ලිංගික ශ්‍රමිකයන් පිළිබඳ කතිකාවේදි ඉතාමත් වැදගත් පිරිසක් වන්නේ අප රටේ පූජ්‍ය පක්ෂයයි.
සදාචාරය සංස්කෘතිය පිළිබඳ නව අදහස් සංවාදයට පූජ්‍ය පක්ෂයේ සහභාගිත්වය අවශ්‍යමයි.
බෞද්ධ අපට බුදුන් වහන්සේ විසින් අම්බපාලි නම් නගර ශෝභිනිය රජවරුන් සිටුවරුන්ටත් ඉහලින් ඔසවා තැබූ, විමුක්ති මග පැහැදූ ඉතිහාසයක් ඇත. කිතුණු සහෝදර බැතිමතුනට මරියා මග්දලේනා ජේසුස් වහන්සේගේ සමීපතම සාන්තුවරියක් ව ගත කළාවූ ඉතිහාසයක් ඇත. අප රටේ අද අම්බපාලියගේ මග්දලේනාගේ පරපුර විඳින අපහාස දුක් ගැහැට මානුෂීයව විමසා බැලීමට කාලය එළඹ ඇත.
එවන් නිදහස් මනසකින් මානුෂවාදී කලා ප්‍රකාශනයක් වන අභිසාරි නරඹන මෙන් සියලු ආගමික පූජ්‍ය පක්ෂවලට නමස්කාර පූර්වකව ආරාධනා කරමු.
ඔබවහන්සේලා වෙනුවෙන් සෙනසුරාදා (08දා) මහරගම ඇමිටි සිනමා ශාලාවෙහි විශේෂ අසුන් පැනවීමක් සූදානම් කර ඇති අතර පහත අංකයට whatsapp පණිවිඩයක් ලබා දීමෙන් නොමිලේ ප්‍රවේශපත් 50ක් ලබා දීමට කටයුතු යොදා ඇත. නරඹන්න. විමසන්න. ඇය වෙනුවෙන් ඔබත් එන්න!
(සටහන | චින්තන ධර්මදාස )
අභිසාරී චිත්‍රපටයේ අධ්‍යක්ෂ









