leader s

ශෂී තරූර් ඇතුළු ජාත්‍යන්තර හා දේශීය ලේඛකයන්ගේ සහභාගීත්වයෙන් භාෂා ත්‍රිත්වයෙන්ම පැවැති දැවැන්ත සාහිත්‍ය මණ්ඩපය


කුඩා සංවිධායක මඩුල්ලකගේ විශිෂ්ට කළමනාකරණය සහ ශික්ෂණයෙන් හැඩවුණු අන්තර්ජාතික මට්ටමේ අත්දැකීමක්



කලාව, සාහිත්‍යය සහ සංවාද, මිනිස් ආත්මය පෝෂණය කරන ප්‍රධානතම උල්පත් ලෙස හැඳින්වීම නිවැරදියි. ගතවූ දශක හතරක කාලයේ ලෝකය මහාද්වීප පහේම සංචාරය කරමින්, ජනමාධ්‍යවේදය, සංගීතය, විචාර කලාව ආදී වශයෙන් කලා විෂයන් කිහිපයක්ම ප්‍රගුණ කළ වැඩිහිටියෙක් මම. ඒ හැරුණු කොට හිසේ කෙස් ගාණට සංගීත, නර්තන, සිනමා සහ සාහිත්‍ය උත්සව වලට සම්පත්දායකයෙකු ලෙසත්, ප්‍රේක්ෂකයෙකු ලෙසත් සහභාගී වී තියෙනවා. ඒ අත්දැකීම් නිසාම ඕනෑම උත්සවයක සංවිධානාත්මක බව සහ එහි ඇති ආත්මය ක්ෂණිකව ග්‍රහණය කරගැනීමේ ඉව මට තියෙනවා. පසුගිය ජූලි මාසයේ අග, දින හයක් පුරාවට, කොළඹ නිදහස් චතුරශ්‍රයේ The Arcade පරිශ්‍රයේ පැවැති කොළඹ සාහිත්‍ය උළෙලට (Colombo Literary Festival) මා පය තැබූ විගස පසක් වුණේ මේ උත්සවය මා සහභාගී වුණු අන් කවර ජාත්‍යන්තර සාහිත්‍ය උත්සවයකටවත් නොදෙවෙනි වගයි.

මෙය සංවිධානය වූයේ පළමු වතාවට යැයි කිසිවෙකුටවත් සිතිය නොහැකි තරම්. එහි තිබූ වෘත්තීය මට්ටම සහ පිළිවෙළ, ලෝකයේ ඕනෑම සම්භාවනීය සාහිත්‍ය උළෙලක ප්‍රමිතියට නොදෙවෙනි වුණා. සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම පැවැති සංවාද, වැඩමුළු, විශේෂඥ උපදෙස් සහ ප්‍රදර්ශන සියයකට අධික සංඛ්‍යාවක් පුරාවට සියලු දෙනාට සමතැන් ලැබුණු අතර, ඒවා අතිශය ඉහළ බුද්ධිමය සහ කලාත්මක මට්ටමක පැවැතුණා.

එහි පැවැති සංවාද, විවාද සහ විශේෂයෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද සුවිශේෂ සැසි (Masterclasses) ඉතා ඉහළ බුද්ධිමය සහ කලාත්මක මට්ටමක පැවැතුණා. හුදෙක් වචන එකතු කිරීමට එහා ගිය, නැවුම් අදහස් සහ ගැඹුරු දැක්මක් සමාජගත කරන සංවාද මණ්ඩප රැසක් එතැන සංවිධානය වී තිබුණා. සම්පත්දායකයින් සහ සංවාද මෙහෙයුම්කරුවන් තේරීමේදී දක්වා තිබූ පරිණතභාවය සමස්ත උළෙලටම ගෙන ආවේ විශාල කලඑළියක්.

 

clf9348
ඉන්දියානු දේශපාලනඥයෙකු මෙන්ම ලෝකප්‍රකට ලේඛකයෙකු වන ශෂී තරූර් ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ සම්භාවනීය ලේඛකයින් මේ සුමංගල පියවරේ ප්‍රධාන ආරාධිතයින් ලෙස එකතු වී සිටීම උළෙලට වෙනස් හැඩයක් සහ අලංකාරයක් එක්කාසු කළා ඔවුන්ගේ අදහස් දැක්වීම්, සංවාද සහ අත්දැකීම් බෙදාහදා ගැනීම, උත්සවයට පැමිණි දහස් සංඛ්‍යාත සාහිත්‍ය ලෝලීන්ගේ මනස ප්‍රබෝධමත් කිරීමට සමත් වුණා.

මේ සමස්ත උත්සවය සාමකාමීව අතිවිඳිය හැකි ආකාරයේ නිහඬ, ශාන්ත සහ සන්සුන් පරිසරයක් නිර්මාණය කොට තිබුණා. ශබ්ද විකාශන යන්ත්‍ර හරහා කෙරෙන ඝෝෂාකාරී නිවේදන හෝ පසුබිම් සංගීත වාදන එතැන තිබුණේ නැහැ. ඒ වෙනුවට සමාන අදහස් ඇති සාහිත්‍යකාමීන්ගේ හිනා හඬින් සහ සුන්දර සල්ලාපයෙන් ඒ අවකාශය දෝරේ ගැලුවා.

මනාව සංවිධානය කර තිබූ පොත් අලෙවි කුටි, කර්තෘවරුන් හමු වී අත්සන් ලබාගැනීමේ වැඩසටහන්, සහ ආහාර පාන කුටි අතර ඕනෑම කෙනෙකුට නිදහසේ සැරිසැරීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩක් තිබුණා. සහභාගී වුණු සම්පත්දායකයින්ට මෙන්ම පාඨකයින්ටත් අප්‍රමාණ ලෙන්ගතුකමකින් යුතුව තේ, කෝපි, බිස්කට් සහ සිසිල් පැන්වලින් සංග්‍රහ කළ ආකාරය අතිශයින් හෘදයාංගමයි.

වඩාත්ම විශ්මයජනක කරුණ නම්, දින හයක් පුරා පැවැති මෙවැති දැවැන්ත, අංගසම්පූර්ණ ජාත්‍යන්තර මට්ටමේ සාහිත්‍ය උළෙලක් සංවිධානය කර තිබුණේ හත්දෙනෙකුගෙන් යුත් ඉතා කුඩා සංවිධායක මඩුල්ලක් සහ තරුණ ස්වේච්ඡා කණ්ඩායමක් වීමයි. මෙහි වැඩි බරක් කරට ගනිමින් එය මෙහෙයවූ අනෝමා රාජකරුණා ඇතුළු ඒ කුඩා කණ්ඩායමේ කළමනාකරණය සහ ශික්ෂණය අති විශිෂ්ටයි.

ඕනෑම ශාස්ත්‍රයක හෝ කලාවක පදනම හික්මීම සහ කැපවීමයි. මුල්ම වතාවට පැවැත්වුණත්, කොළඹ සාහිත්‍ය උළෙල දහසක් සියක් ධනාත්මක හේතු කාරණා නිසා කැපී පෙනුණා. මා මේ දකින්නේ අපේ සංස්කෘතික සහ බුද්ධිමය මාවත තැබූ අමතක නොවන ඉදිරි පියවරක් සහ මතක සටහනක් ලෙස. මේක ඉතා හොඳ ආරම්භයක්. අපි ලබන අවුරුද්දෙත් හම්බවෙමු.

මේ ආණ්ඩුව මගේ දරැවගේ මරණෙට වගකියන්න ඕනේ -විෂ්ණු වාසු(සටහන | විෂ්ණු වාසු -|  Vishnu Vàsu)

ලේඛක /නිදහස් මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්