පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනි පුටුව ලෙස හැඳින්වෙන පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සංජීව ධර්මරත්න ට හිමිවී ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක එම ධුරයෙන් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කිරීමත් සමගම සංජීව ධර්මරත්න ට මෙම ධුරය හිමිවී තිබේ.
මෙම මාරුවීම සඳහා ජාතික පොලිස් කොමිසමේ ද අනුමැතිය හිමිවී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එය ලබාදීමට නියමිතය.
මේ අතර බස්නාහිර පළාත භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සංජීව මැදවත්ත පත් කිරීමට නියමිතය.
උතුරු පළාත භාරව බුද්ධික සිරිවර්ධන ද උතුරු මැද පළාත භාරව තිස්ස ධනපාල ද මාරු කර යැවීමට නියමිතය.
මෙම මාරුවීම් සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවී ඇති බවද වාර්තා වෙයි.
( divaina | හේමන්ත රන්දුණු)
මෙම පුවතට අදාල තවදුරටත් විස්තර :
පොලිසියේ ඉහළ පුටු පෙරෙලෙයි ?
SDIG ලලිත් පතිනායකගේ වැඩ තහනම් කිරීමේ සුදානමක් ! - DIG කිත්සිරි ජයලත්ට උසස්වීමක්
පොලිස් ලොක්කෝ අතර ලොකු ගැටුමක් ! SDIG ට එරෙහිව පොලිස්පති, පොලිසි යයි !!
පොලිස්පති ඇතුළු ලොක්කන් ගැන සමාජ මාධ්‍ය වීඩියෝ CIDයේ විමර්ශනයට








