leader s

මෙම සති අන්තයේ පලස්තීනය නිල වශයෙන් පිළිගන්නා බවට නිවේදනයක් නිකුත් කරන බව බ්‍රිතාන්‍යය පවසයි.  


එයට උරණ වූ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ( Donald Trump), බ්‍රිතාන්‍යයේ සිය දෙවන නිල සංචාරය අවසන් කොට සිය රට බලා පිටත් විය.

ඊශ්‍රායලය, ගාසා තීරයේ සිදු කරන සැහැසි කම් නොනවත්වන්නේ නම්, ඊට එරෙහිව ක්‍රියාත්මක වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කෙයිර් ස්ටාර්මර් (Keir Starmer), පසු ගිය ජුලි මස අනතුරු අඟවා සිටියේය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර වහා සටන් විරාමයක් ඇරඹිය යුතු බව ඔහු දැනුම් දුන්නේය.

ප්‍රංශය, කැනඩාව, ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීම, හමාස් සංවිධානයට උඩ ගෙඩි දීමක් බව ඊශ්‍රායලය ප්‍රකාශ  කරයි.

ජනපති ට්‍රම්ප් බ්‍රිතාන්‍ය නිල සංචාරය අවසන් කර රටින් පිටවීමත් සමග අද (18), බ්‍රිතාන්‍ය රජය, සිය නව තීරණය පිලිබඳ නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව  'ද ටයිම්ස්' (The Times) පුවත් පත කියා සිටී.

බ්‍රිතාන්‍යය මේ සම්බන්ධයෙන් කුමන තීරණයක් ගත්තද, තමාට ඉන්  ඵලක් නොවන බවත්, එනමුත්, එවැනි අපක්ෂපාතී තීරණ ගන්නා එක්සත් ජනපද හිතවාදී ඕනෑම යුරෝපීය රටක් වෙත සිය දැඩි අප්‍රසාදය පල කරන බවත්, ජනපති ට්‍රම්ප් පැවසීය.

බ්‍රිතාන්‍යයේ වාමාංශික කම්කරු පාක්ෂිකයින් ඊශ්‍රායලයට එරෙහි දැඩි මතයක පිහිටා කටයුතු කරමින් සිටී. අග්‍රාමාත්‍ය ස්ටාර්මර් ට ද එහි බලපෑමට නතුව කටයුතු කිරීමට සිදුව තිබේ.

trumpojfodifhd
ඊශ්‍රායලය, ගාසා තීරයේ  සිය අමානුෂික මිනිස් සංහාර නතර නොකරන්නේ නම්, මීළඟ, එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩල සැසිවාරයේදී බ්‍රිතාන්‍යය විසින්, පලස්තීනය නිල වශයෙන් පිළිගන්නා බවට එම ප්‍රකාශය නිකුත් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/18/2025

මුලාශ්‍රය :

Britain will recognise Palestinian state this weekend, Times reports

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්