leader s

යුක්රේන සන්නද්ධ හමුදාවන්ට අයත් ජංගම ගුවන් ආරක්ෂක ඒකකයක සෙබළුන්, යුක්රේනයේ කාර්කිව් කලාපයේ දී - 2025 ජූලි 16 [File: Sofiia Gatilova/Reuters]

 

යුක්‍රේනය, ඊයේ (14) රුසියාවේ සුවිසල් තෙල් පිරිපහදුවක් වෙත දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළේය.


අවම වශයෙන් ඩ්‍රෝන යානා  361ක් උපයෝගි කර ගනිමින් එම ප්‍රහාරය දියත් කෙරිණි. ප්‍රහාරයෙන් කිසිවකුත් තුවාළ ලබා නැතැයි, රුසියාව කියයි.

මීට පෙර, රුසියාව විසින් යුක්‍රේනය ඉලක්ක කර දියත් කළ ඩ්‍රෝන ප්‍රහාරයක් පෝලන්තයට ඉහළ අහසේදී, එරට විසින් විනාශ කෙරිණි.

රුසියාව, ලොව දෙවන විශාලතම තෙල් අපනයනකරුවා වේ.

රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීමෙන්, යුක්‍රේන ඩ්‍රෝන සියල්ල විනාශ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ඊට, එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඉලක්ක හඹායන බෝම්බ දෙකක් සහ හිමාර්ස් (HIMARS) මිසයිලයක් ද ඇතුලත් බව රුසියාව කියයි.

එහෙත්, රුසියානු තෙල් පිරිපහදුව වෙත එල්ල කළ ප්‍රහාරය සාර්ථක බව යුක්‍රේනය පවසයි.

ප්‍රහාරයට ලක්වූ රුසියාවේ කිරිෂි  (Kirishi) පිරිපහදුව, වසරකට මෙට්‍රික් ටොන් මිලියන 17.7ක තෙල් පිරිපහදු කරයි. එය, දිනකට රුසියානු බොර තෙල් බැරල  355,000 ක ප්‍රමාණයකි. එනම්, එරට බොරතෙල් නිෂ්පාදනයේ සමස්ත ප්‍රතිශතයෙන් 6.4%කි.

 



ඊයේ (14), බැරන්ට්ස් (Barents) මුහුදේ පිහිටි ඉලක්කයක්  වෙත සර්කොන් (Zircon) හයිපර්සොනික් කෘස් මිසයිලයක් එල්ල කළ බව රුසියාව කියයි. බෙලරුස් (Belarus) රාජ්‍යය හා සිදු කෙරෙන ඒකාබද්ධ හමුදා අභ්‍යාසවලදී, සුකොයි සු -34 (Sukoi Su-34) ප්‍රහාරක සුපර්සොනික් ගුවන් යානා යොදා ගනිමින් නිශ්චිත ඉලක්ක වෙත පහර දුන් බවද රුසියාව පවසයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය ;

Ukraine attacks major Russian refinery with big drone assault

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්