leader s

යම් කිසි දේශපාලන ක්‍රියාවලියක බලවත් චරිතයක් වුවහොත් තමන් බලාපොරොත්තු වන දේ කල හැකි බවත්, තමන් දේශපාලනය සිදු කළේ නාට්‍ය කලාව ඇතුළු කලාවේ අභිවෘද්ධිය සඳහා බව ඩග්ලස් සිරිවර්ධන පවසනවා.


ඔහු මේ අදහස් පළ කළේ මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් වෙමිනි.

ඩග්ලස් සිරිවර්ධනව හඳුන්වා දෙනවා නම් හොරණ විද්‍යාරත්නයෙන් බිහිවූ නාට්‍යකරුවෙකු ලෙස සිය කලා දිවියේ ගමන අරඹමින් සම්මානනීය නාට්‍ය රචකයෙක්, නාට්‍ය නිෂ්පාදකයෙක්, ටෙලි නාට්‍ය තිර රචකයෙක්, නාට්‍ය හා රංග කලා ගුරුවරයෙක්. වැනි භූමිකා රැසක් ඔස්සේ දශක පහකට අධික කාලයක් ඔහුගේ කලා දිවිය දිවෙනවා.

‘හිට්ලර්’ (1986), ‘බොරු කකුල්’ (1991),‘අඹු සැමියෝ’ (1976), සුබ සැන්දෑවක්’ (1982) ‘සක්කාය දිට්ඨි’ ‘බෙරහඬ’... ඇතුළු ප්‍රකට නාට්‍ය රැසක් ඔහු විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

අඹුසැමියෝ

නීතිඥවරයෙක් ද වන ඔහු හිටපු ටෙලි නිර්මාණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා මෙන්ම ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇතුළුව වගකීම් රැසක් දරා තිබෙන ලංකාවේ ප්‍රසිද්ධ කලා කරුවෙක් ලෙස හැඳින්විය හැකියි.

ඉතින්, මෙවර කතා බහ සමග එක් වෙමින් ඩග්ලස් සිරිවර්ධනයන් සිය කලා දිවියේ හා ජීවන ගමනේ සන්ධිස්ථානයන් ‘mirror arts’ සමඟ බෙදා හදා ගත්තා.

සිය පාසල් දිවියේ නාට්‍ය කලාවට පිවිසුණු අවධියේ සිට පසුකාලීනව නාට්‍ය කලාව වෙනුවෙන් පුරෝගාමී මැදිහත් වීම් සිදු කිරීම් දක්වා බොහෝ අත්දැකීම් ගැන ඔහු කතා කළා.

ප්‍රවීණ කලාකරු, නීතීඥ ඩග්ලස් සිරිවර්ධන සහභාගී වූ සම්පූර්ණ වැඩසටහන දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පහළින්

 

 

mirrorarts.lk

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්