පැරණි සමාජ රාමුව තුළ කාන්තාවකට වෘත්තීයමය වශයෙන් තහංචි පැනවුණු ක්ෂේත්‍ර බොහෝමයක් තිබුණි. විශේෂයෙන්ම කැමරාව සහ ඡායාරූපකරණය යනු එවකට කාන්තාවකට එතරම් හුරුපුරුදු හෝ සමාජය විසින් පහසුවෙන් අනුමත කළ විෂය පථයක් නොවීය.
එවැනි පටු සංස්කෘතික මතිමතාන්තර සහ තහංචි අභියෝගයට ලක් කරමින්, තමන්ගේ සහජ දක්ෂතාවය සහ අසීමිත කැපවීම මත ජාත්‍යන්තරය පවා ජයගත් ප්‍රවීණ නිර්මාණශීලී ඡායාරූප ශිල්පිනියක ලෙස රැෆෙලා ප්‍රනාන්දු වර්තමානය වන විට නොමැකෙන නාමයක් සනිටුහන් කර හමාරය.
ඇය විසින් නිර්මාණය කරන ලද RFCC (Raffealla Fernando Celebrity Calendar) සන්නාමය අද වන විට ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී, දේශසීමා ඉක්මවා ගිය ප්‍රබල ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව තිබේ.
ඇය විසින් නිර්මාණය කරන ලද RFCC (Raffealla Fernando Celebrity Calendar) සන්නාමය අද වන විට ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවී, දේශසීමා ඉක්මවා ගිය ප්‍රබල ජාත්‍යන්තර සන්නාමයක් බවට පත්ව තිබේ.
ක්ෂේත්‍රය තුළ ඇයට මුහුණ දීමට සිදු වූ අතිමහත් අභියෝග සහ දුෂ්කරතාම ඇයගේ වෘත්තීය ගමන ශක්තිමත් කිරීමටත්, ඇයව ඉහළම තලයකට ඔසවා තැබීමටත් හේතු විය. සමාජය "අකැප" යැයි සම්මත කළ දේ දක්ෂතාවයෙන් සහ නොසැලෙන අධිෂ්ඨානයෙන් ජයගත හැකි බවට ඇය මනා ආදර්ශයක් සපයයි.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, මේ සුවිශේෂී ජීවන අත්දැකීම් පිළිබඳව කතාබහ කිරීමට Mirrorarts YouTube නාලිකාව ඇයට ආරාධනා කළේය. ඇයගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයන්, මුහුණ දුන් බාධක සහ ජාත්‍යන්තරය දිනා ගැනීම දක්වා රැෆෙලා ප්‍රනාන්දු සමඟ කළ එම සම්පූර්ණ සහ හරවත් සාකච්ඡාව දැන් Mirrorarts YouTube නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂක ඔබට නැරඹිය හැකිය.








