ඇමරිකානු FBI ආයතනය විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ දී සහරාන් ඇතුළු කල්ලිය විසින් භාවිතා කළ දුරකථන සහ පරිගණකවල මකා දමන ලද තොරතුරු පමණක් නොව අගුළු දැමූ ෆේස්බුක් ගිණුම්,
ඊමේල් ගිණුම් පවා යළි ප්‍රකෘතිමත් කර පරීක්ෂා කර බැලුව ද ඔවුන් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සමග කිසිදු පණිවුඩ හුවමාරුවක් සිදු කරගත් බවට කිසිදු සාක්‍ෂියක් හෙළිවී නොමැති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.
එය ඔහුගේ පුද්ගලික අදහසක් නොවන අතර ඔහු අදාළ කරුණු පදනම් කරගන්නේ පාස්කු වාර්තාව පිළිබඳ එෆ්බීඅයි වාර්තාවෙනි.
එමෙන්ම පාස්කු ප්‍රහාරයේ එල්ල වී පැය 48ක් ඇතුළත 2019.04.23 ISIS සංවිධානය විසින් ප්‍රහාරයේ වගකීම බාර ගත් බවත් 2019.04.29 දින එවකට ISIS සංවිධානයේ නායකයා ලෙස කටයුතු කර අල් බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කරමින් ප්‍රහාරය එල්ල කිරීමට හේතු පැහැදිලි කළ බවත් FBI වාර්තාව උපුටා දක්වමින් පිවිතුරු හෙළ උරුමය නායකයා පෙන්වා දෙයි.
ඔහු මෙම හෙළිදරව් කිරීම සිදු කළේ ඊයේ (29) ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහන සමග එක් වෙමිනි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිශය වැදගත් කරුණු රැසක් මෙන්ම වත්මන් දේශපාලන කරළියේ තිරයෙන් පිටුපස සිදුවන කරුණු සම්බන්ධයෙන් ද මෙම වැඩසටනේ දී සාකච්ඡාවට භාජනය විය.
මතු පළ වන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව ය.







