leader s

ඔය හඬයි සන්‍තානෙ ගොඩනැගුවෙ

ගෙන්දගං තාරුණ්‍යෙ
කොහොමටත් අචින්‍ත්‍යයි හඳ එළිය ප්‍රේමයේ ආරණ්‍යෙ.


සන්සුන් ම දුමාරය කොළඹ අහසින් ඈත දුර ඇදේ
දෙව්ලොව වලාකුළෙක සුනිලුන් කියූ ලෙස ම ඔබ රැඳේ

නින්දා ගිහින් හැපී
නින්දා  කෙරුව උන්ගෙ පපු පෑරෙ
නන්දා සිතින් යන්න බන්දා තොරන් නොමැති සංසාරෙ  

සඳ එලිය ගඟක් වී රෑ පුරා ඉහින පිනි පසු පස්සෙ
මඳ පවන එවන්නට පුළුහන් ද මඳහසක දුක ඔස්සෙ

මළගමෙත් චාම්කොම විතරමයි වරනැඟෙන හැටි දැක්කෙ
මේ සුළං කපොල්ලේ සුළඟ විතරයි නැත්තෙ නන්දක්කෙ.



manjula wediwardhana
(සටහන | මංජුල වෙඩිවර්ධන)
Manjula Wediwardena
Journalist/Writer

2026  අගෝස්තු 21

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්