ලෝක ප්‍රකට ඉන්දීය පසුබිම් ගායන ශිල්පිනී ආශා බෝස්ලේ (Asha Bhosle)හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
PTI පුවත් සේවය වාර්තා කරන අන්දමට, 92 හැවිරිදි වියේ පසුවන ඇය රෝහල්ගත කර ඇත්තේ හෘදයාබාධයක් සහ පෙනහළු ආශ්‍රිත සංකූලතා හේතුවෙනි.
දශක හතකට වැඩි කාලයක් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ රැජිනක ලෙස වැජඹුණු ඇය, සිය වැඩිමහල් සොහොයුරිය වන ලතා මංගේෂ්කාර්ගේ සෙවණැල්ලෙන් මිදී තමන්ටම ආවේණික වූ සුවිශේෂී ගායන ශෛලියක් ගොඩනගා ගැනීමට සමත් වූවාය.
ඉන්දීය සිනමාවට සහ සංගීතයට කළ සේවය වෙනුවෙන් ඇය ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මාන වන පද්ම විභූෂණ සහ දඩාසාහිබ් ෆාල්කේ සම්මානයෙන් පිදුම් ලබා ඇත.
මුලාශ්‍රය :
Veteran Singer Asha Bhosle Suffers Cardiac Arrest, Admitted To Hospital








