leader s

Project Hail Mary චිත්‍රපටිය මේ දවස්වල IMAX එකේ ප්‍රදර්ශනය වෙනවා.

ඒක scifi කියල කිව්වට විද්‍යා ප්‍රබන්ධයකට වඩා විශාල මිනිස් සත්‍යයන්, හැගීම් කැටි කරගත්ත මාස්ටර්පීස් එකක්. චිත්‍රපටය පදනම් වෙන්නෙ Martian ලියපු ඇන්ඩි වෙයර්ගෙම පොතක් මත. මේ වෙද්දිත් ඇමසන් එම්ජීඑම් වල අතිසාර්ථක චිත්‍රපටියක් බවට හේල්මේරි පත්වෙලා තියෙනවා.

කතාව නොකියා කතාව කිව්වොත්, මේකෙ තියෙන්නෙ ඉර යම් ජීවී විශේෂයක් නිසා විනාශ වෙන්න යනවා. ඒක බේරගන්න ග්‍රේස් කියන ඉස්කෝලෙ විද්‍යා ගුරුවරයාව යවනවා. මේ අතර අභ්‍යවකාශයේදි එයාට ඒලියන් මිත්‍රයෙක් මුනගැහෙනවා.

 

phm2

අපි හොලිවුඩ් චිත්‍රපටවල හැමදාම දැකලා තියෙන්නෙ ඒලියන්ස්ලා බිහිසුණු සතුරු පිරිසක් විදිහට. එක්සනෝෆෝබියාව ඇතුලෙ තමයි මේ හැම චිත්‍රපටයක්ම වගේ වැඩ කරන්නෙ. ඒත් හේල් මේරි වෙනස්. ඒලියන්ස්ලා හැගීම් දැනීම් දැනෙන මිතුරන් විය හැකි බවට ඇන්ඩි වෙයර් යෝජනා කරනවා. ඒ මිත්‍රත්වය ඇතැම්විට පෘතුවියේ මනුස්ස සම්බන්ධතා ඉක්මවා යා හැකි බවත් දනවන්න තරමට නිර්භීත වෙනවා.

මට ප්‍රොජෙක්ට් හේල්මේරි කියන්නෙ දේශපාලන කියවීමක් සහිත උත්තර මිනිස්  හැගීම් ස්පර්ශ කරන අධ්‍යාත්මික කෘතියක්. විද්‍යාව එන්නෙ ‍මේ හැමදේකටම ආකෘතියක් සපයන්න විතරයි.

 

bcXK3sPxSoaiEdhuPjU2vW
මේ කතාවෙ නාසා විද්‍යාඥ කණ්ඩායම මෙහෙයන්නෙ ඊවා ස්ට්‍රැට් කියන කාන්තාව. එයා හැමදෙයක්ම කරන්නෙ මානව සංහතිය බේරගන්න. ඒ වෙනුවෙන් ඕනම කෙනෙක්, ඕනම දෙයක් කැප කරන්න එයා සූදානම්. මේක හරිම පැරඩොක්සිකල් තැනක්. මානව සංහතිය ගලවාගැනීමේ යහපත් උවමනාව වුනත් කොයිතරම් අමානුෂික විය හැකිද කියන එකට උදාහරණයක්. ඊවා කියන්නෙ සාමූහිකත්වය වෙනුවෙන් සියල්ල කැප කළ හැකි අන්තගාමීත්වය.

එයාට අනුව සියලු ආචාර ධර්ම සාමූහික අරමුණක් වෙනුවෙන් පාවා දිය හැකියි. පුද්ගලයා යනු වැදගත් සාධකයක් නෙමෙයි. පුද්ගලයා සාමූහික අවශ්‍යතාව වෙනුවෙන් පාවිච්චියට ගැනීම යුක්තිගරුකයි. පුද්ගල සම්බන්ධතාවලට වටිනාකමක් නෑ. මොකද සාමූහික අරමුණ ඊට වඩා උත්තරීතරයි.  දැන් කෙනෙකුට අපි මුහුන දෙන දේශපාලන තත්ව එක්ක මේ පිහිටීම සමීකරණය කරගන්න පුළුවන්.

ඒ වෙනුවෙන් එයා ග්‍රේස් කියන පාසැල් ගුරුවරයාව බලහත්කාරයෙන් අභ්‍යවකාශයට යවනවා. ඔන්න එතනදි ‘රොකී’ කියන ඒලියන්ව මුනගැහෙනවා.

රොකී ඒලියන් කෙනෙක්. මුහුණක් හෝ එබී බලන්න ඇස් දෙකක් හෝ එයාට  නෑ. භාෂාවක් නෑ. මතවාදයක් හෝ දේශපාලනයක් නෑ.

 

phm1
ග්‍රේස් සහ රොකී මුනගැහෙන්නෙ ගුරුත්වයක් අහිමි අභ්‍යවකාශයක. එතන ජාතියක් නෑ. වර්ගයක් නෑ. දෙන්නම අසරණයි. අනාථයි. එකට එකතුවී ගැලවීම විතරයි ඔවුන් ඉදිරියේ තියෙන්නෙ.

මෙන්න මේ වල්නරබිලිටි එක ඇතුලෙ ගොඩනැගෙන පුද්ගල සම්බන්ධතාවයක චමත්කාරය තමයි ප්‍රොජකේට් හේල්මේරි කියන්නෙ. රොකී,  ග්‍රේස්ට උදව් කරන්නෙ මනුෂ්‍යත්වය හෝ මානව සංහතිය වෙනුවෙන් නෙමෙයි. ග්‍රේස් කියන ඒ මනුස්සයා වෙනුවෙන්. අභ්‍යවකාශයේ මුනගැහුනු මිත්‍රත්වය වෙනුවෙන්.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්