leader s

මෙවර ‘mirror arts’කතා බහ සමගින් සම්මුඛ උනේ රවිඳු මහේන්ද්‍රයි.

ඔහු වෘත්තියෙන් බ්‍රිතාන්‍යයේ අක්ෂි වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන අතර, ඔහුව නාට්‍යකරුවෙකු, සාහිත්‍යකරුවෙකු ලෙසත් හඳුන්වා දෙන්න පුළුවන්. මෙරට ජීවමාණ සම්මානිත මහාචාර්යවරයෙකු වන සුනන්ද මහේන්ද්‍රයන්ගේ දෙවන පුත්‍රයා වන්නේද ඔහුයි.

ඉතින්, රවිඳු මෙවර කතාබහ සමග එක්වූයේ විශේෂ කාරණා කිහිපයක් ගැනම කථා කරන්නයි.
 
Sunanda Mahendraමහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර
එයින් ප්‍රධාන එකක් තමයි එළඹෙන ජනවාරි 29 වනදාට බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් රඟහලේදී වේදිකාගත වන්නට නියමිත ‘චෙකෝව් සන්ධ්‍යාව’ නාට්‍ය ගැන ප්‍රේක්ෂකයා දැනුවත් කරන්නට.
එනම්, සුනන්ද මහේන්ද්‍රයන් විසින් සන්නිවේදනාත්මක රංග අධ්‍යයනයක් ලෙස 1991 දී මුල්වරට නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ "චෙකොව් සන්ධ්‍යාව" නාට්‍යය වසර 33කට පසු යළිත් නව නිෂ්පාදනයක් ලෙස රවිදු මහේන්ද්‍රගේ අධ්‍යක්ෂණයෙන් එදින (29) වේදිකාගත වන්නට නියමිතයි.
Chekhov Evening
වසර 33 පසු ‘චෙකොව් සන්ධ්‍යාව’ යළිත් කරළියට!

නාට්‍ය මෙවර වේදිකාවට පැමිණෙනේනේ චෙකෝව් සන්ධ්‍යාව නිර්මාතෘ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ 88 වන ජන්ම දිනය (2026 ජනවාරි 28)  සහ ඇන්ටන් චෙකෝව්ගේ 166 වන ජන්ම දින සංවත්සරය (2026 ජනවාරි 29) එකම දිනයේ සමරමිනුයි.

ඉතින්, මේ නාට්‍ය හා බැදුණු  අතීත හා වර්තමාන කතා බොහොමයක් මෙවර කතාබහේදී සාකච්ඡාවට බඳුන් උනා.
ඒ වගේම මෙවර කතාබහේ වැඩි කොටසක් වෙන් උනේ රවිඳු මහේන්ද්‍ර ගේ පියාණන් වන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් පිළිබඳව කතා කරන්නයි. නාට්‍යවේදියෙක්, විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක්, ලේඛකයෙක්, දෙස් විදෙස් ගුවන්විදුලි සේවාවන්වල අත්දැකීම් සහිත ප්‍රවීණයෙක්... වැනි ක්ෂේත්‍ර රාශියක් ඔස්සේ සුනන්දයන්ගේ අධ්‍යයන හා වෘත්තීමය ක්ෂේත්‍ර දිවෙනවා. ඒ වගේම ඔහු මෙරටට සන්නිවේදනය විෂය හඳුන්වා දුන් පුරෝගාමිකයෙක් වෙනවා.
w45 y53.JPG
ඉතින්, රවිඳු මහේන්ද්‍ර විසින් සිය පියා පිළිබඳව සිය කුඩා කාලයේ සිට අද දක්වා අපූර්ව මතකයන් වැඩසටහනේදී හෙළි කළා.

ඒ වගේම රවිඳුගේ දිවි ගමනේ සන්ධිස්ථානයන් ගැන කතා කරන්නත් මෙවර කතා බහේ ඉඩ වෙන් උනා.
Chekhov 1898 by Osip Braz  ඇන්ටන් චෙකෝව්ඔහු උසස් අධ්‍යාපන සඳහා එකල වෛද්‍ය විද්‍යාව හදාරන්නට ගොස් තිබුනේ රුසියාවටයි. සැබැවින්ම ඔහුට වෛද්‍යවරයෙකු වන්නට පෙළඹවීම ඇතිවී තිබුනේද රුසියානු මහා කලාකරුවෙකු මෙන්ම වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ  ඇන්ටන් චෙකෝව්ගේ චරිතය අධ්‍යයනය කිරීම ඇසුරිනුයි. ඉතින් ඔහුගේ දිවියේ මේ රසබර අත්දැකීම් මෙන්ම රුසියාවේදී ලැබූ අත්දැකීම් ද ඔහු අපත් සමග බෙදා හදා ගත්තා.
රවිඳු මහේන්ද්‍ර සහභාගී වූ මේ සුවිශේෂී කතාබහ දැන් ඔබට mirror arts යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්
 
 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්