විපක්ෂය නිදිද?
මෙම සටහන ලියා තබන මම ඉන්දියානු විරෝධියකු නොවේ.
එසේම අතීතයේදී ජවිපෙ විසින් සමාජගත කරන ලද ඉන්දියානු ව්‍යාප්තවාදය යන සටන් පාඨය පිලිබදව විශ්වාස කරන්නකු ද නොවේ.
එසේම රටක් වශයෙන් ඉන්දියාව සමග සමීප වෙළද හා ආයෝජන පවත්වා ගෙන යමින් ලංකාව දියුනුවෙන් දියුනුවට පත්විය යුතු බවට දැඩිව විශ්වාස කරන්නෙකි.
එවැනි පසුබිමක වර්ථමාන ජනාධිපති අනුර කුමාර මහතා විසින් තමන් විසින් ඉන්දියානු අගමැති සමග එලඹෙන ලද ආරක්ෂක එකගතාවය රටට හෙලිනොකිරීම පුරවැසියකු ලෙස මා සතු ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 3 හා 4 වන වගන්තිය යටතේ මා වෙත තහවුරු කොට ඇති පරමාධිපත්‍ය අයිතිය උල්ලංඝනය කිරීමක් වන්නේය යයි මම සිතමි.
එසේ මා සතු මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ සමානාත්මතාවය තහවුරු කොට ඇති 12 වගන්තිය යටතේද තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කොට ඇති 14A යටතේද සිදුවී තිබෙන බව මාගේ විශ්වාසයයි.
අදාල කුමන ආකාරයක හෝ වන ගිවිසුමක් පිලිබදව මාහට ඇති තොරතුරු දැන ගැනීමට අයිතිය පහත සදහන් ප්‍රශ්නයන් තුලින් මතු කරන්නෙමි.
1. දැනටමත් ඇති කරගත් එකගතාව ආරක්ෂක ගිවිසුමක්ද (Defence Pact) එසේ නැතිනම් එකගතා ගිවිසුමක්ද (Memorandum of Understanding) යන්න පිලිබදව පැහැදිලි කල හැකිද?
2. ඇති කරගත් එකගතාවයේ තුල අන්තර්ගත කෂේත්‍ර මොනවාද?
3. එසේ එකගතාවය ඇති කරගන්නා කෂේත්‍රයන් ක්‍රියාත්මක වන්නාවු ස්වරුපය. එනම් අදාල ක්ෂේත්‍ර තුල සහයෝගීතාවය ක්‍රියාත්මක වන්නේ ද්විපාර්ශවික සහයෝගීතාවයක් ලෙසද? collaboration), කැපවීමක් ලෙසද? (commitment), සහයෝගයක් ලෙසද? (cooperation)
4. අදාල ක්ෂේත්‍රයන් හදුනාගෙන ඇත්තේ ආක්‍රමනශීලී ක්‍රියාවකට මුහුනදෙන සාමුහික ආරක්ෂාව (collective security against aggression) යටතේද? එසේ නැතිනම්,
අනයෝන්‍ය ආරක්ෂාව සදහා වන ආරක්ෂක කැපවීමක් (mutual Defence commitment) යටතේද?
5. අදාල ගිවිසුම ගොඩනගන්නේ සහ පිලිඹිබු කරන්නේ රටවල් දෙකේ ද්වි පාර්ශවික ආරක්ෂාව පිලිබද කැපවීම සදහා වන අන්යෝන්‍ය බැදීම හා රදාපැවැත්ම සදහාද?
6. අදාල ගිවිසුම මගින් මේවන විට ලංකාව විසින් පවත්වාගෙන යමින් තිබෙන ආරක්ෂක ප්‍රතිපත්තියෙන් (security posture) තීරනාත්මකව හා හිතාමතා වෙනස්වීමක් (deliberate shit) සිදුවන්නේද?
7. ඉන්දියානු ජන මාධ්‍ය වාර්ථා කරන ආකාරයට අදාල ගිවිසුම මගින් ඉන්දියාවට දකුනු ආසියානු කලාපය තුල තීරනාත්මක මුලෝපායික වාසියක් සිදවන්නේද සහ එසේ නම් එසේ වන්නේ කෙසේද?
8. මෙම ගිවිසුමට අනුව ලංකාව ඉන්දියානු සාගර කලාපය අරබයා මෙතෙක් පවත්වාගෙන යනු ලැබු සමීපත්වය (proximity), විශ්වාසය(trust), සහ පාරදෘෂ්‍යභාවය (transparency) යන පදනම් වලට බලපෑමක් සිදුවන්නේද? සහ එසේ නොවෙන්නේ නම් එය සිදු වන්නේ කෙලෙසද?
9. මෙම ගිවිසුම මගින් ද්වි පාර්ශවික ආරක්ෂාව සදහා වන එකගතාවය සදහා වන ප්‍රාථමික ප්‍රතිපත්තියක් (Umbrella Framework) හදුන්වාදෙන්නේද සහ ඒ සදහා වන ආයතනික සැකැස්මක් පවතින්නේද?
10. අදාල ගිවිසුමෙන් ඉවත්වීම හා/හෝ බේරුම්කාර වගන්තීන් පවතින්නේද ? එසේ නම් එම වගන්තින් හි ස්වරුපය කුමක්ද?
මෙම ප්‍රශ්න මතු කරන්නේ ජනාධිපතිවරයා ඇතුලු ඔහුගේ ආන්ඩුව අපහසුතාවයට පත් කිරීමේ අරමුනින් නොව ස්ථාවර රටක් තුල පුරවැසියකු ලෙස ජිවත්වීමට ඇති අනාගත අපේක්ෂාව පදනම් කොට ගෙනය.
ජනාධිපතිවරයාට ්ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 33(h) වගන්තිය යටතේ මෙවැනි ගිවිසුමකට එලඹීමට ඇති පුර්න අයිතිය හා බලතල පිලිගන්නා අතරේම එම ගිවිසුමෙහි ස්වභාවය පිලිබදව ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 14A යටතේ තොරතුරු දැනගැනීමට පුරවැසියකුට ඇති අයිතිය ද ජනාධිපතිවරයාට අපගෙන් උදුරාගත නොහැකි බව මෙහිලා සිහිපත් කරන්නෙමු.
මෙම ආරක්ෂක ගිවිසුමට අදාලව පුරවැසියකුට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය 14A වගන්තිය සමග බැදී ඇති ව්‍යතිරේඛයට යටත් නොවන්නා සේම ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ සදහන් මුලික අයිතිවාසිකම් පොදුවේ සීමා කරන 15(7) යටත් නොවන බව මෙහිලා කිව යුතුව තිබේ. මක්නිසාද යත් ජනාධිපතිතුමන් විසින් ඇති කරගත් ආරක්ෂක ගිවිසුම ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 170 යටතේ ගැනෙන පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියක් ලෙස ගැනෙන්නේ නැත.
එසේම මෙම ආරක්ෂක ගිවිසුම ජනාධිපතිවරයාට ආන්ඩුක්‍රම ව්‍යවස්තාවේ 157 වගන්තිය යටතේ ජාතික ආර්ථිකය නැංවීම සදහා වන රටේ නීතියක් ලෙස නිතැතින්ම පිලිගන්නා ජාත්‍යන්තර වෙළද ගිවිසුම් ඝනයට වැටෙන්නේ නැත. ( ඉන්දියාව සමග ඇති කරගත් අනෙක් ගිවිසුම් මේ ඝනයට වැටෙන්නට පුළුවන)
එසේම 1987 ඉන්දු-ලංකා ගිවිසුමට පසුව පාර්ලිමේන්තුවට ගෙන ආ 13 සංශෝදනය හා පලාත් සභා පනත මෙන් අදාල ද්වි පාර්ශවීය අන්තර්ජාතික ආරක්ෂක ගිවිසුම මේ වන තෙක් පාර්ලිමේන්තු පනතක් (enabling enactment ) මගින් රටේ නීතියක් බවට සම්මත කොට නැත.
ලංකාවේ ව්‍යවස්තාවට අනුව ජාත්‍යන්තර සම්මුති රටේ නීතියක් බවට පත් වන ක්‍රමවේදයක් තිබේ. ( Sri Lanka has a dualist nature of constitution in relation to legalizing a international agreements: බලන්න සේපාල ඒකනායක එදිරිව නීතිපති නඩු තීන්දුව)
එම නිසා අදාල ආරක්ෂක ගිවිසුමට අදාලව පුරවැසියකුට තොරතුරු දැනගැනීමට ඇති අයිතියට නීතිය මගින්ම පනවා ඇති සීමාවලට මුවාවී උදුරාගැනීමේ අයිතියක් නැති බව කිව යුතුව තිබේ.
එවැනි පසුබිමක කැබිනට් ප්‍රකාෂක නලින්ද ජයතිස්ස ඇමති වරයා කියන්නේ ඉන්දියාවෙන් අනුමැතිය නොලබා අදාල ආරක්ෂක ගිවිසුමේ හරය නිරාවරනය කල නොහැකි බවය.
තත්වය එසේ නම් එය බරපතල ප්‍රකාෂයකි. එය සැබෑවක් නම් එනයින් මා ඉහතින් ඉදිරිපත් කල 3 වන ප්‍රශ්නයට ප්‍රතිපක්ෂව පිලිතුර ලැබී තිබේ.
එසේ නම් අපට කියන්නට වන්නේ හිගන්නන්ට උනුබත් අනාගතයේදී බලාපොරොත්තු නොවිය යුතු බවය.
මේ සම්බන්දයෙන් අනුර ජනාධිපති කියන්නේ මෙසේය:
අනුර ජනාධිපති වරයා කියන ආකාරයටම අපි ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුම් වලට එලඹෙනවාට එරෙහි නැත. ඉන්දියාව සමග එක්වී ආයුධ කර්මාන්තයට එලඹෙනවාට එරෙහි නැත. ( බුදුන් එය අකැප බව කීවත්)
නමුත් පුරවැසියකුට ඒ පිලිබදව ජනාධිපති වරයා දැනුවත් කල යුතුය. අප දන්නා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පදනම වන්නේ එයයි.
අවාසනාවකට ඉන්දියානු උදහසට ලක්වීමේ බියෙන් මෙරට ප්‍රධාන විපක්ෂය මෙම දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැතිවීමේ තත්වය හමුවේ මුනිවත රකිමින් සිටී.
මිත්‍රවරුනි මේ මගින් කියාපාන්නේ අපගේ අනාගත පාලනයේ ස්වරුපය යයි මට සිතේ.
(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
@ ශ්‍රිරාල් ලක්තිලක ගේ ෆේස්බුක් පිටුවෙන්...








