leader s

නන්දා මාලිනිය සහ ඩොලී පාර්ටන් එකම වයසේ අන්ත දෙකක් වූ හැටි සහ ඩොලීගේ නොසැලෙන ස්ත්‍රී අනන්‍යතාව පිළිබඳ කියවීමක්.


විශාල හඬක්, තියුණු බුද්ධියක් සහ ආන්දෝලනාත්මක පියයුරු සඟවා නොගත් ඇගේ සැබෑ ස්ත්‍රීත්වයේ විප්ලවය.

පහුගිය අගෝස්තු 25 වෙනිදා ඩොලී පාර්ටන් අපෙන් සමුගත්තා. ඇගේ සිංදු වගේම ඇය විසින් සිදු කළ සමාජ සේවය ගැනත් ගොඩක් අය කතා කළා. ඇය අපේ රටේ නන්දා මාලිනිය වගේ කියලත් කීප තැනක සඳහන් වුනා. ඇය සහ නන්දා එකම වයසෙ බව දැක්කා.

ඒත් ඩොලීව ඉතා ඉහලින් සමරන තව කාරණයක් තියෙනවා. ඒක ලංකාවෙ ගොඩක් අය සිහිපත් කලේ නෑ. ඒ තමයි ඩොලී පාර්ටන්ගෙ පියයුරු. ඒවා ඒ තරම්ම ආන්දෝලනාත්මකයි. ඒ හරහා ඇගේ සරාගී බවෙහි අනුරාගයෙහි බලය කිසිදාක අමතක නොවී පවතිනවා.

අනුරාගයේ දෙකෙළවර: නන්දා සහ ඩොලී

ඒ හින්දා නන්දා සහ ඩොලී එකට තබා සැමරීම වරදක්. එකම වයසක්. අන්ත දෙකක්. නන්දා අනුරාගය මරා දැමීමේ අන්තය. ‍ඩොලී අනුරාගයෙන් ඇවිලීමේ අන්තය. නන්දා පිරිමියෙකුගේ ගීත වෙනුවෙන් තමන්ගේ හඩ පූජා කළා. ඩොලී පිරිමින් වසඟ කරමින් ඇගේම ගීත ගායනා කළා.

“A reminder to live like Dolly Parton: be kind to people, and showcase your large breasts,”

‘ඩොලී පාර්ටන් වගේ ජීවත් වෙන්නෙ. මිනිස්සුන්ට කාරුණික වෙන්න. ඔබේ විශාල පියයුරු ප්‍රදර්ශනය කරන්න’ සමහර ෆැන්ස්ලා ඇය වෙනුවෙන් එහෙම සටහන් තැබුවා.

තමන්ගේ සිරුර ගැන ආඩම්බර වූ ගැහැනිය

ඩොලීගේ අසාමාන්‍ය කලා හැකියාව මේ වගේ ශරීර අංගයකට ඌනනය කිරීම වරදක් කියලා කෙනෙකු‍ට හිතෙන්න පුළුවන්. ඒත් ඩොලී එයාගෙ ජීවිතය පුර‍ාම එයාගෙ පියයුරු ගැන විවිධ කතාබහ වගේම උසුළු විසුලුත් ඉතා ආඩම්බරෙන් බාරගත්තා. එයා ඒ ගැන ලැජ්ජා වුනේ නෑ. Trashy නැත්තං බඩුවක් වගේ කියන පෙනුම ඩොලී බය නැතුව වැළඳගත්තා. එයා ස්ත්‍රී ලිංගිකත්වය ගැන නිර්භීත ප්‍රකාශිකාවක් වෙන්නෙ ඒ හින්ද. වැදගත්ම දේ එයා මේවා ගැන දාර්ශනික දේශපාලනික බුද්ධිමය කතා කියන්න ගියේ නෑ. ඒවා ඒ තියෙන සැටියෙන්ම බාරගන්න පුළුවන් විශාල ස්ත්‍රීත්වයක් ඇයට තිබුනා.

‘අමුතු වීම’ යටපත් නොකළ ස්වරූපය

එයා ඇතැම් තැනක කියනවා, රෙකෝර්ඩ් කොම්පැනිවලට පවා ඇගේ පෙනුමෙහි සැර බාල කරන්න ඕන වුනා කියලා. ඒත් තමන්ගේ සැබෑ ස්වරූපය කිසි දවසක යටපත් කරන්න ‍ඩොලී කැමති වුනේ නෑ.

‘මට ඕන මම ආස විදිහට පෙනී ඉන්න. ඒක අමුතු වෙන්න පුළුවන්. ඒත් ඒක නේද අපි හැමෝටම ඕන. අමුතු වෙන්න’ ඩොලී කියනවා.


 බියෙන් තොර ලිංගිකත්වය සහ ශුද්ධ වූ ත්‍රිත්වය

‘මම සෙ# වලට හරිම කැමතියි. කිසි දවසක මට ඒකෙ නරක අත්දැකීමක් ලැබිලා නෑ. මං ටිකක් ඉමෝෂනල් වැඩියි. ඒකෙදි මට මගේ වචනවලින් වගේම මගේ හැගීම් පෙන්නන්න පුළුවන්. මට මගේ හැගීම් ෂෙයාර් කරගන්න ඕන කියලා හිතුනොත් මම ඒක කරනවා. මට සෙ# කියන දේ කිළිටි දෙයක් නෙමෙයි. ඒක හරිම ඉන්ටිමේට් ඇත්ත දෙයක්. මං කිසිම දවසක ඒකට බයවෙලා හිටියෙ නෑ’
-ඩොලී පාර්ටන්-

ඒ හින්ද ඩොලී පාර්ටන්ව සමරද්දි අපි ඇගේ ත්‍රිත්වයම සමරන්න ඕන. Big b–bs, Big Brain, Big Voice.

Chinthana D(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


ඩොලී පාර්ටන් ගැන තවදුරටත් විස්තර :

BBC විශේෂාංගය | How Dolly Parton told her life story through six iconic songs


 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්