leader s

පාස්කු ඉරුදින වූ ත්‍රස්ත්‍ර ප්‍රහාරයට අදාලව හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂන

දෙපාර්තමේන්තුවේ (CID)අත් අඩංගුවට පත්වෙනවා.

ගල්ෆ් කලාපයේ ඉරාන යුදගැටුම නිසා ඒ ප්‍රවෘත්තිය යට ගියත් මෙහි ඇති අප්‍රකාශිත සත්‍ය පිළිබඳව ගැටලු ඇති කරනවා. මේ වන විට සුරේෂ් සලේගේ පවුලේ උදවිය මේ අත් අඩංගුවට ගැනීමට එරෙහිව අභියාචනාධිකරණයට ගොස් තිබෙන අතර අදාල අත් අඩංගුවට ගැනීමත් අධිකරණය වෙත B වාර්තාවක් මගින් වාර්තා කර තිබෙනවා. එම නිසාම අදාල අධිකරණ කටයුතු පිළිබඳව මේ ලියුම්කරුගේ වපසරිය තුළ අදහසක් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ පිළිබඳව අපිට කල හැක්කේ බලා සිටීම පමණයි.


නමුත් SIS සහ CID අතර ඇතිව තිබූ දීර්ඝ කාලීන අයහපත් සම්බන්ධය මෙතනදී ඉතා වැදගත්. විශේෂයෙන්ම 2015 දී යහපාලන ආණ්ඩුව බිහිවූවායින් පසු ඇනහිට තිබූ විමර්ශන ගනනාවක් නැවත ආරම්භ වුනා. ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ වැනි ඝාතන හෝ අතුරුදහන් කිරීම්ද, ඇතැම් පහරදීම් පිළිබඳවද මේ විමර්ශන CID ය නැවත ආරම්භ කලවිට ඒවායේ අවසන් නූලේ කෙලවර SIS හරහා ගමන් කර තිබුනා. මේ ආයතන පද්ධති දෙකෙහි ඇති මූලික ව්‍යුහාත්මක වෙනස පිළිබඳව ඇත්තේ අපැහැදිලි චිත්‍රයක්. අපි පළමුව එය ලෙහාගත යුතු වෙනවා.


CID ය පිහිටුවා ඇත්තේ සාමාන්‍ය පොලීසියට විසඳිය නොහැකි හා ආන්දෝලාත්මක ගනයෙහිලා සැලකෙන අපරාධ පිළිබඳව විමර්ශනය කිරීමටයි. එය පූර්ණ ලෙසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා මූලික අපරාධ නීතියටත්, වෙනත් නීති අණ පණත් වලටත් යටත් ආයතනික ව්‍යුහයක්.

නමුත් SIS නොහොත් බුද්ධි සේවාව එසේ නීතිමය ව්‍යුහයකට යටත් වූවක් නොවෙයි. බොහෝ දෙනා බුද්ධි අංශය පිළිබඳව සැලකීමේදී එහි ඇති මේ ගතිකත්වය අමතක කරනවා. බුද්ධි අංශයක මූලිකම කාර්‍යයනම් සියලුම නීති-රීති වලට පිටින් ක්‍රියා කොට රාජ්‍ය ආරක්ෂා කිරීම විනා ඒවා මත පිහිටුවා සිටීම නොවෙයි. ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි අංශය හමාස් සංවිධානයේ ඉහල පෙලේ නායකයන් දඩයම් කලේ පලස්තීනය මතදීම නොවෙයි. ඒ දඩයම් කිරීම් ඩුබායි, කටාර් වැනි රාජ්‍යයන් කරාද විහිදුනා. ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව සිය ඉලක්කයක් සපුරාගත්තේ කැනඩාව තුළදීයි, එය රාජ්‍ය ත්‍රාන්ත්‍රික අර්බුධයක් දක්වා ඔඩු දිවූවද ඉන්දියාව සිය ඔත්තු සේවාව පාවාදුන්නේ නැහැ.

හතරවෙනි ඊලාම් යුද්ධයට අදාලව බුද්ධි අංශ නැවත ප්‍රතිව්‍යුහගත කරන විට ගෝඨාභය රාජපක්ෂ විසින් ත්‍රිවිධ හමුදා හා පොලිස් බුද්ධි අංශයන් ඒකාබද්ධ කරා. ඉන් ඔහු බලාපොරොත්තු වූවේ එක් සෙන්ටර් එකක් තුළට සියලුම බුද්ධි තොරතුරු එකතු කිරීමත්, ඒවා බෙදාගදා ගැනීමත් හරහා කාර්‍යක්ෂම කිරීමයි. මෙහිදී මේ බුද්ධි සේවාවේ(SIS ) අණ දීම ස්වාධීන කල අතර එහි පාලනය ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් හා පොලිස්පතිවරයාගෙන් ඉවත් කලා. SIS ප්‍රධානියා සෘජුවම ජනාධිපතිවරයාට වගකිවයුතු අතර එය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හරහා සම්බන්ධීකරණය වුනා.

 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ පිළිබඳව දක්වන අදහස් වල කිසිම වලංගුභාවයක් නොමැති වන්නේ මෙහිදීයි. SIS කිසිවිටෙක සරත් ෆොන්සේකාට වගකියුවේ නැති අතර ඔහුට එය පාලනය කිරීමටත් බැහැ.


CID ය කල විමර්ශන වලදී ඒවායේ ගැඹුර බුද්ධි අංශය විනිවිදීමට සමත් වූ විට ඊට බාදා එල්ල වුනා. මෙතනදී අපි සංකීර්ණව තේරුම් ගත යුත්තේ බුද්ධි අංශයක් තුළට කිදා බැස එය විමර්ශනය කිරීමට තරම් පරිචයක් CID ය පෙන්නුම් කලාද යන්නයි. මගේ අදහසනම් එසේ නොවූ බවයි. ඇතැම් විමර්ශන මාධ්‍ය මත ටෙලි නාට්‍ය ලෙස දිග ඇරෙද්දී ඊට බාදා කිරීම හැර වෙන යමක් බලාපොරොත්තු විය නොහැකියි. මෙවැනි සංකීර්ණ බුද්ධි තොරතුරු ජාලයකට හා එය මෙහෙයවූ ආයතනයේ අභ්‍යන්තරයට රිංගා යනවානම් ඒ පිළිබඳව වෙනම පුහුණු නිලධාරීන් සිටිය යුතුයි. ඊශ්‍රායලයේ මොසාඩ් සේවාව විමර්ශනය කිරීමට ඊශ්‍රායෙල් පොලීසියට බලතල නැහැ. එසේ විමර්ශනයක් ආරම්භ කරනවා නම් එය සංකීර්ණ හා මාධ්‍ය වලින් මුලුමනින්ම ඉවත් කරනු ලැබූ සංසිද්ධියක්.

මෙතනදී සුරේෂ් සලේ මේ බාහාකරන්නා ලෙස හදුනා ගැනීම අසාමාන්‍ය නැහැ. පොලීසිය සිය විශිෂ්ඨ විමර්ශනයන් බොහොමයක් කර ඇත්තේ පොලීසියට විරුද්ධවමයි. ඒ එකම ආයතනයක් තුළ ඇති නින්දිත පාවාදීම් හා වෙනත් සංකීර්ණතා නිසයි. නමුත් ත්‍රිවිධ හමුදාව තුළ තත්වය මීට සපුරා වෙනස් ඔවුන් එකිනෙකා පාවා නොදෙන්නේ හා ආරක්ෂා කරන්නේ ඒ ආයතන තුළ ඇති අභ්‍යන්තර ව්‍යුහාත්මක සැකසුම නිසාමයි. මෙය ලාංකීය සිවිල් සමාජ මැට්ටන් කිසි විටෙක තේරුම් ගත්තේ නැහැ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සුරේෂ් සලේ මැලේසියාවට පිටමං කිරීමත් ඊට පහලින් සිටි තවත් නිලධාරීන් සමූහයක් SIS වලින් ඉවත් කිරීමත් ක්‍රීඩාවේ මූලික නිතීන් කැඩීමක්.

 

සුරේෂ් සලේ, සහරාන් හෂීම් සමග සම්බන්ධයක් තිබූ බව සොයාගැනීම බොහෝ අය විමතියට පත්වන හෝ පිලිකුල් කරන කාරණාවක් වීම පිළිබඳව මේ ලියුම්කරුට ඇත්තේ හාස්‍යයක්. සැබවින්ම සුරේෂ් සලේට සහරාන් හෂීම් සමග නොව වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ සම්බන්ධයක් තිබූ බව හෙලි වුනත් එය පුදුමයට හෝ පිලිකුලට අදාල කාරනාවක් නොවෙයි. බුද්ධි අංශයේ ක්‍රියාකාරීත්වය තුළ ඔවුන් නීතියට පිටින් ඉන්නා අදෘශ්‍යමානයන් වීමේ අර්ථයද එයයි.


ඊලාම් යුද ඉතිහාසයේදී නැගෙනහිර මූලික මර්මස්ථාන තුන වූ තොප්පිගල, වාකරේ හා සාම්පූර් වලින් පසු මිල්ටරි සේනාංක වන්නිය වට කරනවා. මෙහිදී ගරිල්ලා සටනක් සදහා ඉතාමත් උචිත නැගෙනහිර ප්‍රදේශය පාලනය කිරීම ආණ්ඩුවට ඉතා වැදගත් වෙනවා. පිල්ලෙයාන් හෝ සහරාන් පාවිච්චි වෙන්නේ මේ පාලනය කිරීමේ ලීවර ලෙස වන විට 2015 දී කරන බුද්ධි සේවාවේ ප්‍රතිව්‍යුහගත කිරීම් හරහා රාජ්‍ය සතුවූ "වයර්" කපා දැමෙනවා. ඉන් අදහස් වන්නේ පිල්ලෙයාන් හෝ සහරාන් රාජ්‍යය වෙත සම්බන්ධ වූ "හිස" වෙනස් කල බවයි. සාමාන්‍ය රාජ්‍ය ආයතනයක වුවත් ආයතන ප්‍රධානියෙකු මාරුවී යන විට ඒ ආයතනය සතු සියලුම "පහසුකම් හෝ වත්කම්" පිළිබඳව ඊලඟ අනුප්‍රාප්තිකයා දැනුවත් කරන්නේ නැහැ. සුරේෂ් සලේව ඉවත් කරන විට එතැනට පත්වෙන්නේ පොලිසීයේ නිලන්ත ජයවර්ධනයි. බුද්ධි අංශ සතු පොලීසිය පිළිබඳ අමිහිරි මතක හා දෙදෙනා එන්නේ ආයතන දෙකකින් නිසා තොරතුරු හා වත්කම් පිළිබඳව හිඩැසක් ඇතිවීම අනිවාර්‍යයි. ඒ හිඩැසට මූලධර්මවාදය හෝ වෙනත් උවමනාවක් රිංගවීම ඒ පිළිබඳව විශේෂඥයින්ට අපහසු කාරනාවකුත් නොවෙයි.

බුද්ධි සේවාවක් සිය අවසාන අවස්ථාව ලෙස උන්ඩය තෝරාගන්නා විට එයම ලංකාවේදී ප්‍රමුඛ වීම පිළිබඳව අපි සංකීර්ණ ලෙස සිතිය යුතුයි. මුදල්, දේපල, යාන වාහන හෝ ස්ත්‍රීන් හරහා තොරතුරුකරුවන් හෝ වත්කම් භාවිතා කිරීම අපේ රටේ දුප්පත් කමත් සමග බැදී තිබෙනවා. ඇමෙරිකාව CIA වෙත මුදාහරින මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන ගනනක් එය රහස්‍ය ගිණුමක් ලෙස පවතින අතර එය විගනණයට ලක් වන්නේද නැහැ. ඉවත් කලයුතු ඇතැම් පුද්ගලයන්ගේ ඉවත්කිරීම් සදහා උන්ඩ වෙනුවට භාවිතා කල හැකි සම්පත් වලින් අපේ බුද්ධි සේවාවන් පොහොසත් නැහැ. කර්නල් මුතාලිෆ් ගේ ඝාතකයා වූ අයිස් මංජුව LTTE ය තමන්ගේ පැත්තට නම්මාගත්තේ රාජ්‍යයට වඩා බරක් ඔහු මත තැබීමෙන්.

අපේ වැනි කුඩා රාජ්‍යයකට විශාල හමුදාවක් නඩත්තු කිරීමෙන් පලක් නැහැ. අසල්වැසි ඉන්දියාවට වඩා එය විශාල වන්නේනම් එය කල නොහැක්කක් බව අපි තේරුම්ගත යුතුයි. නමුත් ඉතා විධිමත් හා සංකීර්ණ බුද්ධි සේවාවක් නිර්මාණය කිරීමට අපි ක්‍රියා කල යුතුයි. කලාපීය වශයෙන් සිදුවන දේශපාලනික, ආර්ථික හා යුදමය තත්වයන් පිළිබඳව සමාලෝචනයට එය අත්‍යාවශ්‍ය ආයතනික ව්‍යුහයක් වනවාට සැක නැහැ. සුරේෂ් සලේලා 2009 දී කල කී දෑ මත නැගී කිරිබත් කෑ ටින් ජනයාම සුරේෂ් සලේට හෙන ඉල්ලීම ලංකාවේ ආරක්ෂක ව්‍යුහය පිළිබඳව ජනයාගේ අදහසේ හොද පැතිකඩක්.

සංකීර්ණ මිනිසුන් නොමැති රටක් තුළ සුරේෂ් සලේලාව දරාගැනීමට ඇති අපහසුවත් ඒවා ඛේදවාචක සේ අවසන් වීමත් ගැන අපි පුදුම විය යුතු නැහැ.
සියල්ලටම ඉහලින් "රාජ්‍යය" පැවතිය යුතු බව සිතීම මේ යුගයේදී අවලංගුව යන අදහසක් වගේම රාජ්‍යය වෙනුවෙන් සේවය කිරීම යනුද අතීතයට අයිති අදහසක්.



(සමබිම පක්ෂය)
උපුටා ගැනීම - Samabima Party ෆේස්බුක් පිටුවෙන්... 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්