leader s

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල සාර්ථකව පවත්වා නිම කළ "ඈත සිතිජයේ" ප්‍රසංග මාලාවේ ශ්‍රී ලාංකීය අදියර එළඹෙන මැයි මස 22 වනදා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.


ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනාගත් ප්‍රවීණ ගායන ශිල්පීන් වන ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ චන්ද්‍රලේඛා පෙරේරා යන කලාකරුවන් තිදෙනා ගීත රැසකින් එදින ප්‍රසංගය වර්ණවත් කරති.

සුගත් හෙට්ටිආරච්චිගේ සංගීත අධ්‍යක්ෂණයෙන් සහ කැළුම් ශ්‍රීමාල්ගේ කථනයෙන් හැඩවන මෙම ප්‍රසංගය Awakasha Entertainment ආයතනයේ ඉදිරිපත් කිරීමකි. රුපියල් 3000, 5000, 7500, 10000, 12000 සහ 15000 යන ඛාණ්ඩ යටතේ ප්‍රවේශපත්‍ර නිකුත් කර ඇති අතර, මේ වන විටත් ඉන් 50% ක් පමණ විකිණී අවසන් බව සංවිධායක මණ්ඩලය දන්වා සිටියි.

ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකි අතර, වැඩිදුර තොරතුරු 071 8647 630 යන දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය. 

 WhatsApp Image 2026 05 04 at 4.58.25 PM

 

mytickets.lk

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්