leader s

ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ චන්න දේශප්‍රියගේ අපූරු සංකල්පයකට අනුව නිර්මාණය වූ 'සිංදු හැදෙන හැටි' වැඩසටහන් මාලාවේ,

ප්‍රවීණ ගී පද රචිකා සුරම්‍යා මාපිටිය සමඟ කළ සාකච්ඡාවේ පළමු කොටස ඊයේ දින Mirror Arts යූටියුබ් නාළිකාව ඔස්සේ විකාශනය කෙරිණි.

ගී පද රචකයන් තෝරාගත් ඔවුන්ගේ ප්‍රියතම ගීත 10ක් වටා ගෙතුණු හරවත් සංවාදයක් සහ එම ගීත ගායනා කරමින් කෙරෙන රසාස්වාදයකින් මෙම වැඩසටහන සමන්විත වේ. ඒ අනුව සුරම්‍යා මාපිටිය විසින් රචනා කරන ලද අමරසිරි පීරිස් සහ නිරෝෂා විරාජිනී ගායනා කරන 'හීන ගේන හැම රෑකම' ගීතය පිළිබඳ තොරතුරු මෙම පළමු කොටසින් නැරඹිය හැකිය.

චන්න දේශප්‍රියගේ අධ්‍යක්ෂණයෙන් සහ මනෝහාරී හේවාවසම්ගේ ඉදිරිපත් කිරීමෙන් හැඩවන මෙම වැඩසටහනේ ගීත ගායනයෙන් ශානිකා සුමනසේකර සහ තිළිණ සුදේශ් වන්නිආරච්චි දායක වන අතර පබසර කන්නන්ගර ගිටාර් වාදනයෙන් සහාය වේ. කැමරා අධ්‍යක්ෂණය සහ ආලෝකකරණය චන්න දේශප්‍රිය සහ ඇඩම් ස්ට්‍රයිනර් මැක්ලම් විසින් සිදු කර ඇති අතර අසංක වික්‍රමසිංහ සහ ගයාන් ඉන්දුම සංස්කරණ කටයුතු සිදු කර ඇත.

මැජික් ලැන්ටන් ආයතනයේ තාක්ෂණික සහාය ඇතිව චන්න දේශප්‍රිය සහ මනෝහාරී හේවාවසම් විසින් නිෂ්පාදනය කරන ලද මෙම වැඩසටහන සඳහා වරුණි අල්පොන්සො වේශ නිරූපණයෙන් දායක වී ඇති අතර, නලින් මාපිටිය සහ සිඩ්නි වඩුගේට විශේෂ ස්තුතියක් පිරිනමා ඇත. ඔබට දැන් මෙම වැඩසටහන Mirror Arts යූටියුබ් නාළිකාව හරහා නැරඹිය හැකිය.

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්