leader s

ඊශ්‍රායල හමුදා ගාසා නගරයේ සහ තදාසන්න පෙදෙස් හි හමුදා ක්‍රියාන්විත තව දුරටත් දැඩි කර තිබේ.


ඊයේ (20) දිනයේද, අවට ප්‍රදේශ ඔවුන්ගේ අඛණ්ඩ ප්‍රහාරවලට ගොදුරු විය.

නගරයේ සහ ඒ අවට භූගත බංකර සහ නිවාස ඇතුළු මහල් ගොඩනැගිලි රැසක් ඊශ්‍රායල හමුදා විසින් විනාශ කෙරිණි. ඊයේ දිනයේ පමණක් පලස්තීනුවන් 60 දෙනකුවත් ඝාතනය වූ බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඕස්ට්‍රේලියාව, බෙල්ජියම, බ්‍රිතාන්‍යය සහ කැනඩාව ඇතුළු රටවල් 10ක්, පලස්තීනය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානම්ව සිටිති. අනිද්දා (23) ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල හමුවට සමගාමීව ඒ බව, හෙට (22)  නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතය.

 



ගාසා නගරයේ නැගෙනහිර තදාසන්න පෙදෙස් දැන්, ඊශ්‍රායල හමුදා යටතේ පවතී. අවම වශයෙන්, ගාසා නගරයේ මහල් ඉදිකිරීම් 20ක් වත් සිය හමුදා ක්‍රියාන්විත මගින් විනාශ කර දැමූ බව ඔවුහු පවසති. 500,000 පිරිසක් මේ වන විටත්, නගරය අතැර පලා ගොස් ඇතැයි ඊශ්‍රායල මාධ්‍ය කියා සිටී.

තවමත් ගාසා නගරයේ පාලන බලය තමන් සතු බව පසන හමාස් සන්නද්ධ සංවිධානය, එම තොරතුරු ප්‍රතික්ෂේප කරයි. දැනටමත් 300,000 ක පමණ පිරිසක් නගරය අතහැර පලා ගොස්, තවත් 900,000 ක පමණ පිරිසක් එහි රැඳී සිටින බව ඔවුහු පවසති. නගරයේ රැඳී සිටින්නන් අතර ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද වන බව එම සංවිධානය කියයි.  

htuu

 

ගාසා නගරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාන්විත හේතුවෙන් ප්‍රාණ ඇප කරුවන් අනතුරට පත් විය හැකි බව හමාස් සන්නද්ධ අංශ නායකයා අනතුරු අඟවයි. ඉතිරි ප්‍රාණ ඇපකරුවන් දැක්වෙන ඡායාරූපයක් සහිත විශේෂ පණිවුඩයක් මගින් ඊයේ, ඔහු ඒ බව දන්වා සිටියේය. හමාස් සංවිධානය භාරයේ පසුවන ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 48 දෙනා අතුරින් 20 දෙනකු හමාස් භාරයේ තවමත් ජීවතුන් අතර සිටින බව ඊශ්‍රායල හමුදා පවසති.

(සටහන | Reuters සහ Aljazeera  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
9/21/2025

මුලාශ්‍රය :

Israel presses on with Gaza City assault, at least 60 Palestinians killed

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්