leader s

ලංකාවේ සම්මාන උළෙල වල පවතින උත්කර්ෂය ක්ෂේත්‍රයේ (field) ද පැවතිය යුතු බව තමා විශ්වාස කරන බව ද,


සම්මාන උළෙලවල තියෙන උත්කර්ෂයම ක්ෂේත්‍රයේද තිබෙන දවසට සම්මානය එයම වන බව හර්ෂ තෙන්නකෝන් පවසනවා.

ජනප්‍රිය රංගන ශිල්පී හර්ෂ තෙන්නකෝන් මේ අදහස් පළ කළේ මෙවර ‘mirror arts’ කතා බහ සමග සම්මුඛ වෙමින්.

වේදිකාව හරහා රංගනයට පිවිස ටෙලි නාට්‍ය හා සිනමාවට අවතීර්ණ වූ ඔහු 'සකර්ම', 'මාණික්කාවත', 'සී රජ' , ‘ගිනි අවි සහ ගිනි කෙළි’.. වැනි ටෙලි නිර්මාණ රැසක් හරහා ප්‍රකට කළ රංගනයන් තුළින් බොහෝ ප්‍රේක්ෂක අවධානය හා ජනප්‍රියත්වය දිනා ගැනිමට සමත් උනා.

Untitled 1 222 768x576
එමෙන්ම 'රෂ්', 'ගින්නෙන් උපන් සීතල'.. වැනි චිත්‍රපට හරහා ද ඔහු ප්‍රේක්ෂකයාට සමීප උනා.

‘ගිනි අවි සහ ගිනි කෙළි’ ටෙලි නාට්‍යයේ ඔහු නිරූපණය කළ නොයෙල් අමරසිංහගේ චරිතය අදටත් බොහෝ දෙනාගේ කතා බහට ලක්වන චරිතයක්.

පසුගිය වසරක් පමණ විදේශගතව සිටියත් ඔහු නැවතත් ලංකාවට පැමිණ මේ වන නිර්මාණ රැසකට සම්බන්ධ වෙමින් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව කටයුතු කරනවා.

498625937 1345029810405041 6854522695294310880 n
ඉතින්, මේ අතරේ අපත් සමග සම්මුඛ වෙමින් ඔහු සිය රංගන දිවියේ මෙන්ම සිය දිවි ගමනේ සන්ධිස්ථානයන්,මතකයන් 'Mirror Arts' සමග බෙදා හදා ගත්තා.

වර්තමානයේ රූපවාහිනී, ටෙලි නාට්‍ය ඇතුළු කලා ක්ෂේත්‍රය ගැනත් ඔහු අදහස් පළ කළා.

ක්ෂේත්‍රයේ ඇති විවිධ ගැටළුත් ඒ පිළිබඳව ඔහුගේ අදහස් ද ඔහු අපත් සමග පැවසුවා.

රංගන ශිල්පී හර්ෂ තෙන්නකෝන් සහභාගී වූ මේ සම්පූර්ණ වැඩසටහන දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න් පහළින් 

 

 

mirror arts 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්