leader s

ලෝක දේශපාලනයට, දේශගුණික විපර්යාස කෙරෙහි මිනිසාගේ දායකත්වයට සහ බටහිර ඉවුරේ යුධ ගැටුම් වලට කණේ පහරක් දීමට මෑත කාලයේදී කලාව මෙතරම් ශක්තිමත්ව යොදාගත් වෙනත් කලාකරුවෙක් සිටීදැයි සැක සහිතයි.


ඔහුගේ සිතුවම් කෙතරම් මතබේදාත්මක වුවත් ඒවාට ලැබෙන ක්ෂණික ලෝක අවධානය සහ ආදරය නිසා ඒවා විනාශ වන්නට නොදී ආරක්ෂා කරගන්නට බලධාරීන්ට සිදුව තිබෙනවා. විශේෂිතම කාරණය තමයි මොහු කොයිතරම් ලෝක ප‍්‍රසිද්ධ වුණත්, ඔහුගේ අන්වර්ථ නාමය වන Banksy යන්න හැර ඔහුගේ සැබෑ අනන්‍යතාව මෙතෙක් ලොවට අනාවරණය නොවන්නට තරම් හෙතෙම ප‍්‍රවේසම් වීම.

ලෝකයේ කොහේ හෝ වීදියක ඔහු සිතුවමක් ඇඳි විට, ඊට අදාළ අනෙකුත් තොරතුරු සහ ඡායාරූප ඔස්සේ එය තමාගේ නිර්මාණයක් බව ඔහු තහවුරු කරන්නේ Banksy නමින් වන Instagram account  එක හරහායි. ඒ හැරෙන්න ඔහු පිරිමියෙක්ද, ගැහැණියක්ද, නැතහොත් කණ්ඩායමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. නමුත් වාර්තාගත තොරතුරු වල හැටියට ඔහු එංගලන්තය මව්බිම කරගත් වීදි කලාකරුවෙක්, දේශපාලන ක‍්‍රියාකාරිකයෙක් ඒ වගේම චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. නමුත් මේ සියල්ල ඔහු කරන්නේ ඔහුගේ පවුලෙන් පවා ඔහුගේ අනන්‍යතාවය සඟවා තබාගෙන බව පැවසෙනවා. අඩු ගනනේ ඔහුගේ නමින් බැංකු වත්කම් හිමිකමක් හෝ නැහැ. අඳුරු හාස්‍යය කැටිවුණු ඔහුගේ සිතුවම් ලොව පුරා ජනතාව සමාජ-දේශපාලන අකටයුතුකම් කෙරෙහි අවදියෙන් තබන්නට සමත් වී තිබෙනවා.

Banksy 1990-1994 කාලයේදී පළමුවෙන් වීදි චිත‍්‍ර කලාව පටන්ගෙන ඇත්තේ තවත් සංග් දෙදෙනක් සමඟයි. නමුත් ස්ප‌්‍රේ මඟින් වීදි වල චිත‍්‍ර ඇඳීම තහනම් බැවින් වරක් ඔවුන් සිතුවමක් අඳිමින් සිටියදී එහි පැමිණි පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා යාමට ඔවුන්ට සිදු වෙනවා. එහිදී පොලිසියෙන් සැඟවෙන්නට ලොරියක් යට සැඟවුණු අවස්ථාවේදී එහි අකුරු වගයක් ස්ටෙන්සිල් ආධාරයෙන් මුද්‍රණය කර තිබෙනු දැක තම චිත‍්‍ර පහසුවෙන් සහ කඩිනමින් ඇඳ පලායාම සඳහා එහි ස්තර කිහිපයකින් යුතු ස්ටෙන්සිල් පාවිච්චි කිරීමේ අදහස තමාට පහළ වූ බව Banksy පවසා තිබෙනවා.

 “Balloon Girl”

Banksy Balloon Girl London

ඔහුගේ ලෝ ප‍්‍රකට සිතුවම් කිහිපයක් ගැන කතා කළහොත්, එයින්ද ප‍්‍රසිද්ධම සිතුවම “Balloon Girl”  නම් විදි සිතුවමයි. හදවතක හැඩැති බැලූනයක් දෙසට අත දිගු කරන කුඩා ගැහැණු ළමයෙකු නිරූපණය වන මෙම සංවේදී වීදි සිතුවම පළමුව නිර්මාණය වුයේ ලන්ඩනයේ වෝටර්ලූ පාලමේ බිත්තියකයි. ගැටුම් කලාප වල කුඩා දරුවන්ට අහිමි කරවනු ලැබූ ළමා වියේ සුන්දරත්වය, අහිංසකත්වය, සතුටේ සහ ආදරයේ අහිමිවීම ඉන් සංකේතවත් කෙරෙනවා. ගැටුම් කලාපවල දරුවන්ගේ කැළඹිලි සහිත ලෝක වල ප‍්‍රීතියේ ක්ෂණික අවස්ථාවන් පිළිබඳව ඉන් සියුම් අදහසක් ජනනය කරවනවා.රූපයේ සරල බවම ලොව පුරා ජනතාවගේ හදවත් තදින් වෙලා ගත් කලා කෘතියක් බවට එය පත් කළ අතර එයින්  Banksy කීමට උත්සාහ දැරූ පණිවිඩය විශ්වීය එකක් බවට පත් කෙරුණා.

Flower Thrower

flower throwwo

පලස්තීනයේ, බටහිර ඉවුරේ ඇඳ ඇති මෙම වීදි සිතුවම අතින් ගත් මල් මිටක් ඈතකට විසි කිරීමට තැත් දරන තරුණයෙකු නිරූපණය කරනවා. මල් බලාපොරොත්තුව සංකේතවත් කරන අතර, රූපයේ ඉරියව්ව පිළිබිඹු කරන්නේ පීඩනයට එරෙහි විරෝධයයි. ප‍්‍රචණ්ඩත්වයෙන් හා ගැටුම්වලින් පීඩිත වූ ලෝකය සාමය ඉල්ලා සිටින පණිවිඩය මේ ඔස්සේ විශ්වීය කැඳවීමක් ලෙස Banksy නැවතත් සිතුවම් ගත කරන්නට සමත් වී තිබෙනවා.

Flying Balloon Girl

Flying Ballon Girl on the West Bank wall at Kalandia 174617912 cropped

මෙයත් පලස්තීනයේ, බටහිර ඉවුරේ ඇඳ ඇති   Banksy ගේ මුල් කාලින සිතුවම් පෙළෙන් එකක්. පලස්තීනයේ දරුවනට අහිමි වූ සෙල්ලමින් ගෙවෙන වටපිටාව, විවෘත ජනේලයකින් පෙනෙන ලස්සන සාමකාමී පරිසරය වැනි එම සිතුවම් පෙළේ එක් සිතුවමක් වන මෙහි ගැහැණු ළමයෙකු බැලූන් පොකුරක එල්ලී පාවි යන ආකාරයක් නිරූපණය වේ.  වන මෙම කටුක යුද පරිසරයෙන් මීදී පලායන්නට ඇත්නම් බැලූන් පොකුරක හෝ එල්ලීමට කැමති කුඩා දරුවෙකුගේ සිහිනමය, පිරිසිදු ආශාවන් ඉන් නිරූපණය කරයි.

Devolved Parliament

 c5a83040 e69a 11e9 a8aa 54897fdfe8ad

වීදි බිත්තිවලින් බැහැරට ගොස් කැන්වසයක නිර්මාණය කෙරුණු මෙම සිතුවම මඟින්  Banksy  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උපහාසයට ලක් කරයි. 2011 වසරේ පෞද්ගලික සිතුවම් එකහු කරන්නෙකුට විකිණු මෙම සිතුවමේදී සිත්තරා පොදු මන්ත‍්‍රී මණ්ඩලය තුළ බ්‍රිතාන්‍ය මන්ත‍්‍රීවරුන් වෙනුවට චිම්පන්සියන් ආදේශ කර තිබෙනවා. මෙම උපහාසාත්මක කලා කෘතිය දේශපාලන කතිකාවේ තත්ත්වය විවේචනය කරන අතර, බලයේ සිටින අය අතාර්කික ලෙස හැසිරීමත්, ඔවුන්ගේ පසුබෑමත් නිරූපණය කරනවා.

Fat Tourist and Rickshaw

3644757007 b0c6385bd9 b

තරබාරු සුදු ජාතික සංචාරකයින් දෙදෙනෙක් සිටින රික්ශෝවක් අපහසුවෙන් ඇදගෙන යාමට උත්සාහ කරන දුගී පෙනුමැති කුඩා දරුවෙකු මෙම සිතුවමෙන් නිරූපණය වේ. ලෝකයේ බලවත් ධනවත් රාජ්‍ය විසින් තුන්වෙනි ලෝකයේ රට වල සම්පත් සුරාකමින් ඔවුන්ව තවත් පිඩාවට පත් කිරීමට එරෙහි  Banksyගේ ප‍්‍රකාශයක් ලෙස මෙය දැක්වේ. මෙය ඍජුවම ඇමරිකාව, බ්‍රිබ්‍රිතාන්‍ය වැනි රටවල් ගෝලීයකරණය ඔස්සේ සිදු කරන නුතන යටත්විජිතවාදය සංකේතවත් කරන බව කලා විචාරකයින්ගේ අදහසයි මේ අකාරයේ තවත් සිතුවම් ගණනනාවක්  Banksy අතින් තවමත් නිමවෙමින් පවතින අතර, මෙතෙක් අනන්‍යතාව සොයා නොගැනුණු මෙම ලෝ සුප‍්‍රසිද්ධ කලාකරුවා තවමත් ලොවට ”බැන්ක්සි බලපෑම” එල්ල කරමින් සිටිනවා.

 

සටහන : Yesha Fernando

 

සබැඳි ලිපි: 

පීටර් පෑන් සින්ඩ්‍රෝමයෙන් පෙළුණු පොප් රජු

ඇමරිකාව කොමඩ් එකට දැමු ‘කැටලන්‘
 
කලාකරුවෙක්ගේ ඕනේ ජරාවක් කලාවක් වෙනව ද ?
 
මොකක්ද ඔයා ඇඳන් හිටියේ ?
 
සයිකෝ - කලාව තුළ සැඟවුණු උමතුව!
 
කලාව කියන්නේ ඕන කෙහෙල් ගෙඩියක් ද ?
 
උපුල් නුවන් විදහා සිනා නොවන ඩාවින්ලිසා

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්