අනුෂා සිවලිංගම් විසින් පරිවර්තනය කරන ලද “දුර දසුනක හිරු ගිනිගෙන - ලාංකේය දෙමළ කිවිඳියන්ගේ කවි” කෘතිය එළිදැක්වීම සහ ඒ පිළිබඳ සංවාදය අද (26) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.
මෙම සුවිශේෂී සාහිත්‍ය උළෙල හෙට බ්‍රහස්පතින්දා පස්වරු 4.00 ට කොළඹ 07, බාන්ස් පෙදෙස, අංක 102/3 දරන ස්ථානයේ පිහිටි නීතිය හා සමාජ භාරය (Law & Society Trust - LST) ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.ලාංකේය දෙමළ කිවිඳියන්ගේ අත්දැකීම්, සමාජයීය දැක්ම සහ කාව්‍යමය ප්‍රකාශනයන් සිංහල පාඨකයා වෙත රැගෙන එන මෙම කෘතිය පිළිබඳව මූලික අදහස් දැක්වීම සඳහා ආචාර්ය ප්‍රභා මනුරත්න, සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක එක්වීමට නියමිතය. සමස්ත වැඩසටහනේ මෙහෙයවීම ප්‍රවීණ ලේඛිකා කුමාරි කුමාරගමගේ විසින් සිදු කරනු ලබයි.
උතුරේ සහ දකුණේ සාහිත්‍යමය අනන්‍යතාවයන් යා කරන සංස්කෘතික පාලමක් බඳු මෙම කාව්‍ය සංග්‍රහය, ලාංකේය දෙමළ කිවිඳියන්ගේ හෘද සාක්ෂිය සිංහල බසින් කියවීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි.
මෙම සුවිශේෂී සාහිත්‍යමය අවස්ථාව සඳහා සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය සියලුම සාහිත්‍ය ලැදි සහෘදයන්ට විවෘතව ආරාධනා කර සිටියි.









