leader s

චීනයේ වාර්ෂික ආරක්ෂක සංසදය ලබන බදාදා (17) පැවැත්වේ.


බෙයිජිං (Beijing ) අගනුවර පැවැත්වෙන එම තෙදින සංසදයට රටවල් 100ක් නියෝජනය කරමින් 1800කට අධික ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය. විදෙස් රාජ්‍ය හා හමුදා නිලධාරීන් සහ ආරක්ෂක විශේෂඥයින් ද ඊට ඇතුළත්ය.

ජනපති ෂී ජින්පින් (Xi Jinping) ගේ 'ජාත්‍යන්තර පිළිවෙත පිළිබඳ දැක්ම' තේමා කොට මෙවර සංසදය පැවැත්වේ.  එකාධිපතිත්ත්වය සහ බල දේශපාලනයට එරෙහි ඒකාග්‍රතාව අරමුණු කොට, මෙම මස මුලදී චීන ජනපතිවරයා විසින් එය එළි දැක්විණි.

චීනයේ නැගී එන හමුදා නවීකරණ සියැසින් දැකබලා ගැනීමට විශේෂයෙන්, මෙවර සංසදයට සහභාගිවන බටහිර රටවලට හැකිවනු ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි. ලොව විශාලතම හමුදා බලකාය චීනය සතුවේ.

 

ANNIVERSARY CHINA
චීනයේ නිෂ්පාදිත ඇතැම් නවීන යුද අවි පද්ධති ආශ්‍රිත තාක්ෂණය පිලිබඳ දැනුම් හුවමාරුවට මෙම සංසදය, ඊට සහභාගිවන්නන්ට ඉතා වැදගත් වනු ඇතැයි,  විශේෂඥයෝ පෙන්වාදෙති.

ඉකුත් 03 දා එරට පැවති අනුස්මරණ හමුදා සංදර්ශනයේදී, චීනයේ නිෂ්පාදිත නවීන ගිනි අවි රැසක් ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරිණි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/15/2025

මුලාශ්‍රය :

China set to open security forum amid regional tensions
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්