leader s

උත්පත්තියටත් කලින් මර්දනය කිරීම මෙරට තුළ දෙමල භාෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය බවත් ජාතියක සාහිත්‍ය ප්‍රකාශනය මර්දනය කිරීම ඒ ජාතිය මර්දනය කිරීමේ මූලික පියවර බවත් ප්‍රවීන කතුවර ගාමිණි වියන්ගොඩ පවසයි.


ඔහු මෙම අදහස් දැක්වීම කර තිබුණේ "සම්මානලාභී ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන්ගේ කෘති ‘රාජද්‍රෝහී’ ලේබල් කර රේගුව විසින් රඳවා තබා ගැනීමේ දේශපාලනය, ‘රාජද්‍රෝහී කලාව, ජාතික අරක්ෂාව සහ අදහස් පළකිරීමේ අයිතිය" පිළිබඳව ඉකුත් මැයි 16 වැනිදා Zoom ඔස්සේ පැවති ‘සවිචාර සංවාද’ වැඩසටහනේ දී ය.

WhatsApp Image 2026 05 22 at 13.06.59
ඔහු එහිදී වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

"සිංහල භාෂාව උත්පත්තියට පස්සේ ඉපදුනාට පස්සේ තමයි කවුරු හරි පැමිණිලි කරලා හරි මොනවාහවා හරි කරලා උද්ගෝෂණ කරලා හරි තහනම්කට ලක් කරන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් මේකත් තව විදියකින් අපිට පෙන්නුම් කරනවා දෙමලකු වීම නිසාම ඇතිවෙන ප්‍රශ්නයක් විදිහට. ඉතින් මේ විදිහට ගත්තහම මට තියෙන ලොකුම කණගාටුව තමයි, ජාතිවාදය හෝ ආගම්වාදය පිළිගන්නේ නෑ අපි ඒකට විරුද්ධයි කියලා ප්‍රසිද්ධියේ ඒ දේශපාලන ව්‍යාපාරයක් කරගෙන යන බලධාරීන් බලය ඉන්න අවස්ථාවක මේ වගේ දෙයක් සිද්ධ වීම.

ඒක වෙන්නේ මෙහෙමයි... ඒක වෙන්නේ ඇත්තටම යම්කිසි විදිහක නරක දෙයක් මේ පොතක තිබුනොත් අනවශ්‍ය ජාතිවාදී කලබැගැනියක් ඇතිවෙන්න පුළුවන්ද කියන බය. හැබැයි මම කියනවා මේ බය බොරු බයක්, වංචනික බයක් කියලයි මම කියන්නේ. වංචනික බය කියන්නේ..... දැන් ඇත්තටම කැමති නැහැ මේ දෙමල කෘතිය මෙතනට දාන්න අර බොක්කේ ජාතිවාදී හැඟීම් තියෙන නිසා. නමුත් කියනවා අනිත් පැත්තට මේකේ ජස්ටිෆිකේෂන් එකක් විදිහට ගේනවා නෑ නෑ මේ වෙලාවේ සාමකාමේ ඉන්න සමාජයක් මේක මෙහෙම දෙයක් ඇවිල්ලා සංඝයා වහන්සේලා සිංහලයෝ මේගොල්ලෝ ඇවිලෙන්න පුළුවන්. මේක එක්ස්ක්යුස් එකක් විතරයි පාලකයින්ට තමන්ගේ සත්‍ය ස්වභාවය වසා ගැනීමට. මම දකින්නේ එහෙමයි.

එහෙම නැතුව මේ ජාතිවාදී කෝලාහාල පොත්පත් නිසා ඇතිවෙච්ච අවස්ථාවක් ලංකාවේ අපේ ඉතිහාස එහෙම නෑ. ඒවා මේ ජාතිවාදීන් වෙනම ව්‍යාපාර විදිහට ගිහිල්ලා ඒගොල්ලෝ සංවිධානය වෙලා ජාතිවාදීන් ව උසිගන්වලා සහ රාජ්‍ය අනුග්‍රහයත් ඇතිව කරපු දේවල්. ඒවා පොතක් කියවීම නිසා ඇති වෙන්නේ නෑ. පොත පවා මෙතනදි ප්‍රශ්නයක් වෙන්නේ අර දෙමලා පිළිබඳව සැකයෙන් පටන් ගැනීම නිසයි. පටන් ගන්නේ සැකයෙන් සැකයෙන් පටන් අරගෙන ඒ සැකය ඔප්පු කිරීම සඳහා තමයි ඊට පස්සේ දිගටම යන්නේ. මේක ඉතා භයානකයි. පොත්පත් සම්බන්ධයෙන් එනකොට. ඇයි මේ පොත් මෙච්චර මේවා කරන්න යන්නේ ඇයි අපි 1981 දෙමල මිනිස්සුන්ගේ සංහාරය පටන් ගන්න ඉස්සෙල්ලා ඒ මිනිස්සුන්ගේ පොත් සංහාරයක් කළේ ඇයි? ඇයි යාපනය පුස්තකාලයට ගිනි තියෙන්නේ? මොකක්ද අරමුණ වෙන්නේ ඇත්තේ? ඒ කියන්නේ ජාතියක සාහිත්‍ය ප්‍රකාශනය මර්දනය කිරීම තමයි ඒ ජාතිය මර්දනය කිරීමේ මූලික පියවර. ඉතින් එදාත් පුස්තකාලය ඒ කියන්නේ පොත්ගිනිතියද්දිත් අරමුණු කරන්න ඇති පුළුවන් තරම් දුරට මේ ජාතියේ ඉස්සරහට යන එක නතර කරන්න පුළුවන් කියලා ඒ මාර්ගයෙන්. මෙයාගෙත් දැන් අපේ මාතෘකාවේ ඉන්න මේ පොතුත් නවත්තන්නේ ඒ විදියටම කියලයි මම හිතන්නේ."

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්