ඊශ්‍රායල හමුදා ඊයේ (15) ගාසා නගරය අත්පත් කර ගැනීමේ භූමි ප්‍රහාර ආරම්භ කළේය.
ඊශ්‍රායල රාජ්‍ය නිලධාරීන් විසින් ඒ බව තහවුරු කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, පසු ගිය මස, සිය හමුදා නායකයින් අමතා, ගාසා නගරය අත්පත් කර ගැනීමේ නියෝග නිකුත් කළේය. එම නගරය හමාස් සංවිධානය සතු අවසන් සහ ප්‍රධාන බලකොටුව වේ.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් නගරයේ, ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සමූහ අවතැන්වීමට ලක්ව සිටින අතර, දැඩි අහාර සහ පානීය ජල හිඟයකට ද මුහුණ පා සිටිති. ඉකුත් මස අවසන් වන විට, ගාසා නගර මාධ්‍යයට ආසන්නයේ, මිලියනයකට අධික ජනගහනයක් වාසය කළ බව, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ගාසා නගරය ගිනි ගෙන දැවෙමින් ඇතැයි, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කැට්ස් (Israel Katz) එක්ස් (X) පණිවුඩයක සඳහන් කරයි. ඊශ්‍රායල හමුදා අයෝමය හස්තයකින් ත්‍රස්තයින්ගේ යටිතළ පහසුකම් ඉලක්ක සුණු විසුණු කරමින් පහර පිට පහර එල්ල කරමින් සිටින බව, ඔහු පවසයි.
හමාස් භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සහ හමාස් මුලිනුපුටා දැමීමේ අරමුණින්, ඊශ්‍රායල හමුදා අභීත ලෙස රණ බිම සංග්‍රාම දක්වන බව කැට්ස් කියා සිටී.
මේ වන විට, ගාසා තීරයේ 75%ක භූමි බලය ඊශ්‍රායලය සතුය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/16/2025
මුලාශ්‍රය :
Israeli military launches ground offensive to occupy Gaza City, Axios reports







