාජකීය නයිට් නාමයෙන් ද පිදුම් ලැබීය.  

 "ඔහු සැමවිටම සිතන්නේ ඔහු මහජන සේවකයකු බවයි. මානව වර්ගයා වෙත සොබාදමේ ආශ්චර්යය ඉදිරිපත් කිරීම උදෙසා  එහි හඬ වීමේ දුර්ලභ  භාග්‍යය ලැබීම,  ඔහු ලද වාසනාවක් බව ඔහුගේ හැඟීමයි," ඇටෙන්බරෝ සමග රූපවාහිනී වැඩසටන් රැසක් නිෂ්පාදනය කළ මයික් ගන්ටන් පවසයි.

fffedvz
සිය 90 වන වයස් දශකයේ ඔහුගේ අවධානය වැඩි වශයෙන් යොමු වූයේ කාලගුණ විපර්යාස පිලිබඳ ප්‍රේක්ෂක අවධානය තර කිරීමට ය. එහි විපාක, තර්ජන සහ වහා ආමන්ත්‍රණය කළ යුතු තැන්  පිලිබඳ ඔහු ප්‍රේක්ෂකයා දැනුම්වත් කිරීමට කැප විය.

ඔහුගේ 2017  'බ්ලූ ප්ලැනට් 2' වැඩසටහන ලොව පුරා සාගර දූෂණයට  මුල්වන ප්ලාස්ටික් ව්‍යසනය පිලිබඳ ගෝලීය අවධානය යොමු කළේය.  සාගර ජලය මත කෙතරම් ප්ලාස්ටික් තොගයක් පවතී දැයි  ලොව පුරා ප්‍රේක්ෂකයින් හොඳාකාර ලෙස දුටුවේ, අතිශය ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වූ එම වැඩසටහනින් ය. එය, වරක් බ්‍රිතාන්‍ය රූපවාහිනියේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නැරඹු වැඩසටහන බවට ද පත්  විය. අනතුරුව, එම වැඩසටහන ලොව පුරා රූපවාහිනී සේවා  රැසක් විසින් ම  මිලදී ගැනිණි.  

විශාල සාගර පක්ෂීන් විශේෂයක් වන අල්බැට්‍රොස් පක්ෂීන් සයුරේ පාවෙන කුඩා ප්ලාස්ටික් අපද්‍රව්‍ය තුඩින් ගෙන සිය පැටවුන්ට අහාරය පිණිස ලබා දෙන දර්ශන ඉතා සංවේදී වූ අතර, එහි බලපෑම කෙතරම් වීද යත්,  බ්‍රිතාන්‍ය රජයට සහ තවත් ප්‍රධාන පෙළ සමාගම් රැසකට ප්ලාස්ටික් භාවිතය අඩු කිරීමේ නව ක්‍රමවේද හඳුන්වා දීමට සිදු විය.

ඇටෙන්බරෝගේ නොදැවුණු ශතකයක දිවි සැරිය සැමරීමට බී.බී.සී. ලෝක සේවය මගින් විශේෂ වැඩසටන් සතියක් නිවේදනය කර තිබේ. රාජකීය ඇල්බර්ට් ශාලාවේ (Royal Albert Hall) පැවැත්වෙන  සජීව සංදර්ශනයක්, කෞතුකාගාර වැඩසටහන්, පරිසර පාද යාත්‍රා සහ රුක් රෝපණ ව්‍යාපෘති  වැනි වැඩසටහන් රැසක් ඊට ඇතුළත්  වේ.

ඔහුගේ සිය වැනි උපන් දිනයට සමගාමීව 'සීක්‍රට් ගාර්ඩන්' (Secret Garden) නම් ඔහු විසින් ඉදිරිපත් කරන නවතම වැඩසටහන් මාලාව බී.බී.සී ලෝක සේවය ඔස්සේ විකාශය කිරීමට  ද නියමිතය.

TX DATE:05-04-2026,TX WEEK:14,EMBARGOED UNTIL:31-03-2026 00:00:00,PEOPLE:Sir David Attenborough,DESCRIPTION:,COPYRIGHT:Plimsoll Productions,CREDIT LINE:BBC / Plimsoll Productions
1926 මැයි 8 දා උපත ලද ඩේවිඩ් ඇටෙන්බරෝ විනෝදාංශ ලෙස, විවිධ ෆොසිල, කෘමි සතුන් සහ වියලි මුහුදු අශ්වයින් එකතු කළේය. 1954 වසරේ   'සත්වෝද්‍යාන ගවේෂණය' (Zoo Quest) නම් වැඩසටහන ඉදිරිපත් කරමින් ඔහු  බී.බී.සී. ලෝක සේවයට එක් විය. එම වැඩසටහනේ  අන්තර්ගතය වූයේ, ලොව ඈත කෙලවර කලාප ගවේෂණය කරමින් ලන්ඩන් සත්වෝද්‍යානය වෙත සතුන් රැගෙන එම පිලිබඳ කතා මාලාවකි. 1970 වන විට ඔහු බී.බී.සී. වැඩසටහන් පාලක තනතුර තෙක් උසස් කෙරුණ ද, අඛණ්ඩව සවභාවික පරිසරය පිලිබඳ වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කෙරෙහි ම  යොමු විය.

සිය 52 වන වියෙහි, 1972 වසරේ විකාශය වූ  'පෘථිවිය මත ජීවය' නම් රූපවාහිනී  වැඩසටහන  ඔහුගේ නම සෑම නිවෙසකම රැව්  පිළිරැව් දුන්  වාර්තා කතා මාලාවක් බවට පත් විය. පැය 13ක කාලයක් පුරා දිගහැරුණු එම වාර්තා වැඩසටහනේ සමස්ත පිටපත ද ඔහු විසින් ම  රචනා කෙරිණි. වැඩසටන රූගත කරමින් ඔහු තෙවසරක් ලොව පුරා සංචාරය කළේය. ඉතා ක්ෂුද්‍ර අංශුවේ සිට මානව සංහතියේ බිහිවීම තෙක් ජීවයේ සම්භවය ඔහු එමගින් ඉතා  විචිත්‍රවත් ව  ලොවට තිළිණ  කළේය.

'බ්ලූ ප්ලැනට්', 'ෆ්‍රොසන් ප්ලැනට්' සහ 'ඩිනාස්ටීස්' ඔහු ඉදිරිපත් කළ තවත් අතිශය ජනප්‍රිය වාර්තා වැඩසටහන් කිහිපයකි. ඔහු නිෂ්පාදනය කළ ආසියාව පිලිබඳ කොටස් හතකින් යුත් රූපවාහිනී වාර්තා  වැඩසටහනකට     ශ්‍රී ලංකාවේ වන අලි පිලිබඳ විචිත්‍රාංගයක් ද ඇතුළත් විය.  

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

David Attenborough, 'the voice for nature,' turns 100

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්