leader s

මො.ල. සෙනෙවිරත්න විසින් ලියන ලද "හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න" කාව්‍ය කෘතිය සහ " සිපීර්" ස්ක්‍රැපිසිවාදි සටහන් කෘතිය පිළිබඳ zoom සංවාදයක් 2026 මාර්තු මස 29 වැනිදා, ඉරිදා රාත්‍රී 7ට පැවැත්වේ.


මෙම සූම් සංවාදය Lit Room සාමූහිකය විසින් සංවිධානය කරනු ලබන සාහිත්‍ය සංවාද මාලාවේ එකළොස්වැන්න ලෙස පැවැත්වේ. පැතුම් පුංචිහේවා විසින් මෙහෙයවනු ලබන මෙම සංවාදය සඳහා අජිත් ක්‍රිෂාන්ත සේරම් සහ රුවනි සිසිජා සම්පත් දායකයන් ලෙස සහභාගි වීමට නියමිත ය.

 

657107150 10232351649836329 666362610043436801 n
සමාජ දේශපාලන ක්‍රියාකාරීකයකු වන මො.ල. සෙනෙවිරත්න, සිය අද්දැකීම් පාදක කර ගෙන මෙම කෘති රචනා කර ඇති අතර, එහි දී සිරගත ජීවිතයේ අද්දැකීම් ප්‍රමුඛ වී ඇත.

"හික්මවීම පිණිස මේ දඩුවම ඉවසන්න" කාව්‍ය කෘතිය මුල්වරට ප්‍රකාශයට පත්වූයේ 2018 දී ය. එහි දෙවන මුද්‍රණය 2025 දී පළ කළ අතර, කාව්‍ය නිර්මාණ  60ක් එහි අන්තර්ගත ය.

"සිපීර්- ස්ක්‍රැපිසිවාදි සටහන්" කෘතිය 2025 දී පළ කළ අතර; පොලීසිය, අධිකරණය සහ බන්ධනාගාර ව්‍යුහයේ ඇති පීඩකත්වය ගැන සාකච්ඡා කෙරෙයි.

සමාජයේ අද්දරට තල්ලු කර දමා ඇති ජනකොටස් තම විමුක්තිය වෙනුවෙන් ගෙන යන සටනට පක්ෂපාතී වන මෙම ලියමන් මඟින් අප, අප තුළත් අප, අනෙකා මතත් ක්‍රියාකරන ආකාරය දෙස බැලීමට කවුළුවක් විවෘත කරයි.

" තම විමුක්තිය සොයා යන මිනිසුන් පසුපසින් පමණක් නොව ඉදිරිපසින් ද කරදර කඩා පාත් වන්නේ, ඔවුන්ව පරීක්ෂා කිරීමට මෙනි; තම ගමන ගැන විශ්වාසවන්තයා එවැනි බාධක ගණන් නොගෙන ඒවාට කෙළින් මුහුණ දෙමින් ඉදිරියට ම යයි. එවිට බාධක ලෙස පෙනී සිටින"රකුසන්" ඔහු නහය අබියස දී ම මාවතින් ඉවත් ව පලා යයි. නිර්භය මිනිසා හමුවේ "නපුර" දණ නමයි. ලෝකය එවන් නිර්භීත මිනිසාට උදව් කරයි: ආරක්ෂා කරයි; තම අරමුණු ජය ගැනීමට මග පෙන්වයි..."

ඕපියුම ප්‍රකාශනයක්
Grantha.lk බෙදා හැරීමක්


දිනය     -: 2026 මාර්තු  29 ඉරිදා

වේලාව -: 7.00 PM

Link

Meeting ID -  845 8577 1133

Passcode: 805451

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්