leader s

ලේඛිකාවක සහ පරිවර්තිකාවක වන අනුෂා සිවලිංගම්  සහ  නිරංජලා මංජරී  අතර විශේෂ සාකච්ඡාවක් 'Voice of Women'
(VOW) නාලිකාව ඔස්සේ  පැවැත්විණි. මෙහිදී ලාංකීය දෙමළ කිවිඳියන්ගේ නිර්මාණ සිංහල පාඨකයා වෙත සමීප කිරීම සහ යුද්ධයේ කටුක අත්දැකීම් සාහිත්‍යය හරහා ප්‍රතිනිර්මාණය කිරීම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

සාකච්ඡාව ආරම්භ කරමින් නිරංජලා මංජරී  පෙන්වා දුන්නේ අනුෂා සිවලිංගම් විසින් පරිවර්තනය කරන ලද කවි තුළ විශාල ඛේදවාචකයක් සැඟව ඇති බවයි. විශේෂයෙන්ම මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය වැනි දිනක කාන්තාවන්ගේ සැබෑ හඬ සහ ඔවුන් අත්විඳි පීඩනය හඳුනා ගැනීම වැදගත් බව ඇය සඳහන් කළාය.

අනුෂා සිවලිංගම්  විසින් රචිත, 'ෆාදර්' (Father) චිත්‍රපටයට ඇතුළත් වූ "පාවපට්ට භූමියිල (ල්)..." යනුවෙන් ඇරඹෙන ගීතය පිළිබඳව සිහිපත් කළාය. එහි විශේෂත්වය වන්නේ ගීතයේ සෑම වචනයක්ම පාහේ දෙමළ බසින් 'ප' (Pa) අකුරෙන් ආරම්භ වීමයි. තමා එම ගීතය විශ්වවිද්‍යාලයක විභාග රාජකාරි අතරතුර බසයක ගමන් කරද්දී සිතට නැගුණු අදහසක් අනුව නිර්මාණය කළ බව ඇය පැවසුවාය.

ඇයගේ නවතම පරිවර්තන කෘතිය වන "දුර දසුනක හිරු ගිනිගෙන" (ලාංකීය දෙමළ කිවිඳියන්ගේ කවි) පිළිබඳව අදහස් දක්වමින් අනුෂා ප්‍රකාශ කළේ, යුද්ධය පවතින සමාජයක මුලින්ම ඉලක්ක වන්නේ දරුවන් සහ කාන්තාවන් බවයි. 
ලිංගික හිංසනය යුද උපක්‍රමයක් ලෙස භාවිතා කළ ආකාරය සහ චෙම්මනි සමූහ මිනී වළවල් වැනි අතිශය කම්පනීය සිදුවීම් මෙම කවි හරහා ප්‍රකාශ වන බව ඇය පෙන්වා දුන්නාය.

පරිවර්තනය යනු හුදෙක් භාෂා දෙකක් අතර පාලමක් නොව, එය දේශපාලන ප්‍රකාශනයක් බව අනුෂා අවධාරණය කළාය.

 දකුණේ ජනතාව උතුරේ යුද නටබුන් නැරඹීමට යාම "කුරිරු සෞන්දර්යයක්" ලෙස හඳුන්වමින් ඇය කියා සිටියේ, එවැනි ඛේදවාචකයන් සාහිත්‍යය හරහා සාකච්ඡාවට ලක් කිරීම යුක්තිසහගත සමාජයක් ගොඩනැගීමට අත්‍යවශ්‍ය බවයි.
 
 
 
 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්