leader s

සිනමා තිරයෙන් ඔබ්බට යමින් මහජන අවකාශයන් තුළ නිර්මාණාත්මක සමාජ කතිකාවක් ගොඩනැගීම  


සෞන්දර්ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සජීවී වාදනය සහ ඡායාරූප ප්‍රදර්ශනයක් සමඟින් අභිසාරි ප්‍රචාරණ වැඩසටහන  


සිනමාව සහ වීදි කලා අත්දැකීම  

චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ "අභිසාරී" චිත්‍රපටයට සමගාමීව, සාම්ප්‍රදායික සිනමා ප්‍රචාරණ රටාවන්ගෙන් බැහැර වූ වෙනස්ම ආකාරයේ වීදි කලා සහ ඡායාරූප ප්‍රදර්ශනයක් මහරගම බෝධිය අසලදී පැවැත්විණි. ලිංගික ශ්‍රමිකයන්ගේ ජීවිතය සහ ඔවුන් මුහුණ දෙන සමාජයීය හා නීතිමය යථාර්ථයන් පදනම් කරගනිමින් නිර්මාණය වූ මෙම සිනමාපටය, තිරගත වන අතරතුර මෙවැනි මහජන අවකාශයකට ගෙන ඒම විශේෂත්වයකි.  

මහරගමදී පැවැති මෙම වැඩසටහන හුදෙක් ඡායාරූප ප්‍රදර්ශනයකට පමණක් සීමා නොවූ අතර, ප්‍රදර්ශන භූමිය තුළ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් කිහිපදෙනෙකු විසින් ලංකාවේ අභිසාරිකාවන් සහ තේමාවන් අදාල කරගනිමින් නිර්මාණය වූ ගී තනු සජීවීව වාදනය කරනු ලැබීය. මීට අමතරව, සංකේතාත්මක රතු පැහැති ඇඳුමින් සැරසුණු යුවතියක විසින් "අභිසාරී" විශේෂ ඡායාරූප පොත් පිංච මගීන් සහ නරඹන්නන් අතර බෙදා දීමට කටයුතු කර තිබේ.  

කලාත්මක ප්‍රවේශය සහ සමාජ කතිකාව  

ශ්‍රී ලංකාවේ සිනමා සංස්කෘතිය තුළ චිත්‍රපටයක් වෙනුවෙන් මෙලෙස විවෘත සමාජ පරිශ්‍රයක් තුළ සජීවී ප්‍රසංගාත්මක සහ ඡායාරූපමය මාධ්‍යයක් භාවිත කරමින් ප්‍රචාරණ කටයුත්තක් සංවිධානය වූ ප්‍රථම අවස්ථාවන්ගෙන් එකක් ලෙස මෙය සැලකිය හැක. සිනමා ශාලාවේ තිරයට සීමා නොවී, සමාජය තුළ පවතින සම්ප්‍රදායික මතවාදයන් අභියෝගයට ලක්කරමින් විවෘත සංවාදයක් ගොඩනැගීම මෙම ප්‍රවේශයේ මූලික අරමුණ වී තිබේ.  

පබෝධා සන්දීපනී, අකලංක ප්‍රභාෂ්වර, ජැනට් ඇන්තනි සහ ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායක වන "අභිසාරී" චිත්‍රපටය මේ වන විට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. චිත්‍රපටයේ අන්තර්ගතයට සමාන්තරව දේවා ජයවර්ධන විසින් කැමරා කාචයට හසුකරගත් චිත්‍රපට පසුබිම් සහ තේමාත්මක ඡායාරූප ඇතුළත් මෙම ප්‍රදර්ශන මාලාව, ඉදිරියේදීත් විවිධ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සංවිධායකයන් අපේක්ෂා කරයි.  

 

 

 

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්