leader s

ෆ්‍රන්ස නවකතාකාර ඔන්ද්‍රෙ ජීද්ගෙන්  ( André Gide) වරක් ශ්‍රේෂ්ටතම ෆ්‍රන්සක්කාර කවියා කවරෙක්ද යන්න විමසනු ලැබිණ. උත්තරය හොයමින් තාවර වන්නට වැඩි කල්වේලා ජීද්ට උවමනා වූයේ නැත. ඔහු කිසිඳු පැකිලීමකින් තොරව කීයේ, ඒ අන්කිසිවකුත් නොව වික්තෝරිඋගෝ බව ය.  


නො‌බෙල් සාහිත්‍ය ත්‍යාගය පවා දිනූ ඔන්ද්‍රෙ ජීද්ට තිබුණේ ෆ්‍රන්සක්කාර සමාජය කෙරෙහි බලපවත්නා බලපුළුවන්කාරී බලවත් හ‌ඬකි.  එ බැවින්මදෝ, මේ ප්‍රකාශය වඩාලාත් සමාජ අවධානයට පාත්‍රවිය. ඔන්ද්‍රෙ ජීද් විසින් මෙහිදී යොදා ගැනුණේ  එක්වරම අවබෝධයට පාත්‍ර නොවනාකාරයේ යෙදුමකි.

‘‘Victor Hugo, Hélas !’’. ‘‘වික්තෝරිඋගෝ ඉලාස්’’’ ඔහු කීවේ එහෙම ය. හැඟුම් ප්‍රකාශකාරී මෙකී යෙදුමෙහි වර නැඟෙන්නේ  ‘අහෝ!’ වැනි ඇඟවුමකි. ඒ අනුව ජීද්ගේ සුප්‍රකට කියමනෙහි ඇඟවුම  ‘අහෝ! ඒ වික්තෝර් ඉඋගෝ’’ වැන්නක්

 ද?  එය තරමක් ව්‍යාංගක්කාරී ඇඟවුමක් බව බැලූ බැලුමටම පෙනෙන්නට තිබේ. වඩාත් සරළව සහ වඩාත් පැහැදිලිව කියනවා නම් එය ‘අවාසනාවට, ඒ වික්තෝරිඋගෝ’’ බඳු ප්‍රකාශයක් ය.

 

andreAndré Gide
ජීද් විසින් සිදුකෙරුණේ පුරෝගාමී මේ මහා කවියා අවඥාව ලක්කිරීමක් ද? උලහාසයට හෝ අපහාසයට ලක්කිරීමක් ද?

නැත. එය එබඳු දෙයක් නොවේ.

huge helas bookඔන්ද්‍රේ ජීද්, ෆ්‍රන්ස මහා කවියාගේ කවීත්වය මෙන්ම ඔහුගේ භාෂා ලාවන්‍යය  සමස්ථ සාහිත්‍යයට බලපෑ ආකරය විදාරණය කරමින් ලියූ තරමක සංදිග්ධ ලියවිල්ලක්, ජිද්ගේ මරණයෙන් අඩසියවසකටත් පසුව, එනම් 2002 වසර තරම් පසුකලෙක ‘’ඉඋගෝ, ඉලාස්’’ නමින් ම කුඩා පුස්තිකාවක්ව පළකෙරිණ. ඒ ඔන්ද්‍රෙ ජීද්ගේ සාහිත්‍යය පිළිබඳ විශේෂඥකු වන ක්ලෝද් මර්තං ගේ (Claude Martin) ප්‍රස්තාවනාවක් ද සහිතව ය.

 ජීද්, සිය සක්‍රීය ජීවන සමයේදී දෙවතාවක් ද, ජීවිතයේ අවසාන සමයේ යළි වතාවක් ද වික්තෝරිඋගෝ පිළිබඳ දක්වන ලද මෙකී බරපතළ ‘එනිග්මැටික ප්‍රකාශමානවීම’ අසම්පූර්ණව, නො නිමිව මෙන් ම, අප්‍රකාශිතව පැවතුණත්, ෆ්‍රන්ස මහා කිවියර ඉඋගෝවුන් පිළිබඳ බිඳලිය නොහැකි යථාර්ථයක් ගොනුකරගෙන සිටියි.

මෙකී ජීදියානු ප්‍රවාදය තවදුරටත් විදාරණය කරන්නේ නම්, ජීද් කීයේ සමස්ථ ෆ්‍රන්ස සාහිත්‍යයේම, සංඛේත විසුල භාෂා හැඩ රටා සහ භාෂාකෘති සහ ව්‍යුහයන් කෙළ පැමිණි සාහිත්‍ය විශාරදයා,  චිත්තරූප මැවුම්කාරයා සහ භාෂා ප්‍රකම්පකයා, ඉඋගෝවුන් බව ය.

 

jeanJean d'Ormesson
ෆ්‍රන්ස ඇකඩමියේ ප්‍රධානියා සේම ලේඛකයකු මෙන්ම චින්තකයකු ලෙස සැළකෙන ෂොන් ද’ඔර්මෙසොන් (Jean d'Ormesson) මෙම ගැටළුවට මැදිහත් වූයේ මෙලෙසිනි.

 ‘ඉඋගෝ අග්‍ර කවියකු බව ඇත්තකි. නමුත් ‘’ෆ්‍රන්සයේ ශ්‍රේෂ්ටතම කවියා කවරෙක්ද?’’ යන  ප්‍රශ්නයට ඔන්ද්‍රේ ජීද් දුන් පිළිතුර වූයේ ‘’අවාසනාවට, ඒ වික්තෝර් ඉඋගෝ’’ යන්න යි. මෙහි ‘අවාසනාව’’  කුමක් ද? ඉඋගෝවුන්ගේ සාරයෙහි වන ව්‍යක්තභාවය සහ සශ්‍රීකභාවය විසින් වෙනත් යමක් අතිශය ප්‍රබල ලෙස නැඟී සිටිනු ලබයි. සියලු සාහිත්‍යාංග, අනුශාංග අතරින්, මෙකී ‘වෙනත් යම’විජයග්‍රාහී ළෙලැවීම් පාමින් සුපැහැදිලිව මෙන් ම සුප්‍රකව නැඟී සිටින්නේ මෙහෙමය. එ නම් එකවිට රමනීය වීරකාව්‍යයක් බඳු ඉතිහාසමය නවකතා ප්‍රබන්දයක් වන අතරේම, සමස්ථ මානව ප්‍රජාවටම අදාල බරපතළ ම සහ රිද්දනසුළු සමාජ මැදිහත්වීමක් අඩංගුව ලෙස උසුලාගත්තෙන්,  සදානුස්මරණීය වූ ‘ලෙ මිසෙරාබ්ලෙ’ කෘතිය ය.

ඉතිහාසය විසින් ගොඩනැඟුණු මානව අර්බුදයන් සේම මානව සෞන්දර්යයන් සියල්ල එකවිට එකමිටට හකුළා පෙන්වන්නට ඉඋගෝවුන් මෙහිදී සමත්ව තිබේ. අන් කිසිම නවකතාවක් මෙතරම් ම ගැඹුරු, මෙතරම් චිරස්ථායි චරිත ගණනාවක් එකවිට සම්පාදනය කරන්නේ නැත. මෙකී සියලු චරිත ගොඩනැංවීම විසින් මූලාකෘතිකවැ මෙන්ම සංඛේතියව,  නිරූපිත යුගයේ ‘සාමුහික මතකය’ බරපතළ විදිහට ස්ථාපනය කරන ලබයි. ඉඋගෝ නම් මහා කවියා යටපත් කරගෙන නැඟී සිටින්නේ මෙකී චිරප්‍රකට කෘතිය ය. ජීද්ගේ ප්‍රකාශයේ උත්ප්‍රාසය වන්නේ ඉඋගෝ මහා නවකතාකරුවා වන අතරම මහා කවියා ද වන බව ය. ‘’

le paris
වොල්ටර් බෙන්ජමින් නම් චින්තකයා ‘ෆ්‍රන්සයේ ශ්‍රේෂ්ටතම සමකාලීන ජීවමාන කවියා ලෙස හැඳින්වූ ෆ්‍රන්ස කිවියර ලෙඔන්-පොල් ෆාග් (Léon-Paul Fargue) වික්තෝරිඋගෝ ගැන පැවසූයේ මෙහෙම ය

‘’ඉඋගො කියන්නෙ අපේ වෘත්තීමයභාවයේ ගෞරවයයි’’  

‘කාව්‍යකරණය,  වෘත්තීමභාවයක් පරිද්දෙන්’ තවමත් අඛන්ඩව ෆ්‍රන්සය වැනි සමාජ සංස්කෘතික වපසරි තුළ පවතින බව සඳහන් කිරීම අතිශයෝක්තිසහගත නැත. එය සිදුවන්නේ කෙසේද යන සංවාදය වෙනම මොහොතක  ‘ෆ්‍රන්සක්කාරයන්’ සමඟින් සිදුකරගන්නට පිළිවන් ය.

 

56ghbdfhdfhdfhdfhdty

‘’ලෙ මිසෙරාබ්ල’’ යනු වික්තොරිඋගෝ නොහොත් ඉංග්‍රීසි උච්ඡාරණයට අනුව වික්ටර් හියුගෝ ලෙසින් නම් කරන ලද මහා ෆ්‍රන්ස පෞරුෂයේ අග්‍ර කෘතිය වන්නට පිළිවන. එදාමෙදාතුර පළවුණු ලෝකයේ විශිෂ්ඨතම නවකතා ඇතුළත් කවරාකාර ලැයිස්තුවක වුව ‘ලෙ මිසෙරාබ්ල’ පවතින්නට පිළිවන. එය මහා නවකතා අතර මහා නවකතාවක් බව ඇත්තකි. එහි පඨිතය එකවර තල ගණනාවක පැතිරෙයි. මිලියන අර්ධයක් ඉක්මවා ගිය වචන කන්දරාවක් සහිත දීර්ඝතම නවකතාවන්ගෙන් එකක් වන එය 1862දී පළවන විට ඉඋගෝවුන් 60හැවිරිදි වියේ පසුවිය.  කෘතිය පළවන විටත් ඔහු  ජාතියේ හෘදය සාක්ෂය බඳු මහා සමාජ පෞරුෂයක් විය.

නමුත් මෙම අධිනිෂ්චය වීම නිසා වික්තෝර් ඉඋගෝ නම් නාමකායේ හිමිකරුවා  ෆ්‍රන්සයේ එදාමෙදාතුර බිහිවුණු මහා කවියකු බව සැඟවී යයි. එය එනිග්මාවක් වන්නේ එබැවිනි.

victor hugo

නැගෙනහිර ෆ්‍රන්සයේ බෙසොංසොංහි (Besançon) 1802 ඉපදී වසර 60ක් සාහිත්‍යය මූලික කරගත් සමාජ-දේශපාලන ජීවිතයක් ගතකර, ජීවත්ව සිටි සමයේ ජීවත්ව සිටි සෙසු සකල බලපුළුවන්කාරයින් අභිභවාලූ අග්‍ර ෆ්‍රන්ස පෞරුෂය වෙමින් 1885 දී  පැරිසියේදී සිය ශරීරකාය අත්හැර දැමුව ද තවමත් සජීවීව මානව වර්ගයා කෙරෙහි බලපවත්නා වික්තෝර්-මාරි ඉඋගෝ, ෆ්‍රන්සක්කාරයන් අතරේ නම් අතිශය කාව්‍යමය පුරාවෘත්තයකි.

තරුණ වියේ පටන්ම මිත්‍රයකු වූ ෆ්‍රන්ස කිවියර තෙයෝෆිල් ගුතියේ වික්තෝරුවන්ගේ කවීත්වය හැඳින්වූයේ ‘’මහා රූස්ස වෘක්ෂයක්’ ලෙසින් ය ‘තෙයෝෆිල් ගුතියේ’ නාමය ශීර්ෂය ලෙස ගෙන මෙම මිත්‍ර කවියාගේ ජීවන සමුගැනීම වෙනුවෙන් වික්තෝරිඋගෝ ලියූ උත්තම කවිය, කවීන් අතර වන අන්‍යෙන්‍ය මිත්‍රත්වය-සහෝදරත්වය-බන්ධූත්වය පිළිබඳ කැඩපතක් වැනි දීර්ඝ කවියකි.

මෙවන් විවෘතකර  මිතුරුකම් ද සැඟවුණු පසමිතුරුකම් ද ගහණ ෆ්‍රන්සක්කාර කවියන් කිවිඳියන් ගැන සංවාදය අපි හිමින් පටන් අරගනිමු. එවන් සංවාදයට මුලපුරමින්, පොදු ජනතාව සහ ඇකඩමික ප්‍රජාව අතර එක ලෙස සම්භාවනාවට පාත්‍ර වූ වික්තෝරිඋගෝ නම් ෆ්‍රන්සක්කාරී මහා ලියන්නාගේ නොහොත්, මහා කවියාගේ කවිය ගැන වූ  උපුටනයකින් අවසානයට එළඹෙමු. ඔහු මෙසේ පවසයි.

‘’ආත්මය යුක්තිය උසුලා‌ගෙන සිටින්නා සේ කාව්‍යය උසුලා‌ගෙන සිටිනේනේ දාර්ශනිකභාවයයි.’’‍

manjula wediwardhana(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්