leader s

ධර්මසේන පතිරාජ නිර්මාපිත තිර රචනා ත්‍රිත්වයේ ග්‍රන්ථ දොරට වැඩුමත්, සිංගප්පූරු ආසියානු සිනමා සංරක්‍ෂණාගාරයේ ප්‍රතිසංරක්‍ෂිත අහස් ගව්ව චිත්‍රපටයේ 4K ප්‍රදර්ශනයත් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී අගෝස්තු 9 වන ඉරිදා පස්වරුවේ පැවැත්විණි.

 
ශ්‍රී ලාංකික සිනමාවේ නව රැල්ලේ පුරෝගාමියෙකු වූ, තුන්වන සිනමා යුගයේ අධිපති ධර්මසේන පතිරාජ මහතාගේ නිර්මාණ අතරින් ඓතිහාසික වැදගත්කමක් උසුලන අහස් ගව්ව (1974), බඹරු ඇවිත් (1978) සහ සොල්දාදු උන්නැහේ (1980) යන තිර රචනා ත්‍රිත්වය ප්‍රථම වරට ග්‍රන්ථ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය ධර්මසේන පතිරාජ පදනම විසින් සංවිධානය කරනු ලැබීය.  එහිදී සිංගප්පූරුවේ ආසියානු සිනමා සංරක්‍ෂණාගාරයේ නූතන ඩිජිටල් තාක්ෂණය යොදා ගෙන ප්‍රතිසංරක්‍ෂණය කරනු ලැබූ මිත්‍රරත්න හේරත් නිෂ්පාදනය කළ අහස් ගව්ව චිත්‍රපටයේ 4K පිටපත ද ආරාධිතයින් වෙත ප්‍රදර්ශනය සමගාමීව සිදුවිය.
WhatsApp Image 2026 08 11 at 14.23.27 3
 
1970 දශකයේ අගභාගයේදී සහ 1980 දශකයේ මුල් භාගයේදී නිර්මාණය කරනු ලැබූ මෙම ත්‍රිත්වය, ශ්‍රී ලාංකික සිනමාවේ සමාජ  සහ සමකාලීන යථාර්ථවාදය නව මානයකට රැගෙන ගිය සංකේතාත්මක නිර්මාණ ලෙස සිනමා විචාරකයින් විසින් සැලකීමට ලක් විය. අහස් ගව්ව චිත්‍රපටය, ග්‍රාමීය යුවතියකගේ සහ නගරීය තරුණයෙකුගේ බැඳීම හරහා සමාජ ප්‍රවේශය සහ පන්ති අසමානතාව පිළිබඳ ගැඹුරු කථනයක් ගොඩනැගූ අතර, බඹරු ඇවිත් සහ සොල්දාදු උන්නැහේ චිත්‍රපට ද සමකාලීන සමාජයේ තරුණ ප්‍රජාවගේ අරගලය, සංස්කෘතික අභියෝගය සහ දේශපාලනික විපර්යාසය පිළිබඳව අපූරු ලෙස නිරූපණය කළහ. මෙම තිර රචනා ත්‍රිත්වය වාපා යුනිවර්සිටි ප්‍රෙස් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර, ඒවායේ සාහිත්‍යමය වටිනාකම සහ සිනමාත්මක සංකීර්ණතාව සුරක්‍ෂිත කර ගැනීම මෙම ප්‍රකාශනයේ අරමුණ විය.
 
WhatsApp Image 2026 08 11 at 14.23.27
ග්‍රන්ථ දොරට වැඩුම සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්නිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර, එහිදී ධර්මසේන පතිරාජ පදනමේ උප සභාපති ආචාර්ය මිලින්ද පතිරාජ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, අහස් ගව්ව චිත්‍රපටයේ නිෂ්පාදක මිත්‍රරත්න හේරත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රසාංගික කලා අධ්‍යන අංශයේ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා සහ සොල්දාදු උන්නැහේ චිත්‍රපටයේ සම තිරරචක ඩබ්ලිව් ජයසිරි වෙනුවෙන් රූපිකා ජයසිරි යන මහත්ම මහත්මීහු ග්‍රන්ථ පිළිගැන්වීම සිදු කරනු ලැබූහ.

උත්සවයේ පැමිණි අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව, ධර්මසේන පතිරාජ පදනමේ ලේකම් ලක්ෂ්මන් මෙන්ඩිස් මහතා විසින් කෙටි පිළිගැනීමේ කතාව සිදු කරනු ලැබීය. ඉන් අනතුරුව මහාචාර්ය ඉන්දික ෆර්ඩිනන්ඩු මහතා විසින් සිනමා සංරක්‍ෂණය පිළිබඳ කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ආසියානු සිනමා ප්‍රතිසංරක්‍ෂණයේ වැදගත්කම විස්තර කෙරිණි. සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් නූතන ඩිජිටල් තාක්ෂණයෙන් ප්‍රතිසංරක්‍ෂිත අහස් ගව්ව චිත්‍රපටයේ ආශ්චර්ය පිළිබඳ සංක්ෂිප්ත කථනයක් ඉදිරිපත් කරනු ලැබූ අතර, ඉන්පසු පස්වරු අහස් ගව්ව චිත්‍රපටයේ සිංගප්පූරුවේ ආසියානු සිනමා සංරක්‍ෂණාගාරයේ ප්‍රතිසංරක්‍ෂිත ඩිජිටල් 4K පිටපත ආරාධිතයින් සඳහා ප්‍රදර්ශනය කරනු ලැබීය.
 
WhatsApp Image 2026 08 11 at 14.23.31
ධර්මසේන පතිරාජගේ සිනමා නිර්මාණ තුළින් ශ්‍රී ලාංකික සමාජයේ ගැඹුරු ස්තර පිළිබඳව විවෘත සංවාදයක් ඇරඹීමට හැකි වූ අතර, ඔහුගේ තිර රචනා සහ දර්ශන රචනා තාක්ෂණය සහ කලාව යන ද්විත්වයම උසස් මට්ටමක පවත්වා ගැනීමට සමත් විය. මෙම ග්‍රන්ථ ත්‍රිත්වයේ ප්‍රකාශනය සහ ප්‍රතිසංරක්‍ෂිත චිත්‍රපටයේ ප්‍රදර්ශනය, අනාගත පරම්පරාවට ඔහුගේ කලා උරුමය අත්දැකීමට හැකි වන  සංස්කෘතික සිදුවීමක් ලෙස සැලකීමට හැකි විය. සිනමා ප්‍රේමීන්ට, විද්‍යාර්ථීන්ට සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ නියුතු පිරිස මෙම උත්සවයට සහභාගී විය. මෙම උත්සවය සංවිධානය කිරීම සඳහා චමින්ද හෙරත් සහ චමිලා හේරත් යන මිත්‍ර රත්න හේරත් පවුලේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුවිය.
 ෂාම් කැල්ලපත

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්