leader s

“වයිෆ්” චිත්‍රපටය මුල් අවස්ථාවේ ලංකාවේ බහුතරයක් ප්‍රදර්ශන මණ්ඩල ප්‍රතික්ෂේප කළ බවත්, චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලැබුනේ පසුව බවත්  “වයිෆ්” චිත්‍රපටයේ  අධ්‍යක්ෂක ශමීර නාඔටුන්න පවසනවා.


ශමීර මේ අදහස් පළ කළේ මෙවර ‘mirror arts’ (Behind the Lens) කතා බහ සමග එක් වෙමින්.

ඒ “වයිෆ්” චිත්‍රපටය මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද දිවයින පුරා සිනමා ශාලා වල ප්‍රදර්ශනය වන අතරවාරයේදීයි.

මීට පෙර ‘මෝටර් බයිසිකල්’,‘සිහින නෙලුම් මල්’ වැනි චිත්‍රපට ප්‍රේක්ෂකයාට තිළිණ කළේ ද ශමීර නාඔටුන්න විසින්. එම චිත්‍රපට වෙනුවෙන් ඔහු සම්මාන රැසකටත් පාත්‍ර උනා.

wife movie

ඉතින්, මෙවර කතා බහ සමග එක් වෙමින් ශමීර ‘wife’ චිත්‍රපටය නිර්මාණය වූ කාලසීමාවේ සිට චිත්‍රපටය තිරගත කිරීම දක්වා බොහෝ අත්දැකීම් අපත් සමග බෙදා හදා ගත්තා.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මෙරට ජනප්‍රිය නළු- නිළි දෙපලක් වන හේමාල් රණසිංහ හා උදාරි වර්ණකුලසූරිය විසින්.

ඉතින්, මේ තරු යුගළය සමග වැඩ කිරිමට ලැබුණු අත්දැකීම් පිළිබඳවත් ඔහු අපත් සමග පැවැසුවා.

 

marriage divorce d6904734 6647 11e6 b372 5e31f535a023

වර්තමානයේ සමාජයේ විවාහක යුවළවල දික්කසාදය සමාජ ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති බවත් “වයිෆ්” චිත්‍රපටය හරහා තමන් උත්සාහ කළේ මෙම ප්‍රශ්න දෙස වෙනස් ආකාරයකින් බැලීමට බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම වර්තමාන සමාජයේ බොහෝ දෙනා අඩු වැඩි වශයෙන් මුහුණ දෙන පොඳු අත්දැකීම් මත මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇති නිසා චිත්‍රපටය බොහෝ ප්‍රේක්ෂකයන්  වඩාත් සමීපව දැනෙන්නෙට හේතුවක් වී ඇති බවද ඔහු සදහන් කළා.

සමීර නාඔටුන්න සහභාගී  වූ සම්පූර්ණ කතා බහ දැන් ඔබට 'mirror arts' යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

කතා බහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.

වීඩියෝව නරඹන්න පිවිසෙන්න පහළින්

සටහන -යුමාල් කසුන්

 

 

 mirrorarts.lk

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්