leader s

අමා Ama Shakya Ketipearachchi කියන්නෙ මට මඟහැරුණු නිළියක්. අමාව මං දැකලා තිබුනෙම බුදු හාමුදුරුවො වගේ මූනකින්.

ඒ හින්ද දැහැමි චරිත මිස වෙන එකක් කරන්න බැරි වෙයි කියල සැකයක් ඉබේටම ඇවිත් තිබුන.

මගේ ඒ මෝඩ අදහස බින්දෙ ඇෆ්‍රොඩයිට් මංකොල්ලය වේදිකා නාට්‍යය. ඒකෙ අමාව දැක්කම මාව හොල්මං වුනා. ඒ දැහැමි මූනත් එක්ක සම්පූර්ණ අදැමි වැඩ කරන ප්‍රචන්ඩ ගැහැණියක් මුහුවුනාම ඒක කිළිපොලා යන අත්දැකීමක් වෙන හැටි මං දක්කා.

වාසනාවකට ඊට පස්සෙ අමාව මායි බෝයි කරපු මීයා ටෙලියට සම්බන්ධ කරගන්න ලැබුන. එයා කරන්නෙ විනීතාගෙ චරිතය. මගේ පිටපතේ තිබුනට වඩා ගොඩක් සබ්-ලේයර්ස් නැත්තං චරිතයට අදාල බහුවිධ මානයන් අමා අඳුරගෙන තිබුන. එයා කැරැක්ටර් එක ගැන අහන සමහර ප්‍රශ්න නිසා  ඒ චරිතය නාට්‍යයේ අනෙක් චරිතවලටත් වඩා විශාල වියමනක් වුනා. එයා නිළියක් විදිහට ඒ චරිතයත් අරන් වෙනම තලයකට ගියා.

අමා හරියටම වතුර වගේ. රඟපාන මොහොතට කලින් අමා සෙට් එකකදිවත් පේන්නෙ නෑ. නළු නිළි ප්‍රභාවේ අවධානය ඉල්ලා සිටින්නෙ නෑ. ඒත් කැමරාව ඉස්සරහට ආපු ගමන් අමා ලෝකය මොහොතකට නතර කරනවා. නිළියක් විදිහට එයා ජීවත් වෙන්නෙ චරිතය තුල විතරයි. ඉන් පිටත නිළියක් නෑ. ඉන්නෙ පෙනෙන නොපෙනෙන සරල අමා විතරයි.

සමහර දර්ශනවලදි අමා රඟපානවා මොනිටරෙන් බලන් ඉඳිද්දි ඇගේ හිරිගඩු පිපුන. ඒක වෙනස්ම රංගන ශෛලියක්. භෞතික සිදුවීම්වලට වඩා හැඟීම්වලින් ගැහැණිය නිර්මාණය කිරීමක්. අමා ගැන විශේෂයෙන් සටහනක් තියන්න හිතුවෙ නිළියක් විදිහට අමා තවම හඳුනා නොගත් විශාල මහද්වීපයක් වගේ කලාපයක් හින්ද. 


Chinthana D
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
 #godayamu

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(උපුටා ගැනීම - Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්