leader s

පාස්කු ප්‍රහාරය පිටුපස ඩීෆ් ස්ටේට් නොහොත් පාර රාජ්‍යය සිටින බව පළමුවෙන්ම ලීවේ ප්‍රකට ලේඛකයකු සහ කතුවරයකු වන ලේඛකයකු වන රාජන් හූල්ය.


Deep State යන්නට සිංහල බසින් පාර රාජ්‍යය, යටිබිම්ගත රාජ්‍ය, භූගත රාජ්‍යය, අදිසි හස්තය යනාදී යෙදුම් භාවිත වෙයි. මා යොදා ගන්නේ පාර
රාජ්‍යය යන යෙදුමය.

When the Deep State gets out of its Depth  නම් කෘතියෙහි ඔහු මෙසේ ලීවේය.

 


Rajan Hoole 196x300රාජන් හූල්“1983 ජූලි මාසයෙන් පසු ජේ.ආර්. ජයවර්ධන යටතේ පැවති පාර රාජ්‍යය බොහෝ දේ මහජන දෘෂ්ටියෙන් වසං කළද, එය නව තර්ජනාත්මක ස්වභාවයක් ලබා ගත්තේ රාජපක්ෂ ජනාධිපති ධුරය යටතේ ඔහුගේ සහෝදර ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේදී ය. විවෘතව පක්ෂග්‍රාහී අගවිනිසුරුවරුන් වන සරත් සිල්වා සහ මොහාන් පීරිස්ගේ සහාය ඇතිව එය සිදු විය. එහි ක්‍රියාවන් අතර 2006 දී ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනා සහ ඒසීඑෆ් ඝාතන, මාධ්‍යවේදීන්ට පහරදීම්, 2009 දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නෙලිගොඩ අතුරුදහන් වීම ආවරණය කිරීමට ගත් උත්සාහයන් ද විය. සිංහලයන්ට තවදුරටත් එය නොසලකා හැරිය නොහැකි විය. එය 2015 ජනවාරි මාසයේදී රාජපක්ෂ ජනාධිපති ධුරය හදිසියේම බිඳ දැමීමට එම තත්වයද උපකාරී විය. එහි විපාකය වූයේ ගැඹුරු රාජ්‍යය පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් නොමැති සහ අවසානයේ එයින් බියට පත් වූ කෙනෙකු (ජනාධිපති ධූරයට) පත් කිරීමයි.”

රාජන් හූල් සටහන් කරන මෙම අපරාධයන්ගෙන් සමහරකට ට්‍රිපොලි කඳවුර සම්බන්ධය.

ට්‍රිපොලි කඳවුරුවාසී යුද හමුදා පිරිස් විසින් කරන ලද අපරාධ සහ පාස්කු ප්‍රහාරයට එහි ඇති සම්බන්ධය විස්තරාත්මකව පාර්ලිමේන්තු මංත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්  විසින් පෙන්වා දී තිබේ.

 



පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයකු වූ ජමීල් සොයාගිය යුද බුද්ධි නිලධාරීන් පාවිච්චි කළේ ට්‍රිපොලි කදවුරට සම්බන්ධ ජංගම දුරකථනයකි. එය ලසන්ත ඝාතනයට ද අදාළ එකකි.

පාස්කු ප්‍රහාරය මෙරට මුල්බැස ගත් පාර රාජ්‍ය දිගුවක ආවරණය යටතේ සිදු වූ බව “පාස්කු ඉරිදා ප්‍රහාර: පාර රාජ්‍ය සෙවණැල්ල සහ නොවිසඳුණූ අභිරහස්” යන කෘතියෙහි මම ද එම විෂය සාකච්ජාවට භාජනය කළෙමි.

පාර රාජ්‍ය යනු හුදෙක් යටි බිම්ගත ව්‍යුහයක් නොවේ. එයට දේශපාලන සාහිත්‍යයෙහි එක් නිර්වචනයක් ද නැත. පාර රාජ්‍ය යනු නීතියට පිටින් ස්වකීය අරමුණු උදෙසා ක්‍රියාත්මක වන දේශපාලන, යුද සහ මතවාදී හවුලකි. ජාලයකි.

බහුතර ප්‍රජාවක බලය සුලුතරය මත පවත්වා ගැනීම සඳහා යුදකරණය සහ ආගමිකකරණය එකට බැඳී ගිය සමාජයක අනීතික දේශපාලන න්‍යාය පත්‍ර සඳහා පාර රාජ්‍ය හසුරුවා ගැනීමට, රාජන් හූල් විසින් ද පෙන්වා දී ඇති පරිදි අගවිනිසුරුවන්, ජනාධිපතිවරුන් පවා පියවර ගැනීමට හැකිය.  ගෝටාගේ සහ වික්‍රමසිංහගේ නීතිපති වූ සංජේ රාජරත්නම් තවත් කැපී පෙනන නිදසුනකි.

නීතිපති සංජය රාජරත්නම් විශ්‍රාම ගනීසංජේ රාජරත්නම්

එවැනි පුද්ගලයින් පාර රාජ්‍ය නොව රාජ්‍ය යැයි අයෙකු තර්ක කළ හැකිය.

ඇත්තය. ඔවුන් රාජ්‍ය ද වන අතර පාර රාජ්‍ය ද වෙයි. පාර රාජ්‍ය ක්‍රියා කරන්නේ නීතියේ පාලනයට පිටිනි. පාර රාජ්‍ය යනු එක් ව්‍යුහයක් නොවේ. එය විවිධ තලයන්හි ජාල ගත තමන්ගේම දේශපාලන න්‍යාය පත්‍රයක් ඇති මතවාදී සහ සක්‍රීය ව්‍යුහයකි.

පසුගිය සතියක ලසන්ත රුහුණගේ මෙම පුවත්පතට පාස්කු ප්‍රහාරය පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා ගෙන ඇති අලුත් අයිරු සහ සාක්ෂි පිළිබඳව ලියූ ගවේශනාත්මක ලිපිය පාර රාජ්‍යයේ පැවැත්ම කරා  යළි අප කැඳවයි.

එම ලිපිය කියවන විට ඉතා පැහැදිළිව පෙනී යන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන කුමංත්‍රණයක් පැවති බවයි. මේ කුමංත්‍රණය පාර රාජ්‍ය සැලැස්මකි.

 

පාර්ලිමේන්තුවේත්, එළියේත් පාස්කු ප්‍රහාරය ගැන කතාවලට පොලිස් ඇමැති දුන්න  උත්තර ඇහුවද ?වව්නතිව් සිදුවූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය

2018 නොවැම්බර් 30 දින වව්නතිව් මුරපොළට පහර දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර අවි ආයුධ පැහැර ගැනීම පිළිබඳ ව්‍යාජ තොරුතුරු සපයා සැබෑ ඝාතකයින් වසං කිරීමට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය පියවර ගෙන තිබූ බවට එම ලිපිය සාක්ෂි සපයයි. මවිසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පළ කළ කෘතියෙහි ද ඒම සැකය කරුණූ සහිතව මතු කළෙමි.

දැන් අප දන්නා කරුණු අනුව එම ප්‍රහාරය සිදු වී සතියක් ඇතුළත එම ප්‍රහාරය සිදුකළේ සහරාන් කණ්ඩායම බවට ලිඛිතවම යුද හමුදා බුද්ධි අංශය වෙත එහි තොරතුරුකරුවකු එනම් පැරා මිලිටරි ඔත්තුකරුවකු වූ මොහොමඩ් කලීල් මොහොම්මදු මස්ෆි නොහොත් නසීර් දන්වා තිබේ.

මෙම කලීල් එසේ මෙසේ ඔත්තුකරුවකු නොවේ. ඔහු සහරාන් කණ්ඩායම තුළට රිංගවා සිටි ප්‍රධාන පෙළේ සිවිල් ඔත්තුකරුවෙකි.

යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වූ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කුගේ ප්‍රකාශයකින් කියවෙන්නේ මෙම කලීල්ගේ දුරකථනයට සවන් දිය හැකි රහස් උපාංගයක් ඔහුට හොරා සවි කර තිබූ බවයි. තවද ඔහු පදිංචිව සිටි නිවසටද රහසිගත ඉතා කුඩා කෙටි පරිපථ රෑපවාහිනී කැමරා සවිකර තිබුණි.

 

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: කවුද මේ හිටිහැටියේ පහළ වූ අසාද් මවුලානා ?
කලීල් යන නමින් පමණක් අප දන්නා ඔහුගේ පියා ද යුද හමුදා තොරතුරුකරුවකු ලෙස සිටි බව පෙනී යයි. ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ඔහු පිල්ලෙයාන් සමඟ මඩකළපු බන්ධනාගාරයෙහි රඳවා තිබුණි.

පිල්ලෙයාන්ගේ ලේකම්ව සිටි හන්සීර් අසාද් මවුලානාට අනුව පිල්ලෙයාන් සහ සහරාන් කණ්ඩායම අතර සබඳතා ගොඩ නැගුණේ මෙම සිරගෙදරදීය. මන්ද යක් කාත්තන්කුඩිහි අනෙක් මුස්ලිම් ලබ්දිකයින්ට පහරදීම සම්බන්ධයෙන් සහරාන්ගේ සහෝදරයා වූ ෂෙයිනි ඇතුළු පිරිසක් ද එම බන්ධනාගාරයේම රඳවා සිටි නිසාය.

මොහොමඩ් කලීල් මොහොම්මදු මස්ෆි ලිඛිවම ලබා දුන් සහරාන් කණ්ඩායම පිළිබද තොරතුරු මඩකලපුව බුද්ධි හා ආරක්ෂක සමූහයේ සමූහ නායක ලෙස කටයුතු කළ මේජර් කොහිලමුල්ල ආරච්චිගේ චාමර ප්‍රසාද් කමලවර්ණ, බුද්ධි නිලධාරි කපිතාන් පොල්වත්තේ ලේකම්ලාගේ සුමිත් නිශාන්ත දිසානායක සහ කර්නල් කැළුම් සිරිපති මද්දුමගේ විසින් යටපත් කරන ලද බවට දැන් චෝදනා එල්ල වී තිබේ.

බුද්ධි සේවා පිළිබද දැනුමැති අයට අනුව එවැනි වැදගත් බුද්ධි තොරතුරක් වසං කිරීමට තීරණයක් ගැනීමට එම මට්ටමෙහි නිලධාරීන්ට අධිකාරියක් නැත. එම වසං කිරීමේ නියෝගය ඉහළින් පැමිණිය යුතු එකකි.

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නම් කිරීම අද හෙටම !
එවැනි නියෝගයක් ලබා දුන්නේ කවරකු විසින් ද යන්න පාස්කු ප්‍රහාරය පිටුපස ඇති කුමංත්‍රණයත් මහමොළකරුත් සොයා ගැනීමට අත්‍යවශය වේ.

එපමනක් නොවේ.

මෙම ඝාතනය වසං කිරීමේ පියවරක් වූ හිටපු දෙමළ සටන්කාමියකු වූ අජන්තන් අත්අඩංගුවට ගැනීම පිටුපස සිටියේ කවරකුද යන්න සොයා ගැනීම ද ඒ සදහා අත්‍යවශයය. අජන්තන් මෙම ඝාතනයට පටලැවීමට ඔහුගේ නිවසින් සොරා ගන්නා ලද කබායක්, පාසල් බෑගයක් ඇතුළු උපකරණ බොක්කුවක් යටට දැම්මේ කවරකුගේ නියෝගයක් මතද යන්නද තවම විසදී නැත. මේ පැහැදිළි කුමංත්‍රණයකි.

මෙම කබාය මුලින්ම දුටු බව කියන රාජ්‍ය බුද්ධි අංශ කොස්තාපල් යාසින් බාවා ජෙගිල් පාස් තවම සත්‍ය ප්‍රකාශ කර නැත. ඔහු කියන්නේ තමන්ට එම තොරතුර නිර්නාමිකව සිය ජංගම දුරකථනයට ලැබුණූ බවයි. ඔහුගේ ප්‍රකාශය, ඔහුට ඉහලින් සිටි නිලධාරියාගේ සාක්ෂිය සමඟ පෑහෙන්නේ නැත.

 

මන්ත්‍රී වැඩමුළුවට මට ආරාධනයක්වත් තිබුණේ නෑ' - ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති නිලන්ත  ජයවර්ධනනිලන්ත ජයවර්ධන
මෙම තොරතුරුකරුවන් ලබා දුන් යම් යම් තොරතුරු අන්ත්‍රස්ධාන වී තිබේ. ඇත්ත කතාව නම් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සිය ජංගම දුරකථනයේ වූ දත්ත මකා දැමූ පරිදි මේ තොරතුරුද විනාශ කර ඇති බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු සමූදායක්ම අන්ත්‍රස්ධාන කර ඇත්තේ කාගේ උවමනාවට කවරකු ආරක්ෂා කිරීමටද?

සත්‍ය යටපත් කිරීමට මෙම නිලධාරීන් සහ තොරතුරුකරුවන්ට ශක්තිය ලැබෙන්නේ කවර මූලාශ්‍රයකින්ද?

ඊට පිළිතුර ඇත්තේ පාර රාජ්‍ය ජාලයන්හි ප්‍රබලත්වය තුළය. එය තවම කටුව තුල වැජඹේ.

සොනික් සොනික් නමින් සහරාන් කණ්ඩායම තුලට රිංගවන ලද අයි.පී. බණ්ඩාර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු දීමෙන් වැළකුණි. ඔහු අත්අඩංගුවට ගැනුණේ ද නැත. කලීල් ද තවම අත්අඩංගුවට ගෙන නැත. ඩීඅයිජී නිලන්ත ජයවර්ධනගෙන් ප්‍රශ්ණ කර නැත. බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු ගෙන් ප්‍රශ්ණ කර නැත.

sainthamaruthu

 

2019 අප්‍රේල් මාසයේදීම පාස්කු ප්‍රහාරකයින්ගේ ඥාතීන් සාමූහික ස්වයං ඝාතනයක යෙදුණූ සයින්දමරුදු ඇතුළත් වූ නැගෙනහිර පලාතෙහි යුද හමුදා අඥාදායක වූයේ වත්මන් නියෝජ්‍ය ආරක්ෂක ඇමති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරය.

එකී ස්වයං ඝාතනයෙන් පසු දිවි ගලවා ගෙන එම නිවස ඉදිරියෙහි සිටි සහරාන්ගේ සහෝදරයා වූ ෂෙයිනි අත්අඩංගුවට ගැනීම වෙනුවට ඝාතනය කරන ලද්දේ එම නිවස වටලා සිටි කමාන්ඩෝ භට පිරිස විසිනි. එම ඝාතනයට අණ දුන්නේ කවරකුද යන්නද විටෙක පාර රාජ්‍යට අදාළ විය හැක.

එකී සාමුහික ස්වයං ඝාතනයෙන් පසු දිවි බේරාගෙන සිටි, කටුවාපිටිය ස්වයං ඝාතකයාගේ බිරිඳ වූ සාරා ජෙස්මින් අතුරුදහන්වීමද එවැනි තවත් අභිරහසකි.

පාස්කු ප්‍රහාරය පිටුපස වූ පාර රාජ්‍ය කුමංත්‍රණයේ අක්මුල් සමහර විට වත්මන් ජාතික ජන බලවේග රාජ්‍ය තුලද ඔඩුදුවා ඇතිවා විය හැකිය යන සැකය දැන් මතුව තිබේ.

පාර රාජ්‍ය ජාලය බිදහෙළා  කුමංත්‍රණයේ ඇත්ත හෙළි කර ගැනීමෙන් තොරව මහ මොල ජාලය සොයා ගත නොහැකි වනු ඇත.

රෙහානා පතීමා නිරුවත පෙන්වීයැයි චෝදනාවෙන් නිදහස්! - (සුනන්ද දේශප්‍රිය)(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org

(උපුටා ගැනීම - srilankabrief.org)

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්