leader s

සිරියාවේ බෂාර් අල්-අසාද් පාලනය අවසන් වේ. කැරලිකරුවෝ අද ඩමස්කස් අගනුවර ආක්‍රමණය කිරීමත් සමග අසාද්, බලය අතහැර

පලා ගියේය. ඔහු පලා ගියේ කුමන ස්ථානයකට දැයි මෙතෙක් අනාවරණය වී නැත.

දැන්, ඩමස්කස් අගනුවර  අසාද්ගෙන් නිදහස් බව කැරලිකරුවෝ කියා සිටිති. නගරය රජයේ හමුදාවන්ගෙන් ද තොරව පවතී.

ප්‍රදේශ වාසීන්  විශාල වශයෙන් මෝටර් රථ හා පෙළපාලි මගින් නගර චතුරශ්‍රය වෙත ඇදී එමින්  සිටිති. ඔවුහු,  නව නිදහස  සමරමින්, ප්‍රීති ඝෝෂා නගමින් සිටිති.

ඩමස්කස් නගරබදව පිහිටි සෙඩ්නායා (Sednaya) හමුදා බන්ධනාගාරයේ සිටි දහස් ගණන්  රැඳවියන් ඉන් නිදහස් කර තිබේ.  

කැරලිකරුවන් අද ඩමස්කස් අගනුවර ආක්‍රමණය කිරීමත් සමග, එහි ගුවන්තොටුපොළින් , ගුවන් යානයක් පියාසර කළ බව රොයිටර්ස් පුවත් සේවය පවසයි. එය, එරට වෙරළබඩ කලාපය බලා පියාසර කර ඇතැයි ද වාර්තා වේ. එම කලාපය  සුළුතර අසාද් හිතවාදීන් රැඳී සිටින ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබේ. එහෙත්, ගුවන්යානයේ සිටි මගීන් පිලිබඳ කිසිත්, මෙතක් අනාවරණය වී නැත.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වෙන තෙක් එරට පරිපාලනය  හිටපු අග්‍රාමාත්‍ය මොහම්මෙද් ජලාලි ( Mohammed Jalali) වෙත පවරා තිබේ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

සබැඳි පුවත් :

'සිරියානු ගැටුමට අපි නම් නෑ' - ඩොනල්ඩ් ට්‍රම්ප්

ජනපති අසාද් ගේ සිරියානු රජය කැරලිකරුවන්ගේ ග්‍රහණය අබියස

සිරියාවේ, අලෙප්පෝ නුවර කැරලිකරුවන්ට ඒකාබද්ධ ගුවන් ප්‍රහාර

සිරියානු කැරලිකරුවන් අලෙප්පෝ නගරය වැටලීමට ආසන්නයි - ගුවන්තොටුපලත් වසා දැමේ

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්