ශ්‍රී ලංකාවේ එළිමහන් සංගීත ප්‍රසංග කලාව නව මානයකට රැගෙන යමින් වසරේ දැවැන්තම සහ සුවිශේෂීම සංගීත අත්දැකීම ලෙස සැලකෙන ‘Hunger’ ප්‍රසංගය ආදරවන්තයින්ගේ දිනය දා එනම් අද (14) සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේ එළිමහන් වේදිකාවේදී ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙරට ප්‍රසංග ඉතිහාසයේ ප්‍රථම වතාවට කලාකරුවන් 40 දෙනෙකුගෙන් යුත් අති දැවැන්ත වාද්‍ය වෘන්දයක් (40-Piece Orchestra) පිරිවරාගෙන දිගහැරෙන මෙම සුවිශේෂී සංගීත රාත්‍රියේ සංගීත මෙහෙයවීම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද විසින් සිදු කරනු ලබයි.
මෙරට සංගීත ක්ෂේත්‍රයේ අසමසම හඬ පෞරුෂයන් හතක් වන රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර, ඉන්ද්‍රචාප ලියනගේ, චිත්‍රාල් සෝමපාල, උමාරියා සිංහවංශ, නදීක ජයවර්ධන සහ කුෂානි සඳරේඛා යන ශිල්පීන්ගේ සුසංයෝගයෙන් ගීතවත් වන මෙම ප්‍රසංගය ප්‍රේක්ෂකයින්ට අතිශය ආකර්ෂණීය සහ අමතක නොවන සංගීතමය අත්දැකීමක් වනු ඇති.
ඔබේ සුවපහසු අසුන වෙන් කර ගැනීමට සබැඳිය - mytickets.lk









