මෙවර සිට දෙමළ සාහිත්‍ය කෘති සහ ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ සම්මානයක් ද එක් වෙයි.
භාෂා ත්‍රිත්වයෙන්ම කෘති ඇගයෙන මෙරට එකම පෞද්ගලික ජාතික සාහිත්‍ය උළෙලේ නිර්දේශිත නාමාවලිය මෙන්න.
විදර්ශන ප්‍රකාශන ආයතනය විසින් අඛණ්ඩව තෙවන වරටත් සංවිධානය කරනු ලබන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ ජයමූර්තිකා ප්‍රදාන උළෙල' 2026 අගෝස්තු 31 දා බත්තරමුල්ල වෝටර්ස් එජ්හිදී පැවැත් වේ.
ත්‍රෛභාෂා ඇගයුම සහ මෙවර එක්වන සුවිශේෂී නවාංග
මෙම වසරේ සිට විදර්ශන සාහිත්‍ය ත්‍යාගයට දෙමළ සාහිත්‍ය කෘති ද ඇතුළත් වෙයි. මේ අනුව භාෂා මාධ්‍ය තුනෙහිම සාහිත්‍ය කෘති ඇගයීමට ලක් කරමින් ජයමූර්තිකා සහ මුදල් ත්‍යාග පිරිනමන පෞද්ගලික ආයතනයකින් සංවිධානය කෙරෙන දැනට ක්‍රියාත්මක එකම ජාතික සාහිත්‍ය ඇගයුම් උළෙල බවට එය පත් වෙයි.
මෙවර විදර්ශන සාහිත්‍ය ජයමූර්තිකා ප්‍රදානයෙහි තවත් නවාංගයක් වන්නේ සිය දීර්ඝ කාලීන ශාස්ත්‍රීය කාර්ය භාරය උදෙසා ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රවන්තයෙකුට හෝ ශාස්ත්‍රවන්තියකට ජීවිතයේ එක් වරක් පමණක් හිමි වන විශේෂ මූර්තිකාවකින් සම්භාවනාවට පාත්‍ර කිරීමයි.
2026 විදර්ශන සාහිත්‍ය ත්‍යාගය සඳහා නිර්දේශිත කෘති ලැයිස්තුව
පහත නිර්දේශිත නම් අතරින් ප්‍රශස්තම කෘති සඳහා විදර්ශන ජයමූර්තිකාව පිරිනැමේ.
නවකතා
ණයානන්දය – සුරත් ද මැල්
ලේ සහ වතුර – අරුණ ප්‍රේමරත්න
හරස් පාරෙන් ඇහුණ කට හඬක් – අනුරාධා නිල්මිණි
කෙටිකතා
ඒ ලස්සන තුවාල කැළැල – ප්‍රින්ස් සේනාධීර
රිදී රැයකි කළු දිවියෙකි – පියල් කාරියවසම්
සයිමන්ගේ මරණයට රතුපාට බයිසිකලයේ ඇති සම්බන්ධය – මංජුල වෙඩිවර්ධන
කාව්‍ය
අඬගසයි මට රාත්‍රිය – දිනූ රාජගුරු
කන්ද නම් නිවන්නාගේ උරිස්සක ආලයක ආලෝක එළි – නඳුන් යසිත දසනායක
සිහිනයක් ඇතුළත මියගිය සිහිනයක සිහිනයෙන් මිය යන සිහිනය (අත්පිටපතකි) – ඩොමිනික් චන්ද්‍රසාලි
පරිවර්තන - සිංහල
දුර දසුනක හිරු ගිනිගෙන – අනුෂා සිවලිංගම්
හුදකලාවේ බයිබලය – මනික් කුරුප්පු
සන්තෝකා තනේදා වම් කවියාගේ ජීවිතය සහ සෙන් හයිකු (අත්පිටපතකි) – ආනන්ද දේවප්‍රිය
පරිවර්තන - ඉංග්‍රීසි
Brief though these verses – Malinda Senevirathne
Daisy Mango – Pramod Kandanarachchi
The Masquerade: Selected Poems (Manuscript) – Subhashini Malika Dharmarathne
දෙමළ සාහිත්‍ය
Thalaivarkalin Kakkoosu (Manuscript) – Sutharmamaharajan
Valiyin Vevveru Adukkuhal (Manuscript) – Abdul Majeed Kurshith
Kolaichol – Pramila Pradeepan
(විදර්ශන සාහිත්‍ය ත්‍යාග ජයමූර්තිකා උළෙල සඳහා සහභාගි විය හැක්කේ ආරාධිතයන්ට පමණි.)








