leader s

අද (14) දිනයේ ගාසා තීරයේ නාගරික නිවාස සංකීර්ණ 30ක්වත් විනාශ කළ බව ඊශ්‍රායල හමුදා පවසති.


දහස් ගණන් ගාසා නගර වැසියන් බලහත්කාරයෙන් ගාසා නගරයෙන් පලවා හැරෙමින් ඇතැයි, පලස්තීන බලධාරීහු ප්‍රකාශ කරති.

ගාසා නගරය අත්පත් කරගැනීමට "සැදී පැහැදී", මෙහෙයුම දියත් කළ බව ඊශ්‍රායල බලධාරීහු පවසති.

ගසා නගරය, මිලියනයක පමණ පලස්තීන වැසියන්ට මේ මොහොතේ සෙවන සලසයි. නගරය, හමාස් ත්‍රස්තයින්ගේ අවසන් බලකොටුව සේ සලකා, ඊශ්‍රායලය විසින් අද මෙම දරුණු  ප්‍රහාර දියත් කර තිබේ.

කටාර් රාජ්‍යයේ අනුග්‍රහයෙන් හෙට (15) හදිසි ඉස්ලාමීය - අරාබි සමුළුවක් පැවැත්වීමට නියමිතය. එහිදී, ගාසා තීරයේ උද්ගතව ඇති නවතම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇත.

හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා මුදා ගැනීමේ සාකච්ඡා සාර්ථකත්වය වෙත රැගෙන යාම එක්සත් ජනපද අපේක්ෂාවයි. එහෙත්, ඒ අතරින් මේ වන විට  ඉතිරිව ඇත්තේ පරණ ඇපකරුවන් 20ක් පමණකැයි විශ්වාස කෙරේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/14/2025

මුලාශ්‍රය ;
Israel intensifies Gaza City bombing as Rubio arrives

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්