leader s

ගායන ශිල්පීන් කොතරම් සිටියත්, නිල ඇඳුමක් දරමින් ගායනයේ නිරත වන්නට සෑම දෙනාටම අවස්ථාව නොළැබෙන බවද, එය තමන්ට මහත් වටිනාකමක්, ගරුත්වයක් බවත් ජනප්‍රිය ගයන ශිල්පිනී අංජලී හේරත් පවසනවා.


එමෙන්ම තමන්ට මෙන්ම තමන්ගේ වෘත්තියට ද ආදරය කරන රසික පිරිසක් තමන්ට සිටින බවද ඇය පවසනවා.

ඇය මේ අදහස් බෙදා ගත්තේ මෙවර ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව සමග සතියේ කතාබහට එක් වෙමින්.

වර්තමානයේ ජනප්‍රිය තරුණ ගායන ශිල්පිනියක් ලෙස වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංගීත අංශයේ සේවය කරමින් වගකීම් දරන්නියක් ද වන අංජලී හේරත් මෙවර වැඩසටහන සමග එක් වෙමින් සිය ජීවන අත්දැකීම් අපත් සමග බෙදා හදා ගත්තා.

dream star
2003 වර්ෂයේ දෙරණ රූපවාහිනී නාලිකාවේ ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ ගායන රියැලිටි තරගයේ (දෙරණ ඩ්‍රීම් ස්ටාර් SEASON - XI ) හි කිරුළ හිමි කර ගැනීමට සමත් වූයේ ද ඇයයි.

මේ රියැලිටි ජයග්‍රහණයේ මතකයන් ද මෙවර වැඩසටහනේදී නැවතත් ඇය මතකා වර්ජනය කළා.

ඇගේ ගායන හා වෘත්තීමය ගමනේ අත්දකීම් ද, ඇගේ ආදරය, ජීවිතය, බලාපොරොත්තු ගැනත් ඇය අපත් සමග පැවසුවා.

Anjalee photos
ගායන ශිල්පිනී අංජලී හේරත් සමග ගෙවුණ මේ රසවත් කතා බහ දැන් ඔබට ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

සාකච්ඡාව මෙහෙය වූයේ දිනිත ජයරත්න විසින්.

වීඩියෝව නරඹන්න පහළින්

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්