ඔය හඬයි සන්‍තානෙ ගොඩනැගුවෙ
ගෙන්දගං තාරුණ්‍යෙ
කොහොමටත් අචින්‍ත්‍යයි හඳ එළිය ප්‍රේමයේ ආරණ්‍යෙ.
සන්සුන් ම දුමාරය කොළඹ අහසින් ඈත දුර ඇදේ
දෙව්ලොව වලාකුළෙක සුනිලුන් කියූ ලෙස ම ඔබ රැඳේ
නින්දා ගිහින් හැපී
නින්දා කෙරුව උන්ගෙ පපු පෑරෙ
නන්දා සිතින් යන්න බන්දා තොරන් නොමැති සංසාරෙ
සඳ එලිය ගඟක් වී රෑ පුරා ඉහින පිනි පසු පස්සෙ
මඳ පවන එවන්නට පුළුහන් ද මඳහසක දුක ඔස්සෙ
මළගමෙත් චාම්කොම විතරමයි වරනැඟෙන හැටි දැක්කෙ
මේ සුළං කපොල්ලේ සුළඟ විතරයි නැත්තෙ නන්දක්කෙ.

(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer
2026 අගෝස්තු 21








