leader s

ශ්‍රී ලාංකීය සිනමාවේ සුවිශේෂී කලා මංගල්‍යය වන 37 වන සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස මාලක දේවප්‍රිය ගේ බහුචිතවාදියා සම්මානයෙන් පිදුණි.


උළෙල සැප්තැම්බර් 09 වන දින කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

2025 වසර තුළ තිරගත වූ සිංහල සිනමාපට ඇගයීමට ලක් කරමින් තරඟකාරී අංශ 34ක් යටතේ සම්මාන 50කට අධික ප්‍රමාණයක් මෙහිදී ප්‍රදානය කෙරිණි.

හොදම චිත්‍රපට නිළිය සැන්ඩ්‍රා මැක්ස්

සරසවිය සම්මාන හොදම චිත්‍රපට නළුවා ලෙස වාලම්පුරි චිත්‍රපටය වෙනුවෙන් ප්‍රියන්ත සිරිකුමාර සම්මාන ලැබූ අතර ජනප්‍රිය චිත්‍රපට නිළිය සහ හොදම චිත්‍රපට නිළිය යන සම්මාන ද්විත්වයම ආයු චිත්‍රපටය වෙනුවෙන් සැන්ඩ්‍රා මැක්ස් හිමි කර ගත්තාය.

pri0934හොදම චිත්‍රපට නළුවා ප්‍රියන්ත සිරිකුමාර

 

හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය සම්මානය ආයු අධ්‍යක්ෂණය කළ චත්‍ර වීරමන්ට හිමි විය.

හොඳම තිරපිටපත සහ නැගී එන නළුවා යන සම්මාන ද මාලක දේවප්‍රියගේ බහුචිතවාදියා චිත්‍රපටයට හිමි විය.

හොඳම ආකර්ෂණීය චිත්‍රපටය ලෙස ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ 'නෙලුම් කුළුණ' චිත්‍රපටය සම්මාන හිමිකර ගත් අතර, තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ 'මෝඩ තරිඳු' චිත්‍රපටය වැඩිම ආදායම් ලැබූ ජනප්‍රිය චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.

 

chathra7හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය චත්‍ර වීරමන්
හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් ආයු වෙනුවෙන් මිලින්ද තෙන්නකෝන් පිදුම් ලැබීය.

තුසිත් සිම්සන් හොඳම ගායකයා ලෙසත් චතුරිකා නිර්මාණි හොඳම ගායිකාව ලෙසත් ආයු චිත්‍රපටය වෙනුවෙන් සරසවිය සම්මාන හිමිවිය.

රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය ජේෂ්ඨ සිනමා මාධ්‍යවේදී ප්‍රේම් දිසානායක ත්, ජීවිතේ එක්වරක් පමණක් පමණක් හිමිවන සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මාන ප්‍රවීන කලාකරු හේමසිරි සෙල්ලප්පෙරුම, ජේෂ්ඨ නිරූපනවේදී නීටා ප්‍රනාන්දු, ප්‍රවීණ ගායක ටී.එම්.ජයරත්න සහ එම්.එම්.අබ්දුල් හග් වෙත පිරිනැමීය.

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්