leader s

මම රුසියාවට ගියේ පහුගිය වසරේ අප්‍රේල් මාසයේ, හරියට ම කිව්වොත් වසත් සමයේ. රුසියාවේ ඒ ගෙවපු කෙටි කාලයේ ලබපු අත්දැකීම් මෙතෙකැයි කියන්න බැරි තරම් මිහිරියි; රහයි.


ඒ රහ නිසාම රුසියානු ජන ජීවිතේ මගේ අත්දැකීම් මම මගේ හැටියෙන් මේ ෆේස්බුක් අඩවියේ අකුරු කරා. ඒ සටහන්වලට ප්‍රියාදර මිතුරනි ඔබ බොහෝ දෙනෙක් ආදරය එකතු කරා. හැම සතියකම ඒ කුඩා සටහන් පළවෙනකම් ඔබ බලන් හිටියා.

Leader වෙබ් අඩවියේ "ජයනිගේ රුසියානු කතා" නමින් රුවන් අයියා ලස්සනට ඒ සටහන් පළ කරා. ඒ නිසා නමින් රුවින් නොදන්න බොහෝ දෙනෙක් ඊමේල් පණිවුඩ එව්වා. පොතක් කරන්නැයි පවා සටහන් තබා තිබුණා. ඒ සටහන් පොතක් කරන්න කියල බල කරේ වජිර (යාපා) අයියා. ඉතින් අන්තිමේ ඒ කුඩා මතක සටහන් "ෂොකොලාද්නයා දේවුෂ්කා" නමින් එයාගේ වියදමින් මුද්‍රණය කරා. 

"ෂොකොලාද්නය දේවුෂ්කා" කියන්නේ චොක්ලට් කෙල්ලකට. රුසියානුවෝ දුඹුරු පැහැ කෙල්ලට ඇති ආදරය කැමැත්ත පෙන්නුවේ "ෂොකොලාද්නය දේවුෂ්කා" කියල කතා කරල.

WhatsApp Image 2025 10 04 at 3.09.28 AM
ඉතින් ප්‍රියාදරයනි,

මේ මගේ පළමු පොත. මට අප්‍රමාණ සතුටක් දැනුනත් ඉස් ඉස්සෙල්ලාම පොත අතගාලා සුවද විදින්න මට අවස්ථාවක් නෑ. ඒත් පොතේ රස විදින්න රුසියානු ජන ජීවිතේ මිහිර විදින්න කැමති ප්‍රියාදරයනි, ඒ වෙනුවෙන් මේ කුඩා පොතේ ඇති තරම් ඔබට ඉඩ තියෙනවා. මේ සුන්දර කවරේ සැලසුම්කරුවා මගේ සදාකාලික මිතුරා Roshan Senarath. බොහොම හදිසියෙන් සිද්ධ වුණ මේ වැඩේට මීට වඩා සධාරණයක් කරන්න කාටවත්ම බැරිවෙයි.

#රසකතා කුටියේ මේ පොතට ඉඩක් හැදුවට Dhanushka Lakmal අයියේ මහ ගොඩක් ආදරය පිළිගන්න. කොළඹ පොත් ප්‍රදර්ශනයේ කුටි කිපයකින් ෂොකොලාද්නය දේවුෂ්කා හොයාගන්න පුළුවන්. එහෙම නැතුව පොත අවශ්‍ය ඕනම කෙනෙක්ට මට පුංචි පණිවිඩයක් තියන්න පුළුවන්.

 

WhatsApp Image 2025 10 04 at 3.09.28 AM 1

ආදරෙන්
ෂොකොලාද්නය දේවුෂ්කා

(ජයනි අබේසේකර - විදෙස් හි සිට..)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරිනි
නිදහස් මාධ්‍යවේදිනී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම Jayani Abeysekara face book පිටුවෙන්)


'දලීඩර්' හි පළවූ ජයනිගේ රුසියානු කතා ලිපි කිහිපයක්


ජයනිගේ රුසියානු කතා : වස්මෝව මාර්තාවට මලින් සැරසෙන රුසියානු ගැහැනු

ජයනිගේ රුසියානු කතා : ගෙවිලියන්ගේ සරාෆන් වලින් සැරසෙන  රුසියානු බෝනික්කෝ  

ජයනිගේ රුසියානු කතා : රුසියානු ඉස්කෝල, දරුවන් සහ බාබූෂ්කලා...

ජයනිගේ රුසියානු කතා : මාළු වැල් එක්ක බියර් බොන රුස්සන්, ජෝර්ජියන් කචාපූරි සහ උස්බෙක් ප්ලෝෆ්

ජයනිගේ රුසියානු කතා : රුස්සන්ගේ මල් පිස්සුව සහ එලවලු පලතුරු පිකල්

ජයනිගේ රුසියානු කතා : ලෙමන් පෙති එක්ක සෙයිලෝන්ස්කි චායි බොන රුසියානුවෝ

බිරියෝසා ජූස් සහ ඔත්තේ වීදුරු බොන රුස්සෝ

රුසියානු කතා - (ජයනි අබේසේකර)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්