leader s

විවාහය පවුල ආදරය සැකය විශ්වාසය සහ කොටු පැනීම ගැන කතා කරන රියල් ස්ටෝරි වැඩක්..


Shameera Naotunna  තිර පිටපත සහ අධ්‍යක්ශණය තුළින් මේ මාසේ තිරගත වීමට නියමිත "වයිෆ්" චිත්‍රපටය පවුල ඇතුලේ රියල් කතාව එලියට එනවා.. හිනා වෙවී බැලුවට මේ තිර පිටපතේ සමහර තැන් වලදි හස්බන්ඩ්ටත් කඳුළු ඒන්න පුළුවන්..

දෙපැත්තක හැදුන දෙන්නෙක් එක වහලක් යටට ආවම බිරිඳ ගොඩක් වෙලාවට ස්වාමියාව තමන්ට නතු කරගන්න බලනවා..ගෑනු සාමන්‍යයෙන් බෙදන් කන්න කැමති නෑ.. මිනිහා අදින යට ඇදුම පවා තීරණය කරන්නේ මමයි කියන එක තමා ඔය සහතිකේට අත්සන් කරලා ගැහැණු හිතට ගන්නේ..

 

WhatsApp Image 2026 02 04 at 1.29.52 PM

අමු අඹ කනවා දකිනකොට ආසයි.. ඒත් ඇත්තටම කන්න ගත්තම ඇඹුළයි. දත් හිරිවැටෙනවා..ඕක තමා ඇත්ත.

ගෑණු ආදරේ බෙදාගන්න ආස නොවුනට පිරිමි ආසයි ෆෘට් සැලඩ් වලට. ලස්සන පස්සක් දැක්කම ශා වාව් කියන්නත්, හැඩ කෙල්ලෙක් දැක්කම ටෝක් කරන්නත්, ටෝක් උනොත් කොටුවක් පනින්නත් පිරිමි ආසයි..

හැබැයි ගෙදර නෝනා අංක එක.

හරියටම කියනවා නම් රජෙක්ට අන්තප්පුරයක් හිටියත් අග බිසවක් ඉන්නවනේ.. ඒත් ගෑනු කැමති නෑ ඒ වැඩේට..

 

wife1
පිරිමි එක තැනක දැනගන්නවා ගෙදර එකට වඩා පිටින් කන්න යෑම ගෙදරින් කන්නත් නැති කරගැනීමට හේතුවක් කියලා.. ඒ නිසා සුළුතරයක් පිරිමි පරිනත වෙද්දි එක්කෝ සූක්ශමව කොටු පනිනවා. නැත්තම් කොටු පැනීම නවත්තනවා..

Hemal Sachindra Ranasinghe වර්ථමාන සිනමාවේ තරුව. හේමල් මේ හස්බන්ඩ්ගේ චරිතයට අනුගත වෙලා තියෙනවා හොඳටම.. කොහොමත් හේමල් සහ උදාරි කියන්නෙම හොද සුසංයෝගයක්..සිනමාවට ගැලපෙන කපල් එකක්..ඒ කෙමෙස්ට්‍රි එක පට්ට. Udari Warnakulasooriya ගේ පරිනත රංගනයක් මේ නිර්මාණයෙන් මන් දකිනවා..

හොඳම කාස්ට් එකක් තෝරන් තියෙන නිසා සෙසු නළු නිලියන්ගේ රඟපෑම් ගැන අමුතුවෙන් වර්ණානා අනවශ්‍යයි..සියල්ලෝම දක්ශයෝ..ඒ දක්ශතා මේ නිර්මාණය තුළිනුත් පෙන්නුම් කරනවා..

 

කැමරාකරණය චින්තක සෝමකීර්ති.. Chinthaka Somakeerthi ඇත්තටම ලස්සන ශොට්ස් වලට ගිහින් තියෙනවා. ඇහට, මනසට කූල් එකක් දෙන ෆ්‍රේම්ස්... අතීතයේ එක් දවසක්... ෆිල්ම් එකම ෆීල් වෙන මියුසික් ටික සහ සින්දු ටික මරු. චිත්‍රාල් සෝමපාල Chitral Chity Somapala  කියන්නෙත් අති දක්ශයෙක්..ඔහුගේ වැඩ පෙන්වන්න මේ ලංකාව පොඩි වැඩී කියලයි මන් හිතන්නේ..

ඉතින් ආදරණීය හස්බන්ඩ්ලාට වයිෆ් කතා කලොත් යමු වයිෆ් බලන්න කියලා නොගිහින් ඉන් එපා.. පවුල පිටින්ම යන්න.. හැබැයි ගිහින් ආවට පස්සේ වෙන දේවල් වලට ශමීර නාඔටුන්නට දොස් තියන් එපා.. මොකද එයා ගෙන්නේ අපේ රියල් කතාව.

අනිත් උපදෙස වයිෆ් ගෙදර ඉන්න දවස් වලට ස්පෙයාර් වීල් වලට කෝල් ගන්න එපා කියන්න.. ස්පෙයාර් වීල් එක්ක ඉන්නකොට වයිෆ්ගෙන් එන කෝල් එක ගැන හොඳ සිහියෙන් ඉන්න..

473728122 594867626522742 6835629750953513586 n 670x670
සාර්ථක සිනමා නිර්මාණයක් වේවා..

පිටපතවත් නොබලා මේ වැඩේට අත තැබූ නිශ්පාදකවරයාටත් ස්තූතියි.  නැත්තම් මේ වගේ වැඩක් අපිට බලන්න බැරි වෙනවා..

...ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටී...

වයිෆ්
The Wife

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්