leader s

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ 136 වැනි ජන්ම සංවත්සරය නිමිති කොට ගෙන, මහාචාර්ය ජයදේව උයන්ගොඩ  විසින් රචිත

“නවකතාවක් පමණක් නොවන නවකතාවක්” කෘතිය එළිදැක්වීමේ විශේෂ උත්සවයක් සංවිධානය කර ඇත.


මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මෙම සාහිත්‍ය උත්සවය 2026 මැයි 29 වන සිකුරාදා පස්වරු 2.30 සිට 5.00 දක්වා කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී එළිදැක්වෙන “නවකතාවක් පමණක් නොවන නවකතාවක්” කෘතිය පිළිබඳව විශේෂ විමසුම් දේශන ද්විත්වයක් පැවැත්වෙන අතර, ඒ සඳහා  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා සහ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි  සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලාංකීය සාහිත්‍ය කලාවට සහ විචාර ක්ෂේත්‍රයට වැදගත් එකතුවක් වන මෙම සුවිශේෂී සාහිත්‍ය උත්සවය සඳහා සහභාගී වන ලෙස මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය සහ ජාතික පුස්තකාලය සියලුම සාහිත්‍ය හිතකාමී ලේඛක, පාඨක සහ විදග්ධ ජනතාවට ගෞරවයෙන් ආරාධනා කර සිටියි.
 

xvdsdsd

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්