leader s

අපරාධ මර්ධනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණු නායකයා
අවධාරණය කරයි.

ඒ සඳහා පොලිසිය සහ බුද්ධි අංශ ස්වාධීන කර දේශපාලන බලපෑම්වලින් ඒවා මුදා ගැනීම අත්‍යවශ්‍ය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ.

වර්තමානයේදී රටේ බුද්ධි අංශ, විමර්ශන අංශ, ආරක්ෂක අංශ සහ යුද හමුදා බුද්ධි අංශ ද විවිධ බලපෑම්වලට යටත්ව ඇතැයි කී මන්ත්‍රීවරයා පොලිස් ඇමැතිගේ සහ රජයේ අතකොළු බවට එවැනි ආයතන පත්වීම රටට අහිතකර යැයි පැවසීය.

ඒවායේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කඩිනම් පියවර ගත යුතු බව ද හෙතෙම පවසයි.

දේශපාලන පාතාලයක් ක්‍රියාත්මක බවත් මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන පාතාලය සක්‍රිය වන බව කී මන්ත්‍රීවරයා එවැනි තත්ත්ව පාලනයටද ආරක්ෂක අංශ ක්‍රියා කළ යුතු බව සඳහන් කළේය.

ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ රටේ අපරාධයක් මර්දනය සඳහා සෘජුව වගකීම් දැරිය යුතු බවත් හිදී ස්වාධීනත්වය වැදගත් බව චම්පික රණවක මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

පාස්කු ප්‍රහාරයට ආරක්ෂක සහ බුද්ධි අංශවල ගැටළු ද සාධකයක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ, ලද තොරතුරු හෙළි නොකිරීම ද ගැටළුවක් බවයි.

ඒ අනුව පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳ ගැටලු රැසක් මතුවන එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්