leader s

ෂර්ලි සමරසිංහ විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද "සිලිලාරේ" දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය, එංගලන්තයේ ලන්ඩන් නුවර

පැවැත්වෙන 28 වෙනි යූකේ ආසියානු සිනමා උළෙල සඳහා නිල වශයෙන් තේරී පත්වී ඇත.

මෙම සිනමාපටය ගයන්ත් ප්‍රසන්නජිත් ජයසුන්දර සහ වෛද්‍ය දර්ශන අනුරාධ චන්ද්‍රසිරි එක්ව නිෂ්පාදනය කරන ලද්දකි.

මැයි 1 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සිනමා උළෙලේදී "සිලිලාරේ" සිනමාපටයේ ලෝක මංගල දර්ශනය 2026 මැයි මස 05 වැනි අඟහරුවාදා පස්වරු 6.30 ට ලන්ඩන්හි මෙට්‍රෝ සිනමාශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතව ඇත.

1999 වර්ෂයේදී ආරම්භ කරන ලද යූකේ ආසියානු සිනමා උළෙල, දකුණු ආසියානු කලාපීය රටවල සිනමාව වෙනුවෙන් එක්සත් රාජධානියේ පැවැත්වෙන පැරණිතම සිනමා උළෙල ලෙස සැලකේ.

 එම සිනමා උළෙල ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරන 12 වෙනි දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙස "සිලිලාරේ" වාර්තා අතරට එක්වීම ද විශේෂත්වයකි.

යූ එල් කේ ෆිල්ම්ස් පුද්ගලික සමාගම විසින් මෙම සිනමාපටයේ ජාත්‍යන්තර සිනමා උළෙල ප්‍රවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

 0000sililare 10000sililare 20000sililare 30000sililare 4

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්