ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ මිනිස් සංහාරය සිදු කර ඇති අන්දම අති බිහිසුණුය.
එය, මෙලොව එළිය දුටු ගාසා ළදරුවන්, ළමා, තරුණ, වැඩිහිටි ස්ත්‍රී පුරුෂයින්ගේ සිට නූපන් බිලිඳා තෙක් එල්ල කර ඇති, වචනයෙන් විස්තර කළ නොහෙනාකාරයේ අපරාධයකි.
පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ (UN) විමර්ශන කොමිසමකදී, ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ දරු ඵල සායනයක් විනාශ කිරීම පිලිබඳ පරීක්ෂණයක් සිදු කෙරුණ ද, ඉන් තමා ඇතුළු කිසිවකුට කිසිදා සාධාරණයක් ලැබෙනු ඇති බවට විශ්වාසයක් නැතැයි, නව්ජා අබු හමාදා ( Najwa Abu Hamada ) පවසන්නීය. ඉතිරිව ඇත්තේ, ඒ පිලිබඳ යළි යළි මතකයට නැගෙන හද පාරණ මතක සටහන් පමණකැයි ඇය කියා සිටී.

නව්ජා, දෙවන දරුවකු අපේක්ෂාවෙන්, කළල වර්ධනය පිණිස තම කළල බිජු තැන්පත් කර තිබූ ගාසා අල්-බස්මා ( Al-Basma) දරු ඵල මධ්‍යස්ථානය, 2023 වසරේ සිදු කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ විය. උතුම් මව් පදවිය අපේක්ෂාවෙන්,එහි ජීවය තැන්පත් කළ ඇය වැනි තරුණ පලස්තීන කාන්තාවන් රැසකට ද, එම අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදු විය.
ඊශ්‍රායලයට එරෙහි හඬ අවදි කිරීමට තබා ඒ පිලිබඳ සිතීමට හෝ අපොහොසත් ඒ සියලු දෙනා, එක්සත් ජාතීන්ගේ කොමිසම් පමණක් නොව, අන් සියලු ජාත්‍යන්තර මැදිහත්වීම් හමුවේද අන්ත අසරණව පසුවෙති.
ගාසා තීරයෙන් පලා ඒමට සමත් වූ නව්ජා දැන් වෙසෙන්නේ කටාර් රජ්‍යයේය. ගාසා තීරයේ ඊශ්‍රායලය හමුදා දියත් කර ඇති මිනිස් සංහාරය, පිරිමින්, ළමුන් සහ කාන්තාවන් මතු නොව, නූපන් ළදරු කළලය ද ඉලක්ක කර ඇතැයි, ඇය කියන්නීය. "මට මගේ එකම බලාපොරොත්තුව අහිමි වුණා," යි, ඇය මහත් වේදනාවෙන් පවසයි.
මාතෘ සරු බව පිලිබඳ කළල වර්ධන ක්‍රමවේද අනුගමනයෙන් නව්දාට සිය කුළුඳුල් දරු උපත හිමි වූයේ ද ගාසා තීරයේදීය. මේ වන විට, 49 හවිරිදි ඇය දෙවන දරුවකු වෙනුවෙන් සිය බලාපොරාත්තු තවමත් අහිමි කරගෙන නැතැයි, කියා සිටී.

"අපි මෙහෙ වෛද්‍යවරු හමුවුණා. ඒ අය නම් කියන්නේ, බලාපොරොත්තු නැති කරගන්න එපා කියලා," නව්ජා කියා සිටී. එහෙත්, ඇය ඒ පිලිබඳ දෙගිඩියාවෙන් පසුවන්නීය.
ගාසා අල්-බස්මා (Al Basma) දරු ඵල මධ්‍යස්ථානය ප්‍රහාර මගින් විනාශ කිරීම, එහි පලස්තීන ජනවාර්ගික වන්ද්‍යකරණය ඉලක්ක කර ඊශ්‍රායල හමුදා හිතා මතා සිදු කළ අපරාධ ක්‍රියාවක් බව එක්සත් ජාතීන්ගේ කොමිසම විසින් තීරණය කර තිබේ. එය 1948 එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව, භීෂණය යටතේ එන මානව සංහාරය පිලිබඳ පස් වැදෑරුම් අපරාධ ක්‍රියා අතුරින් එකකි.
ඊශ්‍රායල පාබල හමුදා යුද ටැංකියකින් එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක්, දරු ඵල මධ්‍යස්ථානය මත ඉඳුරා පතිත වූ අතර ඉන් එහි දියර නයිට්‍රජන් ටැංකි පහම පුපුරා විනාශ විය. එසේ විනාශ වූයේ භෞතික යටිතල පහසුකමක් පමණක් නොව, අනාගත පලස්තීන ජීවය යැයි, එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමේ ඒ පිලිබඳ වාර්තාව පෙන්වා දෙයි.
ඊශ්‍රායලය එම අපරාධ ක්‍රියාව සිදු කළ බවට මෙතෙක් කිසිදු සහතිකයක් ලබා දී නැත. ගාසා යුද ක්‍රියාන්විතවලදී හිතා මතා සිවිල් පුරවැසියන් සහ ඔවුන්ට අයත් සායන වැනි වෛද්‍ය මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් නැගෙන චෝදනා, ඊශ්‍රායල හමුදා තරයේ ප්‍රතික්ෂේප කරති. 2023, ඔක්තෝබර 07 දා ඊශ්‍රායල භූමියේ සිදු කළ ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු වශයෙන්, එම ත්‍රස්ත සංවිධානය මුලිනුපුටා දැමීමේ පරම චේතනාවෙන්ම ගාසා යුද්ධය ක්‍රියාත්මක කළ බව ඔවුහු ප්‍රකාශ කරති.
ඊයේ (17), ඒ පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කළ ඊශ්‍රායල හමුදා ප්‍රධානියෙක්, නිත්‍ය වශයෙන් ඊශ්‍රායල වැසියන් ඉලක්ක කර සිදු කළ එම හමාස් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස, සියලු ජාත්‍යන්තර නීතිවලට යටත්ව, සිවිල් ඉලක්ක මග හැරීම වෙනුවෙන් වන සෑම ආරක්‍ෂිත පියවරක්ම අනුගමනය කරමින්, සිය හමුදා ගාසා යුද ක්‍රියාන්විත ඉදිරියටම කරගෙන යන බව ප්‍රකාශ කළේය.
ඊශ්‍රායල හමුදා මානව සංහාරයක් සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමේ නිගමනය කුමන්ත්‍රණකාරී, අසත්‍ය හා වෛරීසහගත එකක් බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ඩැනියෙල් මෙරන් (Daniel Meron) කියයි. ඒ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කොමිසම් වාර්තාව නින්දිත එකකැයි, ඔහු කියා සිටී.
පිටු 72කින් යුත් එම වාර්තාව, දෙවසරකට ඉහත ගාසා යුද්ධය ඇරඹි තැන් සිට මේ දක්වා, ඊශ්‍රායල හමුදා විසින් එහි සිදු කර ඇති අමානුෂික ජන සංහාරය පිලිබඳ මෙතෙක් අනාවරණය කෙරුණු ප්‍රබලතම ජාත්‍යන්තර සාක්ෂියයි.
හමාස් ත්‍රස්තයින්, ගාසා තීරයේ වෛද්‍ය මධ්‍යස්ථාන සහ ආශ්‍රිත යටිතල පහසුකම් තුළ රැඳෙමින්, ප්‍රහාර එල්ල කරන බව, ඊශ්‍රායල හමුදා චෝදනා කරති. එහෙත්, හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ගාසා තීරයේ වෙනත් දරු ඵල මධ්‍යස්ථානයක කළල පෝෂණය මගින් බිහි කළ නව්දාගේ කුළුඳුල් දරුවා පුත්‍රයෙක් වූ අතර ඔහු නමින් ඛලීල් (Khalil) ය. 2022 වසරේ ඊශ්‍රායලය සහ ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ සංවිධානය අතර හටගත් ගැටුමකින් ඔහු මරුමුවට පත් විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 17කි.

"මට පුතා ලැබුණේ බැඳලා අවුරුදු 12කට පස්සේ. ඒ වෙනුවෙන් කළල බද්ධ ශල්‍යකර්ම පහක් කරන්න සිද්ධ වුණා. මගේ සිහිනය වුණේ, ඔහු කසාද බැඳලා දරුවන් ලැබ සිටිනු දැකීමයි. ඒත්, තරුණ විය පසුකරන්නත් කලින්ම මට පුතා නැති වුණා," ඇය සිය වේදනාබර මුල් අතීත මතකය අවදි කළාය.
"මුළු ලෝකයම බලා සිටිනවා පමණයි. මේ අපරාධ ගැන ඔවුන් කිසිවක් කරන්නේ නැති බව නම් සහතිකයි" නව්දා කියා සිටී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it. )
9/18/2025
මුලාශ්‍රය :
Gaza woman recalls broken dream after UN inquiry calls attack on IVF clinic genocide
(
9/18/2025
මුලාශ්‍රය :
Gaza woman recalls broken dream after UN inquiry calls attack on IVF clinic genocide