leader s

ලෝකයේ අතුරුදන් වූ සිනමා කෘති නැවත සොයාගනිද්දී ලංකාවේ පතිරාජගේ සිනමා දායාදයකට අත්වූ ඛේදනීය ඉරණම


'අහස් ගව්ව' සහ 'බඹරු ඇවිත්' සුරැකෙද්දී අගනා සිනමා පිටපතක් සදාකාලයටම අහිමි වී යාමේ අර්බුදය



ලෝක සිනමා ඉතිහාසයේ හිම තට්ටු යටින් හා මානසික රෝහල් අල්මාරිවලින් පවා අතුරුදන් වූ ඓතිහාසික චිත්‍රපට පිටපත් නැවත හමුවෙද්දී, ශ්‍රී ලාංකේය සිනමාවේ අතිශය දුර්ලභ සංස්කෘතික දායාදයක් වන ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ 'පාර දිගේ' චිත්‍රපටයේ සෙලෝලොයිඩ් පට රිදීවලට දියකර හැරීමේ අභාග්‍යසම්පන්න පුවතක් අනාවරණය වේ. මෙය සිනමා කෘති සංරක්ෂණයේ දැඩි අවශ්‍යතාව නැවතත් අවධාරණය කරන තීරණාත්මක මොහොතකි.


'චන්දරේ, කොහෙද අපි දැන් යන්නෙ?'

2026 අගෝස්තු 09 දා, කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ 'තරංගනී' සිනමා ශාලාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සිනමා කෘති ත්‍රිත්වයක මුද්‍රිත තිර පිටපත් නිකුත්  විය. ඒ, 1974 වසරේ තිරගත වූ 'අහස ගව්ව', 1978 තිරගත වූ 'බඹරු ඇවිත්' සහ 1981 තිරගත වූ 'සොල්දාදු උන්නැහේ' යන සිනමා කෘති ත්‍රිත්වය ය.

Dr Dharmasena Pathiraja
ඇතැම් තැනෙක මුල් තිර පිටපත් සොයා ගැනීම අතිශය දුෂ්කර වූ බැවින්, මුද්‍රණ අවශ්‍යතාව පිණිස, විටෙක එම චිත්‍රපට නරඹමින්, පිටපත් නැවත රචනා කිරීමට සිදු වූ බව කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත මහතා මා හා පැවසීය. එය, සිනමා කෘතිය අනුව පුනර් - රචනයක් බව දක්වා තිබේ. එය එසේ  බව, මුද්‍රණ ද්වාරයෙන් පිට වූ එම පිටපත් පරිශීලනයේදී පැහැදිලි වේ.


කොළඹ සෞන්දර්යය විශ්ව විද්‍යාලය සතු 'වාපා යුනිවර්සිටි ප්‍රෙස්,' ජාතිය සතු සම්පතකි. ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, මීට වසර කිහිපයකට පෙර එය ආරම්භ කිරීමට  පුරෝගාමී, මාර්ගෝපදේශක  නායකත්වය දුන්, එවකට එහි උප කුලපති, මහාචාර්ය රෝහණ පණ්ඩුකාභය මහලියනාරච්චි තුමන්ට ද ස්තුතිවන්ත විය යුතුය. එවන් සම්පතක් ජාතිය සතු නොවී නම්, මෙවන් මාහැඟි කෘති ජන ගත කිරීම උගහට වනු ඇත.

එදින, එම සිනමා කෘති තිර පිටපත් දොරට වැඩීමෙන්  අනතුරුව, ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, මිත්‍රරත්න හේරත් මහතා නිෂ්පාදනය කළ, ' අහස් ගව්ව' සිනමා කෘතියේ 4K ඩිජිටල් පිටපත 'තරංගනී' තිරයේ ප්‍රදර්ශනය කෙරිණි. සිංගප්පූරුවේ ආසියානු සිනමා කේන්ද්‍රයේ එය සංරක්ෂණය කෙරුණු අතර ඊට ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ හතලිස්  පන්දහසකට ආසන්න මුදලක් වැය ව ඇති බව ද මෙහිදී දත හැකි විය.  

කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ඉන්දික ෆෙර්ඩිනැන්ඩෝ  මෙහිලා කළ දේශනය වැදගත්ය.   අතුරුදන් වූ ඓතිහාසික සිනමා කෘතියක් ඉතිහාසයේ වරෙක පිහිනුම් තටාකයක් ඉදිකරනුවස් සකස් කළ බිමෙක 'පෘථිවි' අභ්‍යන්තරයෙන්  මතු වූ සැටිත්, තවත් එවැනිම සිනමා කෘතියක් මානසික ආරෝග්‍ය ශාලාවෙක ගබඩා අල්මාරියකින් මතුවූ සැටිත්, 'පාර දිගේ' සිනමා පටය රිදී වලට දීයකළ සැටිත් අලලා, සිනමා කෘති සංරක්ෂණයේ අවශ්‍යතාව පිලිබඳ  ඔහු කළ දේශනය කාලීනය.

ඩෝසන් නගරයේ අයිස් තට්ටුවක්  යටින් මතු වූ සිනමා කෘති  

 කැනඩාවේ යුකොන් ප්‍රදේශයේ ඩෝසන් නගරයේ වූ ඩෝසන් ආධුනික මලල ක්‍රීඩා සංගමය (Dawson Amateur Athletic Association – DAAA) විසින් 1903 වසරේ සිට චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබිණි. එම ප්‍රදර්ශනයන්ගෙන්  පසු ප්‍රකාශකයන් අත පත් නොකළ  චිත්‍රපට රැසක්  කැනේඩියානු වාණිජ බැංකුවේ තැන්පත් කර තිබූ අතර, පසුව ඒවා කානගී පුස්තකාලයේ බිම් මහලේ ගබඩා කිරීමට පියවර ගැනිණි.

පසු කලෙක, එම  ආධුනික මලල ක්‍රීඩා සංගමය විසින් පිහිනුම් තටාකයක් අයිස් ක්‍රීඩා පිටියක් බවට ප්‍රතිස්ථාපනයට කටයුතු කළ අවස්ථාවේ, එය  නිසි පරිදි ඉටු  නොවීම හේතුවෙන්, අයිස් ක්‍රීඩා පිටියේ මධ්‍ය ප්‍රදේශයේ උෂ්ණත්වය අසමාන වීමේ ගැටලුවක් මතු විය.

1929 වසරේ,  කැනේඩියානු වාණිජ බැංකුවේ සේවය කළ සහ  හොකී සංගමයේ භාණ්ඩාගාරික ලෙසද කටයුතු කළ ක්ලිෆර්ඩ් තොම්සන් මෙම ගැටලු දෙකටම අපූරු විසඳුමක් ඉදිරිපත් කළේය. එනම්,  පුස්තකාලයේ ගබඩා කර තිබූ චිත්‍රපට තොගය ඉවත් කිරීමත්, අයිස් ක්‍රීඩා පිටියේ පැවති ගැටලුව විසඳීමත් අරමුණු කරගනිමින්,  සිනමා  පට අඩි 500,000ක් පමණ රීල්වලට ඔතා තිබූ ආකාරයෙන් ම,   එම පිහිනුම් තටාකය තුළ ඇතිරීමය.  ඉන්පසු ඔහු, ඒවා ලී පුවරු වලින් ආවරණය කර, ඒ මත පස් තට්ටුවක් යොදා අයිස් ක්‍රීඩා පිටිය සමතලා කිරීමට උපදෙස් දුන්නේය.  

මේ අතර ද, එම ආධුනික මලල ක්‍රීඩා සංගමය වෙත නව නයිට්‍රේට් චිත්‍රපට පට අඛණ්ඩව ලැබෙමින් පැවතිණි. 1951 වසරේ ඇති වූ ගින්නකින්, එහි වූ නයිට්‍රේට් උත්ප්‍රේරක නිසාවෙන්ම,  එම සම්පූර්ණ සංකීර්ණයම දැවී හළු විය.

කෙසේ වෙතත්, අයිස් ක්‍රීඩා පිටිය යට තැන්පත් කර තිබූ  සිනමා පට  නිත්‍ය හිම තට්ටුව (permafrost) හේතුවෙන් වසර ගණනක්  පුරා සුරැකිව පැවතියේය. අනතුරුව,  1978 වසරේ එහි නව විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ, අයිස් ක්‍රීඩා පිටිය යට සැඟවුණු  එම ඓතිහාසික චිත්‍රපට තොගය යළි සොයා ගැනිණි.

පසුව, එම  චිත්‍රපට තොගය එක්කොට සංරක්ෂණය කරන  ලදුව, එහි තිබූ ඇතැම් චිත්‍රපට පිටපත්, එම  නිෂ්පාදන සමාගම්වලට අයත්,  මෙතෙක්  ඉතිරිව පවතින අවසන් මුල් පිටපත්  සහ  වාර්තා බවට පත්ව තිබේ.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපට පටවල අඩංගු රසායනික ද්‍රව්‍යවල අධික විචල්‍ය භාවය  හා වහා  ගිනි ඇවිලීමේ අවදානම හේතුවෙන්, මෙම ඓතිහාසික සොයාගැනීමට ලක් වූ සිනමා කෘති සියල්ල  හමුදා ප්‍රවාහන පහසුකම් මධ්‍යයේ  කැනඩාවේ පුස්තකාල හා ලේඛනාගාරය (Library and Archives Canada) වෙතත්, ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් පුස්තකාලය (Library of Congress) වෙතත් ආරක්ෂිතව රැගෙන යාමට පියවර ගැනිණි. එහිදී මෙම සිනමා   පට  සංරක්ෂණය කිරීමට ද  කටයුතු කෙරිණි.

1903 සිට 1929 දක්වා නිෂ්පාදනය කළ සිනමා පට රීල් 533ක් එහි විය.  පර්ල් වයිට්, හෙලන් හෝම්ස්, ග්‍රේස් කුනාඩ්, ලොයිස් වෙබර්, ෆැටි ආර්බකල්, හැරල්ඩ් ලොයිඩ්, ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් සහ ලොන් චේනි ඇතුළු එවක ප්‍රකට සිනමා නළු නිළියන් රංගනයෙන් දායක වූ චිත්‍රපට රැසක් ද ඒ අතර විය.

එමෙන්ම, එතෙක් අතුරුදන් ව පැවති  පූර්ණ දීර්ඝ  චිත්‍රපට කිහිපයකම පිටපත් ද එහි   හමු වූ  අතර,  අමතරව, ලෝක  ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක දුර්ලභ දෘශ්‍ය පටිගත කිරීම් ද හමු විය.  ඒ අතර 1919 ලෝක බේස්බෝල් තරගාවලියේ  දුර්ලභ දර්ශන ද විය.

මේ එහිදී සොයා ගත් සම්පූර්ණ චිත්‍රපට ලේඛනය බව කියැවේ. දැඩි අලාභ හානි සිදුව තිබු හෙයින් ඉන් ඇතැම් කෘති සංරක්ෂණය කිරීමට  නොහැකි වූ බැව් ද සඳහන් ය;

The Office Boy's Birthday (1904)
A Trip through Palestine (1907)
Elephant Racing at Perak (1907)
Pasquali and Co (1909)
Professor Puddenhead's Patents: The Electric Enlager (1909)
The Girl of the Northern Woods (1910), Thanhouser
The Crippled Teddy Bear (1910),
Independent Moving Pictures
Unexpected Help (1910)
Bluebird - The Boy Girl (1910)
The Rosary (1910)
His Sick Friend (1910)
Birth of Flowers (1911)
The Taming of the Shrew (1911)
Vindicated (1911)
Little Old New York (1911)
The New Woman and The Lion (1912)
Bobby's Dream (1912)
For the Papoose (1912)
Circumstantial Evidence (1912), William Selig, Selig Polyscope Company
A Christmas Accident (1912)
Out of the Deep End (1912)
The Martyrs (1912)
His Madonna (1912)
This Girls of Grassville (1912)
The Frog (1912)
A Windy Day (1912)
The Debt (1912)
Out of the Deep (1912)
The Heat Wave (1912)
The Golden Curl (1912)
For Professional Services (1912)
The Hand of Destiny (1912)
Giuseppe’s Good Fortune (1912)
Circumstantial Evidence (1912)
A Winter's visit to Central Park, New York City (1912)
The Butler and the Maid (1912), Thomas A. Edison, Inc.
The Mystery of the Glass Coffin (1912), Émile Chautard
Brutality (1912), D. W. Griffith, Biograph Company
Casey's Vendetta (1912), Edward Dillon, Komic Film Company
The $2,500 Bride (1912)
The Sphinx, or Mrs. Carter's Necklace (1912)
Pansy, the Story of a Bear (1912)
Bread Upon the Waters (1912)
The Lake Geneva Camp of the YMCA (1912)
The Angel of The Desert (1912), Rollin S. Sturgeon, Grace A. Pierce, Vitagraph Company Of America
Draga, the Gypsy (1913), Rex Motion Picture Company
Until We Three Meet Again (1913?), Lubin Film
What Is the Use of Repining (1913)
The Pit and The Pendulum (1913)
Balaoo (1913), Victorin-Hippolyte Jasset, Société Française des Films Éclair
Fatty's Day Off (1913)
Hello Central, Give Me Heaven (1913)
A Mix-Up In Pedigrees (1913)
The Rose of San Juan (1913)
The Pajama Parade (1913)
The Fifth String (1913)
The Guiding Light (1913)
The Wedding Gown (1913)
The Star (1913)
Leo the Indian (1913)
Up and Down the Ladder (1913)
Sketches from Life (1913)
Rastus and the Game-Cock (1913)
Pure Gold and Dross (1913), Keystone Film Company
Protecting San Francisco from Fire (1913)
Pathé's Weekly #17 (1914)
Daybreak (1914), Reliance Entertainment
White Dove's Sacrifice (1914)
Love Finds a Way (1914)
Frou-Frou (1914)
Slippery Slim, the Mortgage, and Sophie (1914)
The Master Hand (1914)
The Tie that Binds (1914)
The New Roads Mascot (1914)
Sweeney's Christmas Bird (1914)
Environment (1914)
The Boss of the 8th (1914)
The Housebreakers (1914)
You Can't Beat Them (1914)
His Responsibility (1914)
Mildred's Doll (1914)
The Servant Girl's Legacy (1914)
For Her Father's Sins (1914), John B. O'Brien, Anita Loos, Majestic Motion Picture Company
A Double Error (1914), Theodore Marston
The Demon of the Rails (1914), J. P. McGowan, Edward W Matlack, Kalem Company
Lucille Love, the Girl of Mystery (1914), Francis Ford, Grace Cunard, Otis Turner, Universal Film Manufacturing Studios, Gold Seal Films
The Fable of the Household Comedian (1914?), George Ade, Essanay Studios
The Fable of Why Essie's Friend Got the Fresh Air (1914?)
The Fable of the Prevailing Craze (1914?)
Wildfire (1915)
The Scandal Mongers (1915)
The Bludgeon (1915)
The Price (1915)
Her Shattered Idol (1915)
The Shulamite (1915), George Loane Tucker, Kenelm Foss, Jury's Imperial Pictures
The Heart of Jabez Flint (1915)
The Hazards of Helen: Escape of the Fast Freight (1915)
Tools of Providence (1915)
The Quest (1915)
No Soup (1915)
The Unpardonable Sin (1915), Shubert Film Corporation
The Patriot and the Spy (1915)
The Lure of a Woman (1915)
The Mysterious Lady Baffles and Detective Duck: Episode 1, The Great Egg Robbery (1915), Allen Curtis, Clarence Badger
Fun Amongst the Pharaohs, As Seen by Homer Croy (1915)
The Dancer's Ruse (1915), Biograph Company
Ambrose's Lofty Perch (1915), Mack Sennett
The Child Needs a Mother (1915), L-KO Kompany
The Salamander, Part Five (1915), B.S. Moss Motion Picture Corporation
The Burglar's Baby (1915), Domino Motion Picture Corporation
With the U.S. Army at San Francisco (1915?)
The Half-Breed (1916), Allan Dwan, Triangle
The End of the Rainbow (1916)
The Crimson Stain Mystery [Assorted Episodes] (1916)
The Rail Rider (1916)
The Mysterious Mrs. M (1916)
Love Aflame (1917)
The Madcap (1916)
Diplomacy (1916)
The Whirlpool of Destiny (1916)
Threads of Fate (1916)
The Place Beyond the Winds (1916)
Love and Brass Buttons (1916)
The Female of the Species (1916), Raymond B. West, Monte Katterjohn, New York Motion Picture Company
The Hidden Scar (1916)
Her Soul's Inspiration (1916), Maie B. Havey, Bluebird Photoplays
Gloriana (1916)
Temperance Town (1916)
The Purple Mask (1916)
The Seekers (1916)
The Unattainable (1916)
Pearl of the Army (1916)
If My Country Should Call (1916)
The Vicar of Wakefield (1916)
The Salamander (1916)
The Closer Road (1916)
The Iron Hand (1916)
Barriers of Society (1916)
The Social Buccaneer (1916), Jack Conway
The Strange Case of Mary Page (1916), J. Charles Haydon
The Girl and the Game (1916)
Rolling Stones (1916)
When Little Lindy Sang (1916)
Tropical Budget Animated News of the World (1916)
The Recoil (1917)
Bliss (1917)
Polly of the Circus (1917)
The Stolen Paradise (1917)
It Happened to Adele (1917)
The Little Orphan (1917)
A Soul for Sale (1917)
Princess Virtue (1917)
The Red Ace (1917)
A Girl's Folly (1917), Maurice Tourneur, Paragon Films
An Even Break (1917)
Chicken Casey (1917)
Negroes' Protest: a Silent Parade (1917) Universal Animated Weekly (newsreel)
The Awakening (1917)
The Hunting of the Hawk (1917)
The Spotted Lily (1917)
Little Bo Peep (1917)
The Recoil (1917)
The Mystery of the Double Cross (1917)
The Great Stanley Secret (1917), Edward Sloman, American Film Manufacturing Company
The Neglected Wife (1917), Will M. Ritchey, Mabel Herbert Urner, Balboa Amusement Producing Company
The Seven Pearls (1917), Astra Film Corp
The Marriage Lie (1918)
Bread (1918)
Waifs (1918)
Stolen Hours (1918)
Avenged by the Sea (1918/1922)
The Sea Waif (1918)
British War Office (1918)
The Lightning Raider (1918)
Do Husbands Deceive? (1918), Rolin Film Company
British Canadian Pathé News 81A (1919)
British Canadian Pathé News 93A (1919)
International News, Vol. 1, Issue 52 (1919)
The Montreal Herald Screen Magazine (1919)
All Jazzed Up (1919)
A Sagebrush Hamlet (1919)
The Silver Girl (1919)
The Exquisite Thief (1919), Tod Browning, Universal Film Manufacturing Company, Inc.
The Nights of the Bathtub, Part Two (1919?)
British Canadian Pathé News 14A (1920)
British Canadian Pathé News 76 (1920)
British Canadian Pathé News 88 (1920)
Birth of Flowers (1920/1922)
The Little Clown (1920)
Unidentified Pathé Melodrama (1920/1922)
British Canadian Pathé News 63B (1921)
British Canadian Pathé News 2B (1921)
Boxing Match
Frivolity
Screen Telegram
The Princess and the Fishbone
A Mix-Up at Court
A Set of Teeth
Through the Keyhole
The Lake of Dreams
The Marriage of Coca
The Red Feather
An Excursion to the Gorges du Loup
Dread of Doom, Itala Film
The Plumber's Son, Part One, Universal Pictures

2016 වසරේ නිෂ්පාදනය කරන ලද  "ඩෝසන් සිටී: ෆ්රෝසන් ටයිම්" (Dawson City: Frozen Time)  නම් වාර්තා චිත්‍රපටය, මෙම සිනමා  පටවල ඉතිහාසය, ඒවා සොයාගැනීම සහ සංරක්ෂණය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළේය.   චිත්‍රපට රීල් ඔස්සේ  ප්‍රතිසංස්කරණය කරන ලද දර්ශන ද එම වාර්තා චිත්‍රපටයට ඇතුළත් විය.

එම සොයා ගැනීම පිලිබඳ  2013 වසරේ නිෂ්පාදනය කරන ලද "ලොස්ට් ෆොර් එවර්: දි ආර්ට් ඔෆ් ෆිල්ම් ප්‍රිසර්වේෂන්"  (Lost Forever: The Art of Film Preservation) නම් කෙටි වාර්තා චිත්‍රපටය ද මෙහිලා සඳහන් කළ යුතු ය.

මානසික රෝහලින් මතු වූ ඓතිහාසික සිනමා කෘතිය

 

images 1
චිත්‍රපට අධ්‍යක්ෂ කාල් තියඩෝර් ඩ්‍රෙයර් විසින් 1928 වසරේ අධ්‍යක්ෂණය  කරන ලද නිහඬ චිත්‍රපට කලාවේ විශිෂ්ට කෘතියක් ලෙස සැලකෙන "ද පැෂන් ඔෆ් ජොආන් ඔෆ් ආර්ක්"  (The Passion of Joan of Arc)  චිත්‍රපටයේ දිගු කලක් අතුරුදන්ව තිබූ මුල් සංස්කරණයේ පිටපතක් නෝර්වේහි ඔස්ලෝ නුවර පිහිටි ඩිකමාර්ක් මානසික රෝහලේ අල්මාරියක් තුළ,  එහි  සේවකයකුට 1981 වසරේ, අහම්බෙන් හමු විය.

1928 වසරේ බර්ලිනයේ UFA චිත්‍රාගාරයේ හටගත් ගින්නකින් එහි මුල් චිත්‍රපට නෙගටිව් පිටපත විනාශ වූ අතර, 1929 වසරේ චිත්‍රපට රසායනාගාරයක ඇති වූ තවත් ගින්නකින් එම චිත්‍රපටයේ සකස් කරන ලද දෙවැනි පිටපතද අතුරුදන් විය.

කෙසේ වෙතත්, එම මානසික  රෝහලේදී, 1928 වසරේ මුල් ඇසුරුම්වලම තිබූ එම සිනමා කෘතියේ  පට අඩංගු කෑන් කිහිපයක් සොයා ගැනීමෙන් අනතුරුව, එහි වූ ලිපිනය අනුව, එම   ඇසුරුම් යොමු කර තිබුණේ,   එවක එම  රෝහලේ අධ්‍යක්ෂවරයා වූ හැරල්ඩ් ආර්නෙසන් වෙත බව ද අනාවරණය විය.

පසුව, එම සිනමා පට නෝර්වීජියානු චිත්‍රපට ආයතනය වෙත යොමු කරන ලදුව,  එහි සිදු කළ විශේෂඥ පරීක්ෂණයකින් එය කිසිදු සංස්කරණයකට හෝ වාරණයකට ලක් නොවූ, මුල් අධ්‍යක්ෂ සංස්කරණයේ (director’s cut) ඉතා හොඳ තත්ත්වයේ  මුල් පිටපත බවට සනාථ කෙරිණි.

The Passion of Joan of Arc (ප්‍රංශ බසින්;   La Passion de Jeanne d'Arc) යනු ජොආන් ද  ආර්ක්ගේ නඩු විභාගය පිළිබඳ ඓතිහාසික ලේඛන හා සත්‍ය වාර්තා පදනම් කර ගනිමින්, 1928 වසරේ නිර්මාණය කරන ලද ඓතිහාසික ප්‍රංශ නිහඬ  චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටයේ රෙනී ජීන් ෆැල්කොනෙටි විසින් ජොආන් ද  ආර්ක්ගේ චරිතය නිරූපණය කරනු ලබන්නීය.  

මෙය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකේ. විශේෂයෙන්, එහි නිෂ්පාදන තාක්ෂණය, ඩ්‍රෙයර්ගේ අධ්‍යක්ෂණය සහ ෆැල්කොනෙටිගේ අතිවිශිෂ්ට රංගනය, ඊට ප්‍රධාන හේතු වේ. ෆැල්කොනෙටිගේ රංගනය සිනමා ඉතිහාසයේ මෙතෙක් ඉදිරිපත් කළ විශිෂ්ටතම රංගනයන් අතරින් එකක් ලෙස ද බොහෝ විචාරකයෝ සඳහන් කරති.

එවක, එංගලන්ත රජයේ  අත්අඩංගුවේ පසුවූ ජොආන් ද  ආර්ක්ගේ අවසන් කාලය, ඇයට එරෙහිව පැවැති නඩු විභාගය සහ අවසන,  ඇය මරණ දණ්ඩනයට  ලක් කිරීම මෙම චිත්‍රපටයේ නිරූපණය වේ.

මධ්‍යකාලීන ගෘහ නිර්මාණ ශෛලිය අනුව ඉදිකරන ලද දැවැන්ත කොන්ක්‍රීට් පසුතලයක් මත එම චිත්‍රපටය රූගත කෙරිණි. එය,  රූවන් (Rouen) නගරයේ බන්ධනාගාරය යථාර්ථවාදීව නිරූපණයට  ගත්  ප්‍රයත්නයකි.

 චිත්‍රපටය, එහි සිනමාකරණය සහ සමීප කැමරාකරණය  (close-ups) සම්බන්ධයෙන් ද  විශේෂයෙන් ප්‍රකට ය. චිත්‍රපටය රූ ගත කිරීමේදී, අධ්‍යක්ෂ  ඩ්‍රෙයර්, නළු-නිළියන්ට  ආලේපන (make-up)  භාවිතයට කිසිදු අවසරයක් නොදුන්  අතර, ඔවුන්ගේ මුහුණු වඩාත් රළු සහ විකෘති ස්වරූපයකින් පෙනෙනයුරින්, විශේෂ ආලෝකකරණ ක්‍රම භාවිත කළේය.

චිත්‍රපටය තිරගත කිරීමට පෙර සිටම, එය ආන්දෝලනයට ලක්විය. ඊට  ප්‍රධාන හේතුව වූයේ, ප්‍රංශයේ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ ඓතිහාසික චරිතයක් වන ජොආන් ද ආර්ක් පිළිබඳ  ඩෙන්මාර්ක ජාතිකයෙකුට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ හැකිද යන්න පිළිබඳ ප්‍රංශ ජාතිකවාදීන් තුළ වූ  සැකයය.

පසුව, පැරිස් අගරදගුරු ගේ සහ රාජ්‍ය  වාරණ  හේතුවෙන්, ඩ්‍රෙයර් විසින් සිදු කළ අවසන් සංස්කරණය ද තව දුරටත් කප්පාදු කිරීමට සිදුවිය. ඉන් අනතුරුව, දශක ගණනක් පුරා මෙම චිත්‍රපටය විවිධ ආකාරයෙන් නැවත සංස්කරණය කරන ලද පිටපත් ලෙස තිරගත වූ අතර, එම සංස්කරණ මඟින් ඩ්‍රෙයර්ගේ අවසන් සංස්කරණය හැකිතාක් යළි ප්‍රතිනිර්මාණය කිරීමට යත්න   දරා    තිබිණි.

චන්දරේ, කොහෙද අපි දැන් යන්නෙ?

6ebe3acb 5ecd 4b48 951a 755f41c6dbae
මෑත දිනෙක මිලින්ද, වර්නන් සොයුරා  හා මා නුවර 'සරසවි'යේ හමුවූයේ නුදුරේදී ඉටු කිරීමට නියමට සද්  කාර්යයක් පිලිබඳ කතා කිරීමට ය. එහිදී ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සුවිශේෂී සිනාමා කෘති සතරක්  වන 'බඹරු ඇවිත්', 'අහස්  ගව්ව', 'පාර දිගේ'  සහ 'සොල්දාදු උන්නැහේ' පිලිබඳ අප අවධානය යොමු විය  ඉන්, අවසන් යෝජනා අතර වූ එක් චිත්‍රපටයක් වූයේ 'පාර දිගේ' ය.  හැදෑරීම උදෙසා එම චිත්‍රපටය නැරඹිය යුතුය. එය සංරක්ෂණය කරමින් 4K ඩිජිටල් පිටපතක් ලෙස ප්‍රති නිෂ්පාදනය කිරීමට සොයන බව ද එහිදී දැනගත හැකි විය.

ඉන් පසු අප ඒ පිලිබඳ උනන්දු වුවද, ඉන් දිනකට පසු, වර්නන් පැවසුවේ, සංරක්ෂණයේ ඉතිරිව තිබූ 'පාර දිගේ' සෙලෝලොයිඩ් පට, සති කිහිපයකට පෙර රිදී වලට විකුණා ඇති බවත්,  එය මිල දී ගත් " සේරිවාණිජ"  විසින්  ඒ  වන විටත්, එම සෙලෝලොයිඩ්  පට රිදී වලට දිය කර හමාර බව, දැනගන්නට ලැබී ඇතැයි, මාලක පැවසූ  බවත්, ය.  

ඉන් පසු එය  මාලක විසින් සිය මුහුණු පොතේ  අනාවරණය කළ'යුර ලොමු  දැහැගන්වන සුළුය. එය බිය ජනක වූද, මහත් කම්පනයෙන් යුක්ත වූ ද පුවතකි.

"චන්දරේ, කොහෙද අපි දැන් යන්නෙ?"

"දන්නෙ නෑ"....    

(පාර දිගේ - 1980)

(සටහන | හර්ෂ උදයකාන්ත පීරිස් )
8/10/2026  

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්